IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියා බලාගාරය සම්බන්ධන්ට එපාවේ

20160417_132400-(1) sampanthan-2364ee

ත්‍රීකුණාමලයේ ඉදි කිරිමට නියමිත ඉන්දියා තාප විදුලි බලාගාරය සදහා ඉඩම් අක්කර 818 ක් දීමට රජය පියවර ගනිතියි දෙමළ ජාතික සන්ධානය තරයේම විරුද්ධ වන බව ආර්.සම්බන්ධන්  විපක්ෂ නායක යාපනය කෝපායිහි පැවති මාධ්‍ය හමුවක දී  පැවසීය.

සාම්පූර් පළාතෙන් මහජනයාට අහිමි වූ ඉඩම් පමණක් නොව රජය මහජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් සියල්ලම රජය සමග සාකච්ඡා කොට ආපසු ලබාගැනීමට කටයුතු යොදන බව ද ඔහු කීවේය.

උතුරු නැගෙනහිර පළාත්හි ඉඩම් රජයේ අවශ්‍යතාවයන්ට ලබාගැනීමේදී සෑම රජයක්ම අත්තනෝමතිකව මෙතෙක් කටයුතු කොට ඇති බව කී සම්බන්ධන් මහතා මේ හිතුවක්කාර තත්ත්වය නතර කිරීමට වහාම පියවර ගතයුතු කාලය එළඹ ඇතැයිද කීවේය.



අදහස් (0)

ඉන්දියා බලාගාරය සම්බන්ධන්ට එපාවේ

නිම්මි Monday, 18 April 2016 02:44 PM

මේ අයට ගිය කල. දැන් මේ අයගෙන් අහන්න ඕනේ හැම දේම කරන්න මේ රටේ .(අ)

:       0       0

සුරංග Monday, 18 April 2016 06:27 AM

ඒවත් අපේ පැත්තේ ඉඩම්වල හදලා ඒගොල්ලන්ගෙ ඉඩම් නිදහසේ තියාගන්නයි අදහස. රජයට අයිති කිසිම ව්‍යාපෘතියක් කරන්න දෙන්නේ නැහැ. මොකද ඒවායේ පාලනය සිද්ධ වෙන්නෙ දකුණෙන් නිසා. (නි)

:       0       0

සනත් Monday, 18 April 2016 07:40 AM

මේවා බොරු වැඩ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

උදිත Monday, 18 April 2016 08:00 AM

මේ විදියට ගියොත් නම් ආණ්ඩුවට වැඩිකල් යන්න බැරිවේවි. මොකද දැන් ඔක්කොම බලාගෙන ඉන්නේ දෙපැත්තේම අය මොකද කරන්නේ කියලා. (නි)

:       0       0

සරත් Monday, 18 April 2016 08:33 AM

මෙයාගේ ගෙදර විදුලිය කපාහරින්නයි තියෙන්නේ. මහවැලිය නිසා අපිත් අපේ ගෙවල් දොරවල් අතහැරලා නැවත පදිංචි වුණා (නි)

:       0       0

ප්‍රීති Monday, 18 April 2016 09:55 PM

මෙයාල කැමති දේ විතරද ඒ පළාත් වල කරන්න ඕනෑ. අර විල්පත්තුවෙ කැලෑව කපලා විනාශ කරනවා. කවුරුවත් ඒවට කතා නැහැ. ඒ ප්‍රදේශයේ සිංහල අය පදිංචි කරන්න කටයුතු කළා නම් බලන්න තිබුනා ද්‍රවිඩ නායකයන් කියන කතා (නි)

:       0       0

ඉසුරන්දි Monday, 18 April 2016 12:21 PM

ඉන්දියාවෙන් මොනවගේ පිළිතුරක් ඔබතුමාට ලැබේවිද දන්නේ නැහැ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site