ඉන්දියාවේ ධීවරයන් තම මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම හා ධීවරයනට බලපෑම් එල්ලවීම බහුල වශයෙන් ක්‍රියාත්මක වන නිසා යාපනය වැල්වැටිතුරේ හා පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවර පවුල් දහසක් පමණ අසරණ වී ඇතැයි වැල්වැටිතුරේ ධීවර සංවිධාන එකමුතුව කියයි.
තමන්ට සිදුවී ඇති මෙම අසාධරණය පිළිබදව කිසිදු අයකුගේ නිසි අවධානය යොමු වී නැති බවත් මෙවර පළාත් සභා මැතිවරණයේදී මෙම ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන ඕනෑම දේශපාලන පක්ෂයකට තම සහයෝගය ලබා දීමට දීවරයන් තීරණය කැර ඇති බවත් ධීවර සංගමයේ සභාපති මුත්තු තම්බි කන්දසාමි මහතා පැවසීය.
වැල්වැටිතුරේ ප්‍රදේශයේ මැතිවරණ ව්‍යාපාරය පිළිබදව සොයා බැලීම සදහා මධ්‍යවේදීන් එහි ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ ධීවරයන් මේ බව සදහන් කළහ.
දිනපතා මුහුද මැදදී ඉන්දියා ධීවරයන් හා තම ධීවරයන් අතර ගැටුම් ඇතිවන බවත්, ඔවුන් තම ධීවර ආම්පන්න හා දැල් බෝට්ටු විනාශ කරන බවත් පැවසීය.
ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට , ආරක්ෂක අංශවලට මේ පිළිබදව දැනුම් දී ඇති බවත්, මෙතෙක් ඊට සාධාරණයක් ඉටු නොවීම නිසා සියලුම දේශපාලන සංවිධාන පිළිබදව ධීවරයන් දැඩි කළකිරීමකින් සිටින බවත් පැවසීය.
පැය ගණනාවක් මරුවා සමග මුහුදු සොරුන් සමග මුහුද මැද සටන් කර අවසානයේ දැරුවන් ජීවත්කරවා ගන්න මුදලක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙවර පළාත් සභා මැතිවරණයේදී තම සංවිධාන තීරණයකට එළඹෙන බව කීවේය.
මැතිවරණ ව්‍යාපාරයේ පෝස්ටර් ඇලවීම පමණක් දක්නට ඇති බවත් මෙතෙක් තම ප්‍රදේශයට අපේක්කයන් කිසිවෙක් නොපැමිණි බවත් ධීවරයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා කට්ටිය එයි ඔයගොල්ලන්ව රවට්ටන්න තව මොනවහරි එකතුකරගෙන. ඇවිල්ලා කියයි තමිල්නාඩුවට ගිහිල්ලා හරි මේක නිරාකරණය කරලා දෙනවා ඡන්දෙ දුන්නොත් කියලා. හැබැයි කවුරුත් එකම කියන නිසා කාට දෙන්නද කියලා හිතා ගන්න නම් බැරිවෙයි. (නි)
ධීවර ඇමති නිදිද ?
මේවා තමයි විහිලු කියන්නේ කෝ බලධාරීන් (දී)
ජයලලිත සහ වයිකෝ ද්‍රවිඩ අයවෙනුවෙන් හඩ නගනවා නේද?එතකොට මේ අසදරණය ගැන සද්ද නැත්තේ ඇයි? (දී)
එක්සත් ජාතීන්ගේ මණ්ඩලය දැනුවත් කර ධීවරයන්ට නාවික හමුදාවේ ආරක්ෂාව දීමට කටයුතු කරන්න. (ස)
මේවා වලට නාවික හමුදාව හෝ වෙන යම් නිලධාරීන් අත පෙවොත් ද්‍රවිඩ දේශපාලකයින් හා දකුණු ඉන්දියානු දේශපාලකයින් එය පෙන්නුම් කරන්නේ එයාලගේ ධීවරයින්ට අපේ ආරක්ෂක අංශය හිරිහැර හා අඩම්තේට්ටම් කරනවා කියලා. ඔයාලා මෙය ගැන අවංකව සවන් දෙන අයට කියන්න ඕන. (ස)
දෙමළ සන්ධානයේ ජාතිය වෙනුවෙන් හැම වෙලාවේම ඉන්දියාවට යනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ ගැනත් කතාකරන්න පුළුවන් නේ. උතුරේ බහුතරයක් ඔවුන්ගේ පැත්තේ ඉන්නේ. පිල්ලේ මහත්මිය ආපු වෙලාවේ ඇයට මේ ගැන කිව්වේ නැත්තේ මොකද? ඔවුන් පිල්ලේ නෝනට කිව්වේ හමුදාවෙන් කරදරයි කියලා. (ස)
යුද්දයත් ඉවරයි දැන්, සෑම රටකම නාවික හමුදාවක් ඉන්නවා ..මුහුදින් රට වෙතට පැමිණෙන හතුරෝන ගෙන් රට ආරක්ෂා කරන්න (අ)
ඕක මොකක්ද අනේ .. අර දැන් බස්නාහිර අලුතෙන් හදාපු මහා විශාල දික්ඕවිට ධිවර වරාය චීන සහ තායි දිවරයන්ට හදල දීල එහෙ ඒ අය නොමිලේම මාළු ටික අල්ලාගෙන යනවා නම් ඔය උතුරට අල්ලපු රටේ දිවරයෝ ඇවිල්ල මාළු අල්ලාගෙන යන එක ගැන කවුරුවත් කුලප්පු වෙන්න අවශ්‍ය නැ..(අ)
තමිල්නාඩුවෙ ඉන්න අයම තමා දෙමළ මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ.... (ස)