ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයින් පිළිබඳ සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.
උතුරේ ධීවර කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කැරිණි.
ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා ,උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලලිතා දැන් නිශ්ශබ්දයි. වයිකෝ තමයි දඟලන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම විදියට දෙගොල්ලොම සාමදානයෙන් මාළු අල්ලන්න කියලයි මම නම් කියන්නේ (නි)
උතුරේ ඉන්න මහඇමති ඇතුළු කිසිදු දෙමළ දේශපාලකයෙක් මේ අසාධාරණ ක්‍රියාවට විරුද්ධව වචනයක් කථා කරන්නේ නැහැ. තමිල්නාඩුවේ ඉන්න දේශපාලකයොත් කිඹුල් කදුලු හෙලනවා ලංකාවේ උතුරේ ඉන්න මිනිස්සු ගැන. කිසිම දෙමළ දේශපාලකයෙක් මේ මාළු හොරුන්ට විරුද්ධව වචනයක් කථා කරන්නේ නහැ. මේ හොරකම් කරගෙන යන්නේ සිංහල මිනිසුන්ගේ මාළුටික නෙවෙයිනේ. යාපනේ මන්නාරම ඉන්න අහිංසක දෙමළ ධීවරයන්ට අල්ලගන්න තිබෙන මාළු ටික තමයි මේ හොරකම් කරන්නේ. දෙමළ මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් කථා කරන එක දෙමළ මන්ත්‍රී කෙනෙක් මේ ගැන කථාවක් නැහැ. අකුණක් ගැහැවුවත් ඉන්දියාවට දුවන දෙමළ මන්ත්‍රීලා මේ ගැන කිසිම කථාවක් නැහැ (නදී)
අයියෝ ඒ අහිංසක ධීවරයින් දන්නේ නැහැ මුහුදේ සීමාව මොකක්ද කියලා. අපේ අයත් ඒ පැත්තට යනවා එයාලත් අපේ පැත්තට එනවා. එ්කට නවීන තාක්ෂණ උපකරන දෙන්න වෙනවා එහෙනම් (නදී)
කමක් නැහැ. ඕනෑතරම් අරගෙන යන්න කියමු (නි)
තිබෙන මුහුදු සීමාව වැරදිද? මේකත් කෙළවරක් නැති ප්‍රශ්නයක්. පුලුවන්නම් විසඳලා ඉවර කරන්න බලන්න (නි)
තමිල්නාඩුවේ නායකයන්ට උතුරේ දෙමළ ජනතාව ගැන මේ ප්‍රශ්නයේදි කැක්කුමක් නැහැ නේද? (නි)
මේ කිසිම ප්‍රශ්නයක් අවසන්වෙන හැඩක් නැහැ. චීනය / රුසියාව සමඟ එකතු වී පොළවේ පයගසා කෙළින් හිටගන්න. වෙන විසඳුමක් නැහැ. (නි)
අැසල නොදන්නා දේවල් කතා නොකර ඉන්න. දීවරයන්ගේ ප්‍රශ්න ඔයා මොනවද දන්නේ. (නදී)
පවු අපේ ධීවරයින්...! (නි)