එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශවලට සහ ලක් රජයට වාසි වන අයුරින් ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට සහය පළ කිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අද(30) වාර්තා කළේය .
ශ‍්‍රී ලංකා රජය සුළුතර දෙමළ ජනතාව වෙනුවෙන් ගෙන ඇති ධනාත්මක පියවර සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් සාධනීය කි‍්‍රයාමාර්ග ඉන්දීය රජයේ මෙම තීරණයට හේතුවී ඇති බවයි එම පුවත්පත පෙන්වා දෙයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්දේශ පිළිබඳව ද ඉන්දීය රජයේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව, ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ අධිකරණයක් පිහිටුවීම වෙනුවට ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව සැදුම්ලත් අධිකරණයක් පිහිටවිය යුතු බවටයි ඉන්දියාව ද ප‍්‍රකාශ කර සිටින්නේ. එමෙන්ම, ශ‍්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරමින් එය සිදුවිය යුතු බව ද ඉන්දීය රජය විශ්වාසය පළ කරන බව එම පුවත්පත පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නාමල් කියවන්නේ නැතුව ඉන්න.මම කියන්නෙත් ඔය ටිකමයි. මහානාම කියන්නේ සම්පුර්ණ ඇත්ත. (නි)
සමහරු මැරිලා ඉපදිලා වගේ කතාකරන්නේ. මේවා අමතක කළයුතු දේවල් නෙමෙයි. හොඳට මතකයේ තබාගෙන එයාලත් සමග ගනුදෙනු කළයුතු තැන් මේවා (නි)
මෙලෙස සියළු රටවල් සමඟ සමගිව සිටීම හොඳයි (නි)
ශ්රී ලංකාව වගේ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් විදේශීය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී විශාල නම්‍යශීලිත්වයක් දැරිය යුතුයි. රටේ තරම ගැන නොව රටේ අභිමානය ගැන සිතා ඒ අභිමානය පළුදු නොවන අන්දමින් කලාපයේ මෙන්ම ජාත්‍යන්තර රාජතාන්ත්‍රික කටයුතු වලදීත් මේ මධ්‍යස්ථබව දිගටම රැකගත යුතුයි. ඇමෙරිකාව වැනි රටවල් ආර්ථික, සමාජ හා යුධමය වශයෙන් කොපමණ බලවත් වුවත් ලෝක ප්‍රජාවගේ හිත දිනාගන්න තවම අපොහොසත් වී සිටිනවා. ඒ තත්වය තේරුම්ගෙන එයින් මිදීමට ඔවුන් උත්සාහ කරනවා. රටේ බහුතරයේ ආගම හා සංස්කෘතිය ශ්‍රී ලංකාවට මධ්‍යස්ථව සිටීමට හොඳ පිටුවහලක් කරගන්න පුළුවන්. (නි)
දැන් අපේ රටත් සමග ලෝකයේ පිළිගත් රටවල් ගොඩක් මිත්‍රයි. ඉස්සර නම් ලිබියාවයි ඉරානෙයි විතරනේ හිටියේ. (ර)
ඉස්සර මිත්‍ර රටවල් අපේ රටේ ප්‍රශ්නය වලට ඇගිලි ගහන්න හෝ බල කරන්න ආවේ නැහැ. (ර)
කොයි රටත් උදවු කරාවී ඉල්ලන දේවල් ඉල්ලනවාට වඩා දෙනකොට . සීපා , පාලම , ඉන්ධන අධිකාරිය , ෆෙඩරල් මේ ඔක්කොම දුන්නාම තව උදවු කරයි .(ම)
කලබල වෙන්න එපා ...තාම අපි හරියටම මොනවද වෙන්නේ කියල දන්නේ නැහැනේ.(ම)
ඇත්ත කතාව ජනාධිපති තුමා හා අගමැති තුමා දේශපාලන අතදරුවෝ නොවේ , දේශපාලන කළල , මේ බව නොදැන පාට කන්නාඩි දමාගෙන රට ට , ජාතියට , විරෝධිව කතා කරන උදවිය නම් දේශපාල අතදරුවෝ . මොකද රට ට වෙන දේවල් පක්ෂ බේදයකින් තේරුම් ගත යුතුයි ප්‍රබුද්ද ශාක්ෂරතාවයක් තියෙන මිනිසුන් හැටියට.(අ)
නාමල් මහතා , පාවාදීම ට ඔබතුමා කියන්නේ නම්‍යශීලි වෙනවා කියලද ? මම නම් දැනගෙන තමා කතා කරන්නේ, ඔබතුමා නම් නොදන්නා බබෙක් වගේ, මට මතකයි මීට කලින් සංවාදෙත්, සීපා ගැන අර්ථවත් ලිපියක් මුලින්ම පල කලේ ලංකා දීපයයි. මීට මාස දෙක තුනකට කලින් , කරුණා කර එක කියවා ඔබතුමාගේ යල පැනපු මොලේ අප්ඩේට් කරගෙන වැදගත් ලෙස වැදගත් සංවාදයක අදහස් දාන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි , සීපා හොඳයි කියන්නේ ඉන්දියානුවන් , ඔබතුමා ඒ රටේ එක්කෙන්කේද ? මොකද මෙතැන් ඕනේ කෙනෙකුට ඕනෙම නම කින් අදහස් දන්නා පුළුවන් නේ . (ස)
ශ්රී ලංකාවට උදව් කිරීම විෂයෙහි ඉන්දියාව යෝජනා කර ඇති අදහස් අපට හිතකර බව පෙනේ. හුඹස් බිය පෙරදැරි කරගෙන ප්‍රශ්න අවුල් කරන්න එපා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා ලංකාව වෙන රටකට උගස් තියන්න තරම් දේශපාලන අත දරුවන් නෙවෙයි. යහ පාලන නායකයෝ ලෝකය දිනාගෙන අවසන්.(ම)
ශ්රී ලංකාවට උදව් කිරීම විෂයෙහි ඉන්දියාව යෝජනා කර ඇති අදහස් අපට හිතකර බව පෙනේ. හුඹස් බිය පෙරදැරි කරගෙන ප්‍රශ්න අවුල් කරන්න එපා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා ලංකාව වෙන රටකට උගස් තියන්න තරම් දේශපාලන අත දරුවන් නෙවෙයි. යහ පාලන නායකයෝ ලෝකය දිනාගෙන අවසන්.(හේ)
මහානාම දන්න දෙයක් කතා කරන්න... රාජ්‍යතාන්ත්‍රික වැඩ වලදී විශේෂයෙන්ම කුඩා, දුප්පත් රටවල් නම්‍යශීලී වියයුතුයි...සීපා ගිවිසුම යනු රටට අහිතකර දෙයක් නෙමේ.. කවුද ෆෙඩරල් දෙනවා කියලා තියෙන්නේ?(හේ)
අපි ලොකු ජයග්‍රහණයක් ලබලා තියෙන්නේ.මේ ගැන සතුටු විය යුතුයි.(හේ)