සති දෙකකට පමණ පෙර මෙරට බලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබ සිටින ඉන්දීය ධීවරයින් සිව් දෙනා සහ ඔවුන් පැමිණි යාත‍්‍රා වහා නිදහස් කර දෙන්නැයි ඉල්ලා පුදුචේරි ප‍්‍රධාන අමාත්‍යවරයකු වන වී නාරයනස්වාමී ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත් වෙබ් අඩවිය කියයි.
එම ධීවරයන් රාමේෂ්වරම් මුහුදු තීරයේ මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටියදී ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලධාරීන් පැමිණ ඔවුන් පහරදී අත්අඩංගුවට ගත් බව නාරායනස්වාමි ඉන්දීය විදේශ අමාත්‍යවරියට යොමු කළ ලිපියෙන් පවසා ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලියුම් ලියන අයම යථාර්ථය තේරුම්ගන්නවා නම් අපි සතුටුයි