
(ඉන්දිකා රාමනායක)
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව දින තුනක නිල සංචාරයක් සඳහා අද (13) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම උදෙසා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමටද නියමිතව ඇත.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ෆ්රි ගේට් වර්ගයේ යුද නෞකාවක් වන ිදිගින් මීටර් 143 ක් හා නැව් මුළුව 390 ක ගෙන් සමත්විත වන අතරල එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම්එම් තෝමස් මහතා කටයුතු කරනු ලබයි.
මෙම නෞකාව ලබන 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතරල නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්රීව ලංකා නාවික හමුදාව සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී ඒකාබද්ධ නාවික අභ්යාටසයක නිරත වීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය යුද්ධය නෞකාවක් කිව්වට ඔත්තු බලන එකක් වෙන්න පුළුවන්. එය රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම චීනය වගේ කළාපීය රටවලට ද තර්ජනයක් විය හැක. ගෝඨාභය ගියාට පස්සේ මේ රට හැමෝගෙම කෙළිබිමක් උනා.