ඉන්දියා ගෘහ සේවිකාවන් සෞදි අරාබියට පැමිණෙන්නේ නම් සෞදි රියාල් 1200 (රුපියල් 41681.16) ක වැටුපක් ගෙවීමට තීරණය කර ඇති බව සෞදි අරාබියේ ජාතික රැකියා බදවා ගැනීමේ කමිටුව (රියාද්) සෞදි පුවත් පත් වලට අදහස් දක්වයි.
ඉන්දියා කාන්තාවන් මෙරට ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කරනුයේ ඉතා අතලොස්සකි.
එම පුවත් පත් සදහන් කරනුයේ නව සෞදි කම්කරු නීතිය අනුව ඉන්දියා කාන්තාවක් මෙරට ගෘහ සේවිකාවක් ලෙස පැමිනෙන්නේ නම් අය සදහා සෑම දිනකම විවේක කාලයක් සමග වාර්ෂිකව දින 15 ක හෝ ද්වි වාර්ෂිකව දින 30 ක නිවාඩුවක් ලබාදීමටත් ඉන්දියාවට යෑමට ඒමට ගුවන් ටිකට් පත නොමිලේ ලබාදීමටත් සෑම මසකම අවසානයේ අයගේ වැටුප සෞදි බැංකුවක තැන්පත් කර ඒ බව කම්කරු අමාත්‍යංශයට දන්වා කැමැත්ත මත ඉන්දියා බැංකුවකට යැවීමටත් ක්‍රියා කරන බව එම පුවත්පත කියයි
නව කම්කරු ගිවිසුම ප්‍රකාරව වයස අවරුදු 25 සිට 50 දක්වා වූ ඉන්දියා කාන්තාවන් පමණක් සෞදියට ගෙන්වීමට තීරණය කර ඇති අතර සෞදි අරාබියට පැමිණීමට පෙර ගෘහස්ත පාලනය පිළිබද විශේෂ පුහුණුවක් ලබාදීමටද ඉන්දියා කම්කරු ආයතන පොරොන්දුවී ඇත .
කෙසේ වුවද ඉන්දියා රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත වයස 25 ට නොඅඩු කිසිදු කාන්තාවක් වෙදෙස් රටක ගෘහසේවිකාවන් ලෙස නොයවන බවද සදහන් වේ,
මෙම ඉන්දියා සහ සෞදි අරාබියා නව ගිවිසුම මගින් බොහෝදුරට ශ්‍රී ලාංකික කාන්තාවන් සදහා කිසියම් අභියෝගයක් එල්ල විය හැකි අතරම සෞදියට ශ්‍රී ලාංකික කාන්තාවන් ලබා ගැනීමේ යම් පසු බෑමක් ඇතිවිය හැකිය,
සෞදි ශ්‍රී ලංකා ගිවිසුම් ප්‍රකාරව මෙතෙක් ශ්‍රී ලාංකික කාන්තාවකට ගෙවනුයේ සෞදි රියාල් 1000 කට (රුපියල් 34734.3 ) අඩු වැටුපකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනාට දශකයකට පෙරසිටම ඉන්දියානු කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් යෙදවීම ඉන්දීය රජය අනුමත කළේ ලැබෙන රක්ෂණයත් වැටුපත් අනුව. එනිසා ඉන්දියානු කාන්තාවන් වෙනුවෙන් වැඩි වෙටුපක් ගෙවීම ඉස්සරත් බොහෝ මැදපෙරදිග රටවල සිදුවුණා . (නි)
ඉතින් ගෙවපුදෙන්! අපේ රටේ කාන්තාවන්ට යහපත් කර්මාන්ත හා ව්‍යාපාරික පුහුණුවක් ලබාදී ඔවුන් අපේ රටට ශක්තියක් වී රට දියුණු කිරීමට දායක කරගන්න අපි මේක අවස්ථාවක් කරගනිමු. අපි මොකටද ආඩම්බරකාර අවස්ථාවාදී අරාබිකරයින්ට දර-දිය අදින්න, වහල්කම් කරන්න අපේ නංගිලා අම්මලා යවන්නේ? (නි)
මෙතන තියෙන්නේ වෙන දෙයක්. ඉන්දිරා ඝාන්දී මැතිනිය තම රටේ කාන්තාවන්ට දුන් නිසි ගෞවරවය ආපස්සට හැරවීමක් මේ. (නදී)
අපේ රටේ කාන්තාවන් වහලුන් වගේ රට රටට යවනවට වඩා රට ඇතුළේ රැකියා අංශය දියුණු කරන්න බැරිද? රට හැමතැනම මහාමාර්ග හැදුවට රැකියා අංශය එකම තැන! (නි)
ඉන්දියාවට මොනවා වෙලාද මන්දා? මොන රටක් වුණත් තමන්ගේ රටේ අම්මලා, සහෝදරියන් සෞදිය වගේ රටක වහල් සේවයට යවන එකට මම නම් එකඟ නැහැ. මොකද මම මේකේ ඇතුළු පැත්ත ගැන දන්නවා (නි)
අපේ අය කරන සොරකම් වගේ වැඩවල හැටියට පඩි වැඩියෙන් දෙයිද? (නි)
අපි ගෘහ සේවිකා වෘත්තිය සඳහා සේවකයින් පිටරට ඇරීම තහනම් කරමු. අරාබියට ගැහැණු අරින්ඩ එපා. (නදී)
දැන් ලංකාවෙන් යවන්නේ ගෘහ පාලිකාවෝනේ. ඉතින් එයාලා තීරණය කරන්න ඇති ගෘහ සේවිකාවෝ ඉන්දියාවෙන් ගෙන්වන්න.(අ)
අනේ ඔය රටට අපේ කට්ටිය ගෙදර දොරේ වැඩවලටනම් යවන්ඩ එපා..අරබිකාරයෝ හරි ඔලුවෙන් ඉන්නේ..සමහර අය නම් ඇත්තටම හරි හොඳයි ලු..(අ).
අපේ කෙල්ලෝ මොකටද ? සෞදියට අත පාන්නේ ! ඇයි.. චීනය තියෙන්නේ (අ).
මොනවා උනත් මේකට ඉන්දියාවේ රජය මැදිහත් වෙලා තියනවා.... අපේ කට්ටිය වගේ නෙමේ..(අ)
අපේ ලංකාවේ අයට මොළයක් නැහැ. කියන්නෙම මෝඩ කතා. (නි)
රටට ජාතියට ආගමට සහ තමන්ගේම අම්මටත් ආදරේ තියෙන ආත්මාභිමානයක් ඇති කිසිම කෙනෙක් අරාබියට ගැහැණු උදවියව ගෘහසේවයට යවන එක කිසිසේත්ම අනුමත කරන්නෙ නැහැ. (නදී)
දේශාන් ඔබගේ ප්‍රතිචාරය මම අගය කරනවා. (ස)
ප්‍රශ්නයක් නැහැ. අපේ අය ඉන්දියාවට යවමු. කොහොමහරි සල්ලිනේ...! (නි)
ඉන්දියාව හැම පැත්තෙන්ම ශක්තිමත් වෙනවා අපි ආපස්සට යනවා. (නදී)
ඇයි අපේ රජය මේ වගේ මිනිස්සු ඉස්සරහ අපේ කාන්තාවන්ව බාල්දු කරන්නේ? අපේ කාන්තාවන්ට තියන අතපයම නේද ඉන්දියාවේ කාන්තාවන්ටත් තියෙන්නේ? අපේ කාන්තාවන්ටත් ඒ කිව්ව අවස්ථා සහන ඒ විදියටම දෙන්නේ නැත්නම් ඇයි අපේ අයව උන්ගේ වැඩකාරකමට යවන්නේ? අනික අපේ කාන්තාවන් පවුල දියුණු කරන්න ..දරුවන්ට යහපත් හෙටක් හදන්න කියල රට ගියාට වෙන්නේ මොකක්ද?ඇය නැවත සියරට එද්දී ගෙදර තත්වය මොකක්ද? සැමියා බීමතට පුරුදු වෙලා. එහෙමත් නැත්නම් ඔහු තව බිරිදක් ගෙනත්...දරුවෝ සී සී කඩ ගිහින්....අවුරුදු 15..16 හිටි ගැහැණු දරුවා විවාහ වෙලා....තත්වය එසේනම් විදේශ ගතවන කාන්තාව දිනනවද? අයගේ මහන්සියට නිසි වටිනාකමක් ලැබිල තියනවද? මට හිතෙන හැටියට සිදුවෙන්නේ රටට ඩොලර් ලැබීම පමණයි... එහෙමනම් ඇයි අපි තවත් අපේ කාන්තාව රට යවල පවුල් ජීවිත අවුල් කරන්නේ........කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යැවීම සම්පුර්ණයෙන්ම නවතමු..(අ)
මෙතන තියෙන්නේ වෙන දෙයක්. අරාබිකාරයෝ බොලිවුඩ් චිත්‍රපටි බලනවා. ඉතින් ඊට පස්සේ තීරණය කරන්න ඇති ඉන්දීය කාන්තාවන්ට තැන දෙන්න ඊටත් පස්සේ. (නදී)
ඉන්දීය රජයේ ඉතා හොද තීරණයක්. ලගදීම ඉන්දියාවේ සමාජීය ප්‍රශ්න වැඩි වේවි. ඉන්දීය කාන්තාවන් ගණිකාවන් බවට පත් වේවි. (නදී)
ඉන්දියාව විතරක් නෙමෙයි නේපාලය, පකිස්තානය වගේ රටවල පිටරට ගෙනියනවා නම් ඒ වෘත්තියට අදාලා පඩියක් තියෙනවා. (නදී)