
(අංජුල මහික වීරරත්න)
ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
මේ වන විට ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා සිදු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඉන්දීය විදේශ ඇමති ලංකාවට එයි
(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් මහතා අද(20 ) එක් දින ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
විදේශ ඇමැතිවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු දූත පිරිස ලෙස පැමිණ සිටියහ .
ඔවුන් පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ආසන්නයෙහි නවතා විශේෂ රථ පෙරහැරකින් කොළඹ බලා පිටත්ව ගියහ .
ආචාර්ය ජෙයශංකර් මහතා ඇතුළු දූත පිරිස අද 20 යළි 06.35 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ බලය අහිමි වෙන්නට කලින් ඉතුරු වී ඇති රටේ වටිනා සම්පත් ටික ගන්න එවිල්ල ඉන්නේ. යන්නට් කලින් සේරම විකුණලා යන්නේ.