ඉන්දීය නෞකා තුනක් පුහුණු සංචාරයක් සඳහා අද (15) කොළඹ වරායට පැමිණියේය. ඉන්දීය නාවික හමුදාවට අයත් සුජාතා සහ වීර් යන යුද නෞකා දෙක හා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් වරුණ නෞකාවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකා සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව පිළිගත්හ.
ශ්‍රී ලංකාව සමඟ සිදුකෙරෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු ලබන 19 වැනි දා ඒවා නැවත පිටව යාමට නියමිතයි.

COMMENTS
අමිත් !! බුදු හාමුදුරුවොත් ඉන්දියාවේ , එක නිසා අපි ඉන්දියන් කොලනියක් හෝ ඉන්දියානු ආක්‍රමණය ගෙන් විරුද්ද වන්නේ මොකද ? එකෙන් අපට යහපතක් වනවා නම් (අ)
මොනවට එනවද මන්දා. වෙන ඕනෑ එකක් ආවට කමක් නැහැ, මෙයාලගේ ඒවා නැතුව. (නි)
දැන් කොහොමටත් ලංකාව ඉන්දියාවේ කොලනියක් වගේනේ. (නි)
අපි චීනෙට වැඩිය ඉන්දියාවට බයවිය යුතුයි (නි)
එ් කාලේ ලංකාවේ යුද්ධය තිබෙනකොට ඉන්දියාව අපිට උදව් කළේ නැහැ. එතකොට අාවේ නැතුව දැන් මොකටද? (නි)
ඉතින් යහපාලනේ නරකද? (නි)
අපිත් එහෙට නැව් දෙක තුනක් යවන්න උත්සාහයක් ගත්තොත් නරකද? (නි)
බයවෙන්න එපා. අපි හදන හාමුදුරු බලකාය එක්ක තව තව කට්ටියත් සෙට්වුණාම ඉන්දියන් හමුදාව මොකක්ද අනේ (නි)
අපිත් අර ඕස්ට්‍රේලියාවට යන යාත්‍රා කීපයක්වත් ඉන්දියාව පැත්තට හැරෙව්වොත් නරකද? (නි)
අනේ කොහෙන්හරි ලොකු නැව් තුන හතරක් ණයටවත් ඉල්ලාගන්න පුලුවන්නම් මේවා තෙප්පම් ගානට වැටෙන්න. (නි)
මුලින් චීන පකිස්තාන්. දැන් එන්නේ ඉන්දීය ඒවා. තව ටික දවසකින් ඇමෙරිකාව එයි. දැන් ඉතින් කාටත් තේරෙන්න ඕනෑ මහින්දව ගෙදර යවන්න කොයි කාගේත් උවමනාවක් තිබිලා තියනවා කියලා (නි)
උඩින් පරිප්පු දාපු අය අලුත් අවුරුද්දට නැව් පිටින් පරිප්පු එවලා වගෙයි (නි)
ඉන්දු හරි. අපේ එ්වට ඇඟිලි ගහනකන් ඉන්දියාවට නින්ද යන්නේ නැහැ (නි)
මේ ආණ්ඩුව ලෝකයම දිනලා ඉවරයි කියලා තේරෙන්නේ නැද්ද දැන්වත්? (නි)
දැන් අඳින්නේ පළඳින්නේ, සින්දු චිත්‍රපට ඔක්කොම කරන්නේ ඉන්දියානුවෝ වගේ. එ් තියා අදහන්නේ වඳින්නේ ඉන්දියන් දෙවිවරු . (නි)
ඔය නැව් අාවේ නාවික පුහුණුවීම් වලට. ඕවට කතා හදන්න එපා (නි)
දැන් ඉතින් මේ නැව් සම්බන්ධයෙන් අපිට හොඳ හොඳ කතා අහන්න ලැබෙයි නේද? (නි)
දැන් කරන්න තියෙන්නේ අනිත් රටවල් වලිනුත් නැව් තුන තුන ගෙන්නාගන්න එකයි. අනේ! අපි බයවෙයි ඕවට. (නි)
පසුගිය රජය කාලයේ නිතරම ආවේ ගියේ චීනය යුද නැව් හෝ පාකිස්තාන යුද නැව්. දැන් එ්ක කණපිට හැරිලා. දැන් එන්නේ ඉන්දියානු යුද නැව් (නි)
මෙන්න අපේ අහවල් දේශපාලකයෝ දෙන්නට බිල්ලෝ මවලා ජනතාව කුපිත කරන්න හොඳ අවස්ථාවක්. (නි)
අපේ ලංකාව චීනට බයද කියලා හිතෙනවා (නි)
කෝ චයිනිස් ඒවා? ළඟදීම බලාපොරොත්තු වෙමු නේද? (නි)