‘‘පූජා’’ ලාංකීය සිනමාවේ ජනප‍්‍රියම නිළිය සම්මානය ලැබීම ගැන ඔබට හැඟෙන්නෙ මොන විදියට ද?
පුදුමාකාර සතුටක්. වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ සතුටක්.
|
|
|
මෙවැනි සම්මානයක් ලැබේවි කියන සිතිවිල්ල ඔබට තිබුණද?
කොහෙත්ම නැහැ. ඒත් සමහර වෙලාවට ඉන්දියානු නිළිය කියන දේ කියද්දි මට පුංචි දුකක් තිබුණෙ. ඒ අනුව බලද්දි ඉතින් මේ සම්මානය විශාල අවස්ථාවක්.
ඉන්දියාවේ දී ඔබ විවිධ සම්මාන ලබා තිබුණත්, විවිධ සම්මාන සඳහා නාම යෝජනා වුණත්, ජනප‍්‍රියම කියන සම්මානය ලැබුණෙ ලංකාවේදියි. එය විශේෂිත දුර්ලභ දෙයක් නේද?
ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. නමුත් මම උපන්නෙ මෙහිදීයි. තමන් උපන්න රටේදී ලැබෙන සම්මානය ඕනෑම කලාකරුවෙකුට අතිශයින්ම වටිනා දෙයක්.
එදා සම්මානය සඳහා ඔබගෙ නම ප‍්‍රකාශ කරද්දී ඇති වුණේ මොනවගේ හැඟීමක්ද?
කුසපබා වාර්තාගත සම්මාන රැසක් ඒ වන විටත් ලබා තිබුණා. ඉතින් ඒ ගැන කොහොමටත් සතුටින් හිටියෙ. මොකද ‘කුසපබා’ ට සම්මාන ලැබීම අපි කවුරුත් ලැබූ සම්මාන වගෙයි. අපේ කුසපබා පවුල දිනලා ඉවරයි. ඒ නිසා මම මා ගැන හිතුවෙ නැහැ. නමුත් නම යෝජනා වී තිබුණාම ඒක සිහිනයක් ද කියලත් මට හිතුනා.
දැන් ඒ සිහිනය යථාර්ථයක් වී තිබීම ඔබට දැනෙන්නෙ කොහොමද?
තවමත් මම සුරංගනා ලොවක වළාකුළු අතරේ පාවී යනවා වගේ දැනෙන්නෙ. දැන් මම ඉක්මණටම ආයෙත් පොළවෙ පය තබන්න ඕනෑ. එච්චරටම මට සතුටුයි.
සිනමාලෝලීන්ට මොනවද කියන්න හිතුණෙ?
තෑන්ක් යූ කියන එක විතරක් කියලා මදි. මට වචනයෙන් විතරක් ඒ අයට ස්තූති කරන්න බැහැ. ඔවුනට මම හදවතින්ම ආදරෙයි, ආදරෙයි, ආදරෙයි...
මේ සම්මානය ලබන වෙලාවේ ඔබට එක්වර මතකයට ආවේ කවුද?
කතා දෙකක් නැහැ, ඒ මගේ අම්මාවයි. අංජලිකා චිත‍්‍රපටය සඳහා මාව තෝරාගෙන සිටියදී, මම එහි රඟපාන්න බැහැ කියද්දී, අම්මා තමයි කිව්වෙ පූජා ඔයා උපන්නෙ ලංකාවේ, ඔයා එහෙට මොනවා හරි කරන්න ඕනෑ කියලයි. ඒ නිසා උපන් රටට වැඩක් කරන්න වෙලාවක් නැහැ කියන්න එපා කීවා. ඒත් මම ඒක ගණන් ගත්තෙ නැහැ. පස්සෙ සීයා කෝල් කරලා, චූටි දු අංජලිකා හරිම ලස්සනයි, මම පිටපත කියෙව්වා, ඔයා කරන්න කීවා. සීයා පව්නෙ කියලා හිතාගෙන මම එය කළා. අම්මාට ලොකු විශ්වාසයක් තිබුණා. අම්මාට මගේ ගෞරවය, ආදරය, සෙනෙහස එක්ක මේ සම්මානය එයාගෙ අතට දුන්නා.
මේ ජනප‍්‍රිය සම්මානය ලැබූ විගස මුලින්ම සුබ පැතුවෙ කවුද?
ඒ වෙලාවෙ මගේ ඉස්සරහ හිටියෙ සුනිල් සර්, සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යුවළයි. එයාලා මට සුබ පැතුවා.
ලංකාවේ අනෙකුත් රංග ශිල්පිනියන් ගෙන් ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?
ඒ වෙලාවෙ කුසපබා වෙනුවෙන් සම්මාන ලබා ගැනීමට වීණා අක්කා වේදිකාවේ හිටියා. ඇයගෙන් මුලින්ම සුබ පැතුම් ලැබුණා. ඊට පස්සෙ නිල්මිණි අක්කි ඇවිත් සුබ පැතුවා. මගේ ආසනය අසල සිටි යශෝධා අක්කත් සුබ පැතුවා. ඊට පස්සෙ උළෙල අවසන ගොඩක් අය සුබ පැතුවා.
මේ එක්කම ලංකාව ගැන ඔබට හැඟෙන දේ මොන වගේද?
මම හැමදාම ලංකාවට ආදරෙයිනෙ. පාස්පෝට් එකේ වැඩිපුර බැලූවොත් ලෝකයේ බොහෝ රටවලට ගිහින් තිබුණත් වැඩිපුර ගිහින් තියෙන්නෙ මගේ උපන් රට ලංකාවටයි. මම ලංකාවේ පදිංචි වෙනවා කියලත් කියලා තියෙනවා. දැන් ඒක යථාර්ථයක් කරලා ඉවරයි.
පසුගිය දිනවල ආරංචි වුණේ ඉන්දියාවේ දී ඔබ විවාහ වෙලා කියලයි. ඒක බොරුවක් ද?
|
|
ඉන්දියාවේ සමහර මාධ්‍යවල ඒ විදියට පලවෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, මට දරුවන් දෙදෙනෙක් ඉන්න බවත් සඳහන් වෙලා තිබුණා. ඒවා ඉතින් කටකතා සහ ඕපාදුප විතරයි. මං ඒවාට පුදුම නොවුණේ ඉන්දියාවේ දී ඒ වගේ දේවල් සාමාන්‍ය දේ නිසයි. කොහොම වුණත් කෙනෙකුගේ චරිතයට හානි නොවන දේ සිදු වෙනවා නම් හොඳයි. දමිළ තිරයේ ප‍්‍රකට නළුවකු සමග විවාහ වෙන්න යනවා කියලත්, මෙහේ රොෂාන් එක්ක විවාහ වෙන්න යනවා කියලත් තිබුණා. කොහොම වුණත් මගේ චරිතයට හානි වන දේ කරනවා නම්, මම කට පියාගෙන ඉන්නෙ නම් නැහැ.
ජනප‍්‍රිය නිළියගෙන් පසුව දක්‍ෂතම නිළිය වීමට අදහසකුත් තියෙනවද?
සහතිකෙන්ම ඒක සිහිනයක්.
ඔබට මෙහි තරගකාරිත්වයක් තියෙනවද? මම අහන්නෙ අනෙකුත් නිළියන් සමග?
මට තරගය තියෙන්නෙ මා එක්ක විතරයි. කරන දේ වෙනුවෙන් සියයට සීයක් නෙවෙයි, සියයට දාහක් කැපවීම මාගේ පුරුද්දයි. මම මා එක්කයි තරග කරන්නෙ.
ඉදිරියේ දී ඔබව දැකගත හැකි නිර්මාණ මොනවාද?
දමිළ නිර්මාණයක රඟපෑවා. එය ඉදිරියේ දී තිරගත වේවි. ඊට ශ්‍රී ලංකා රසිකයින්ගෙන් විශාල ප‍්‍රතිචාර ලැබේවි. තවත් හරි ලස්සන චිත‍්‍රපටයක්.
දැන් හොඳට සිංහල සිංදු කියන්නත් පුළුවන්ලූ නේද?
‘‘පියාඹන්න ආසයි ඔබ හා මා’’
කුසපබා දෙබසකුත් කියමු නේද?
‘‘ඔයා මට හැමදාම බොරු කළා වංචා කළා, මුළු කසාවතී පුරයෙම... හැම තැනම පේ‍්‍රතයෝ - කුම්භාණ්ඩයෝ...’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මාන ලැබී ඇත්තේ හැකියාවටයි. නැතුව ජාතියකට හෝ ආගමකට නොවේ.හැබයි එම සම්මාන උළෙලනම් බොහොම දිගයි, එක වෙලාවකට, බොහොම කම්මැලියෙන් තමයි නැරබුවේ.(අ)
කොහොම උනත් ඔබ විශිෂ්ට නිලියක් (දී)
ඇත්තටම දුකයිද (දිල්)
ලස්සනයි (නි)
ඉතා උසස් ඔබ (නි)
පුජා නියම ලස්සන ළමයෙක්. මම ඇගේ කුෂ පබා බැලුවා. එය නියමයි. අපි ඔබට ආදරෙයි පුජා.(නදී)
ඇය හරිම දක්ෂ නිළියක් අපි කැමැති පූජා. (අ)
පිටරටින් එන ඕනෑම දෙයක් ඉස්මුදුනින් පිළිගැනීමට සිංහලයා දක්ෂයෙකි. (නි)
ආදරය කරන්න මේ වගේ ලසන්න කෙල්ලෙක් ලැබෙනවා නම් මොනතරම් දෙයක්ද ඔයාට සුභ පැතුම් (දිල්)
මගෙත් ප්‍රියතම නිළිය ඔබ. (අ)
ලංකාවේ මෙහෙම නිලියක් ඉන්නවා කියල කවුරුවත් දන්නා නැනේ. ඒ නිසා වෙන්න ඇති ඉන්දියන් නිලියක් කියන්න ඇත්තේ. තව ටිකක් කල් යනකොට ඕව හරියයි.
කුමාරි අක්කේ, ඔයාට බැරිද මං වෙනුවෙන් කතාකරලා බලන්න? අනේ පින් සිද්ධ වෙයි. (නි)
ඔබ ගොඩක් සුන්දරයි ඒ වගේම නිහතමානි (අ)
ලස්සනයි දක්ෂයි ඔයා. (ස)
සුන්දරයි (නි)
ඔබ දැන් අපේ කෙනෙක් වෙලා ඉවරයි. (ස)
ඇය තරම් නිහතමානී නිලියක් මට කිසිදිනක හමු වී නොමැත. ඇය යන යන තැන කිරි උතුරන්නා සේ ප්‍රීතියෙන් පිරී ඉතිරේ. ඔබ වැනි දුවක්,සොයුරියක්,පෙම්වතියක්,බිරිදක්,මවක් ලබන කවුරුන් හෝ පින් කල යුතුය. කාන්තාවක් වශයෙන් මමද ඉපදෙන ආත්ම වල ඔබ වැනි ලදක් වීමට පතමි., ඔබට සදා ජය! (නදී)
පුජා, ඔයා මම එයාපෝර්ට් එකේදී දැක්කා. ඔයා කිසිම මේකප් එකක් දමලා තිබුනේ නැහැ. හරිම ලස්සන කෙනෙක්. ඔයාට මගේ උණුසුම් සුබ පැතුම්! ඔබ දැන් අපේ කෙනෙක්. උපන් බිමට ගරුකරන ඔබට ජය නියතයි කුස පබාවතියම වගේ ලස්සන වෙලා (නි)
ලංකාවේ නිළියන්ට දොස් කියන අයට පුආ දවසක පිළිතුරු දෙයි (නි)
කවදාහරි ඉන්දියාවට යි, ලංකාවේ නිළියන්ව ගණන් නොගන්නා අයටයි පාඩමක් උගන්නාවි (නි)
ඇත්තටම මමත් ගොඩක් කැමතියි මිස් පුජාට. ඇය ගොඩක් ලස්සන කෙනෙක් (නි)
ඔබට සුභ පැතුම්. සැබැවින්ම ඔබ දක්ෂ නිළියක්. හොඳම නිළිය ලෙස සම්මාන ලබන්නත් ඔබට වාසනාව ලැබේවා! (නි)
ෆස්රුල් ගෆූර්, කටාර්, ඔයා යෝජනාවක් කරලා බලන්න. පූජාට මේ දිනවල මනාලයෝ හොයනවලු (නි)
ලජ්ජා නැද්ද (දී)
හදවතින්ම ඔබ කතාකරනු ඇසීම සතුටක්. ඔබ අපේම කෙනෙක්. ඔබට අපේ සුභ පැතුම්! (නි)
පුජා ඔයාට මේ සම්මානය ලැබෙන්න තිබුනේ ගොඩක් කලින්. මම, මගේ බිරිඳ ඇතුළු පුලේ හැමෝම ඔයට ගොඩක් ආදරෙයි , අපි හැමෝම ඔයාට සුබ පතනවා, ඔය අපේ රටේ සිනමාවට තව ගොඩක් වැඩ කරන්න. අපේ මේ ලස්සන රටේ නිදහසින් ජිවත් වෙන්න. බුදු සරණ යි (දී)
ඇත්තටම ආඩම්බර වෙනවා ඔබ ගැන. ඉන්දියානු නලු නිළියන්ට වහවැටිලා ඉන්න අපේ අයට ඔබ හොද පාඩමක් කියලා දුන්නේ. (නි)
ඇය රූමත්. නිළියක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ඔබට සුබ පැතුම්! (නි)
ඇත්තටම ඔයා ලස්සන නිහතමානි කෙනෙක්. ජයවේවා! (නි)
ඉන්දියානු ගති ලක්ෂණ තියෙන නිසා තමා මෙවැනි ශරීරය වෙසෙන ආකාරයේ ලස්සන ඇඳුමක් ඇඳලද ෆොටෝස් වලට පෙනී ඉඳල තියෙන්නේ මන් හිතන්නේ. අපේ නිලියක් එහෙම ඡායාරූප වලට හිටියනම් ඉතින් ඇඳුම් අන්දින්න්නේ ඉස්සරලම නිතඹ , පසුව පයෝදර ඊටත් පස්සේ කලාව ප්‍රෙදේශය වැඩි පුරම නිරාවරණය වෙන්න.(අ)
ලංකාවේ තමා එයාලව මෙහෙම තියාගෙන මිනිස්සු ලස්සනයි,සුන්දරයි ,පියකරුයි කියලා කියවන්නේ (නි)
ඔබට සුබ අනගතයක් පුජා. ඉදිරියට යන්න. (ස)
මගේ උණුසුම් සුබ පැතුම්! ඔබ දැන් අපේ කෙනෙක්. ඔබට දක්ෂතම නිළිය වීමට වාසනාව ලැබේවා! (නි)
මම ඇයට කැමතියි (නි)
නියමයි. ඔබට මගේ සුබ පැතුම්! (නි)
ඔයා කවුද ඉන්දියාවේ නිලියක් කිව්වේ. ඔයා අපේනේ. අපේ ලංකාවේ අම්මා කෙනෙක්ගේ දුවනේ ඔයා, අපේ ලංකාවේ නිහතමානී ලස්සන කෙනෙක්නෙ. (ස)
නියමයි (නි)
පබා, කුසාවතියම ලස්සන වෙලා. (ස)
ඔබ හොදයි (නි)
ඔයාට තියෙන්නේ සිංහල පෙනුමක්. එන්න අපේ රටට. (නි)
ලංකාවේ නිලියන් අතර ඔබ බොහොම ආදර්ශමත් කෙනෙක්. තමාගේ සංස්කෘතික වට පිටාව ගැන මනා අවබෝධයකින් තම භූමිකාව කරන ඔබගේ බුද්ධිමත් සහ අව්‍යාජ භාවය විවිධ සම්මුඛ සාකච්ඡා තුලින් අප දැක ඇත්තෙමු. ඔබට ශ්‍රී ලංකා සිනමාවේ දීර්ඝ කාලයක් වැජබීමට වාසනාව ලබේවා.(දිල්)
ෆස්රුල් ගෆූර් - කටාර්, මම කතා කරන්නම්.කපු ගාස්තුව කීයක් දෙනවද?? (ස)
ඔබ ලංකාවේ අනෙක් නිළියන්ට ආදර්ශයකි. ඔබ කිසිම තැනක නිලියක් උනාට කිසිම පින්තුරයක් තරුණ පරපුර නොමග යන විදියට පල කරන්න දෙන්නේ නැහැ. මේක ඉතාම දුර්ලභ දෙයක්. මොකද අද පත්තරවල පිටු පුරවන්නේ අදින ඇදුමට වඩා ශරීරය පෙනෙන හෝ අඩුම තරම විනිවිද පෙනෙන රුප රාමු. ඔබ තුල මා දකින විශිෂ්ටම දෙය පවසන වචනය එලෙසම ක්‍රියාවට නගන අව්‍යාජතත්වයයි. මම ඔබට ඊට ගරු කරමි. ඔබේ පැතුම එලෙසම ඉටුවේවා කියා ශුභ පතමි! (අ)
උපන් බිමට ගරුකරන ඔබට ජය නියතයි (නි)
ජාතිය පිය පාර්ශවයෙන් ලැබෙන නිසයි මව ඉන්දියාවේ පදිංචි වුණ නිසයි පූජා දෙමල කෙනෙක් වුණේ. චන්න පෙරේරා එයාව ගෙනාවට දැන් ඇය චිත්‍රපට වලට ගන්නේ වෙන අය. (නි)
පුජා අංජලිකා, යහළුවෝ චිත්‍රපට වලයි කුසපබා මුහුරත් උළෙලටයි ඔසරියත් ඇන්දා. හරි ලස්සනයි (නි)
කුමාරි අක්කේ - වැඩේ හරි ගිය නම් ඉල්ලන ගානක් දෙනවා. මෙතරම් වටිනා වස්තුවක් ලැබෙනවා නම් ඕනෙම වස්තුවක් දෙන්න සූදානම් (නදී)
ෆස්රුල් ගෆූර් - කටාර්, කපු ගාස්තු කීයක් දෙනවද? (නි)
පුජ,ඔබ ඉතිං කෙල්ලෙක් නිසා, ලස්සනයි, සම්පූර්ණ ලංකාවේ එකියෙක්නම්,බලන්න බැරිතරමට කැතැයි ,(අ)
ඔබ ගොඩක් ලස්සනයි.ඔබ විවාහ වන්නේ නැද්ද? (නි)
80 දශකයේ අග භාගයේ පාකිස්ථානයේ ජනප්‍රියම නිළිය ලංකාවේ සබීතා පෙරේරා කියල රාවයක් තිබුණා. ඉන්දියානු නිලියක් ලංකාවේ ජනප්‍රියම නිළිය වෙන එක පුදුමයක් නොවෙයිනේ . කොහොමටත් ඉන්දියානු නළු නිලියෝ (ශාරුක්, රිතික්, කරීනා ආදී) ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ලංකාවේ නලු නිලියන්ට වඩා ජනප්‍රියයිනේ. (ස)
ඔබට සුබ පැතුම්! (නි)
නියමයි! (නදී)
පුජා අක්කේ, ඔයාගේ චිත්‍රපටි නම් ගොඩක් ලස්සනයි. අංජලික එක නම් ගොඩක්ම ලස්සනයි. පුලුවන් නම් ලංකාවට එන්න (නි)
සුන්දරයි ඔබ (නි)
පුජා අක්කෙ ඔයාගෙ ෆිල්ම් නම් ගොඩක් ලස්සනයි. පුළුවන්නම් ලංකාවට එන්න. (ස)
පුජා, ඔයාගේ යාළුවන්ව නම් මම හදුනනවා (නි)