ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දියා ධීවරයන් 35 දෙනකු ලබන නව වැනිදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහතා නියෝග කළේය.
ඔවුන්ගේ ධීවර යාත්‍රා පුත්තලම විජය නාවික හමුදා කඳවුරේ තබන ලෙස ද, ඔවුන් ළඟ තිබූ මාළු කිලෝ 1500ක් පමණ පුත්තලම ධීවර කාර්යාලයයට භාර දෙන ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න එපා මෙයාලට කිසිම නිදහසක්,අපේ මිනිසුන් එහෙට ගියාම ගහල බෝට්ටුත් අරගෙන මුහුදට දානවා මෙයාල (දී)
දේශ සීමා උල්ලංගනය කිරිමෙන් අපෙ අහිංසක ධීවරයින්ගේ සම්පත් මංකොල්ලකන ටැමිල් නඩු ධීවරයින්ට නීතියට අනුව නිසි දඬුවම් දිය යුතුයි . ඉන්දියාවට ඔනෙ විදියට නටන්න හොඳ නැහැ (දී)
අන්න නියමයි (නි)
මේ මිනිස්සු අපේ මුහුදු සීමාවේ "ධීවර කර්මාන්තයේ" යෙදුනයි කියන එක වැරදියි. ඔවුන් යෙදුනේ "කොල්ල කෑමේ කරමාන්තයේ". රටවල් දෙක එකතු වෙලා විසඳන්න උත්සාහකලත් දෙපැත්තේ ධීවරයෝ මුහුදු සීමා කඩන එක නම් වලක්වන්න බැරිවෙයි.(නදී)
අපේ අය ඉන්දීය මුහුදු සිමාවට ඇතුළු වෙන්නේ නැත්නම් ජයලලිතා ට මේ ධීවරයන් බේරාගැනීමට අපහසු අසරණ වෙන අයුරින් නිතිය තදින් ක්‍රියාත්මක කරන්න (නි)
ඉන්දියාවෙ ධීවර බෝට්ටු වැඩියි, ඉන්දියන් මුහුදෙ අහුවෙන මාලු අඩුයි.විශේෂයෙන් බල මාලු, කුඩයිලු. (ස)
මේ ප්‍රශ්නය ගැන හොදම අවබෝදයක් ඇත්තේ,දෙරටේ ධීවරයන් පමණි. මම නම් හිතන්නේ.. රටවල් දෙකේම ධීවරයන් නිතිය උල්ලංගනය කරන බවයි.මේ අරබුදය කවදාවත් විසදන්න පුලුවන් එක්කක් නොව. (දී)