ත්‍රීකුණාමලයේ ඉදි කිරිමට නියමිත ඉන්දියා තාප විදුලි බලාගාරය සදහා ඉඩම් අක්කර 818 ක් දීමට රජය පියවර ගනිතියි දෙමළ ජාතික සන්ධානය තරයේම විරුද්ධ වන බව ආර්.සම්බන්ධන් විපක්ෂ නායක යාපනය කෝපායිහි පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
සාම්පූර් පළාතෙන් මහජනයාට අහිමි වූ ඉඩම් පමණක් නොව රජය මහජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් සියල්ලම රජය සමග සාකච්ඡා කොට ආපසු ලබාගැනීමට කටයුතු යොදන බව ද ඔහු කීවේය.
උතුරු නැගෙනහිර පළාත්හි ඉඩම් රජයේ අවශ්‍යතාවයන්ට ලබාගැනීමේදී සෑම රජයක්ම අත්තනෝමතිකව මෙතෙක් කටයුතු කොට ඇති බව කී සම්බන්ධන් මහතා මේ හිතුවක්කාර තත්ත්වය නතර කිරීමට වහාම පියවර ගතයුතු කාලය එළඹ ඇතැයිද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ගිය කල. දැන් මේ අයගෙන් අහන්න ඕනේ හැම දේම කරන්න මේ රටේ .(අ)
ඒවත් අපේ පැත්තේ ඉඩම්වල හදලා ඒගොල්ලන්ගෙ ඉඩම් නිදහසේ තියාගන්නයි අදහස. රජයට අයිති කිසිම ව්‍යාපෘතියක් කරන්න දෙන්නේ නැහැ. මොකද ඒවායේ පාලනය සිද්ධ වෙන්නෙ දකුණෙන් නිසා. (නි)
මේවා බොරු වැඩ කියලයි මම නම් හිතන්නේ (නි)
මේ විදියට ගියොත් නම් ආණ්ඩුවට වැඩිකල් යන්න බැරිවේවි. මොකද දැන් ඔක්කොම බලාගෙන ඉන්නේ දෙපැත්තේම අය මොකද කරන්නේ කියලා. (නි)
මෙයාගේ ගෙදර විදුලිය කපාහරින්නයි තියෙන්නේ. මහවැලිය නිසා අපිත් අපේ ගෙවල් දොරවල් අතහැරලා නැවත පදිංචි වුණා (නි)
මෙයාල කැමති දේ විතරද ඒ පළාත් වල කරන්න ඕනෑ. අර විල්පත්තුවෙ කැලෑව කපලා විනාශ කරනවා. කවුරුවත් ඒවට කතා නැහැ. ඒ ප්‍රදේශයේ සිංහල අය පදිංචි කරන්න කටයුතු කළා නම් බලන්න තිබුනා ද්‍රවිඩ නායකයන් කියන කතා (නි)
ඉන්දියාවෙන් මොනවගේ පිළිතුරක් ඔබතුමාට ලැබේවිද දන්නේ නැහැ! (බ)