ශ්රී ලංකා මුහුදේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ඉන්දියන් ධීවරයින් පස් දෙනාට පැනවු මරණ දඬුවම ජනපති බල තල යටතේ අද (19) ඉවත් කැරිණි.
කොළඹ මහාධිකරණයෙන් ඔවුනට පසුගියදා මරණ දඬුවම නියම වි තිබිණි.
ඔවුන් නිදහස් කැර ගැනීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිද තමිල්නාඩු රජයද ගත් උත්සාහයද සාර්තක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජිත් මහතාට, වැරදිකරුවන් නිදහස් කිරීම අභය දානයක් ලෙස මම නම් හිතන්නේ නැහැ. ලංකාවේ වැරදිකරුවන්ද මිනිසුන්ය (නි)
කුඩු බොන නිසානේ ගෙන්වන්නේ. ඉතින් ප්‍රධාන වැරැද්ද කරලා තියෙන්නේ අපේ අයනේ, බලනකොට. අපේ දේශපාලනයට සම්බන්ධ පිරිස් පවා කුඩු සම්බන්ධව අත්අඩංගුවට පත්ව ඇත්නම් මේ අය නිදහස් කිරීමේ වරදක් නැහැ. (නි)
බන්දුල පෙර්රා හොද පුන්නක්කු හැලි 7 ක් 8ක් එවන්නද ? තියාගෙන බොන්න (ස)
එතකොට අපේ අහිංසක දීවරයෝ... (ර)
හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළදාමේ යෙදෙන්නෙකුට සාමාන්‍යයෙන් මරණ දඩුවම නියමිතයි.මොකද මුළු මහත් තරුණ හා වැඩිහිටි ජනතාවම මරණ මුඛයට ඇද දමන නිසා. (දිල්)
හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළදාමේ යෙදෙන්නෙකුට සාමාන්‍යයෙන් මරණ දඩුවම නියතයි. මොකද මුළු මහත් තරුණ හා වැඩිහිටි ජනතාවම මරණ මුඛයට අද දමන නිසා. (ර)
කමක් නැහැ. අපි ඉන්දියාව තරහ කර නොගෙන මිට පස්සේ ඉන්දියාවේම විකුණන දෙයක් විකුණා ගන්න කියල යවමු. (ර)
කුඩු කියන්නේ රට සමාජය විනාස කරන දෙයක්. (ර)
අපේ රටේ අයට මොකද වෙන්නේ ? ඒ අයටත් නිදහස දෙනවද ? (ර)
මේ පස්දෙනා ලංකාවේ හිටියා කියලා මරණ දඬුවම ඔවුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉන්දියාව කියන්නේ මේ අය නිර්දෝෂී කියලා. ඉන්දීය මධ්‍යම රජය පදනමක් නැතිව එසේ කියන්නෙත් නැහැ. මිනිසුන්ට අභය දානය දීම මහාත් පුන්‍යකර්මයක්. (ර)
ඔන්න විධායකයේ ප්‍රතිපල. (අ)
සෞදි රජය ලංකාවේ ඉල්ලීමට රිසානා ගේ මරණ දඩුවම ඉවත් කලාද? අනිත් අයටත් ඉගෙනගන්න උසාවියේ තීරණයේ හරි. JR තමයි මේ රට කන්න නීති හැදුවේ. (අ)
රන්ජිත් මහතාණෙනි , ප්‍රාණියෙක් මරණයෙන් මුදවනවානම් එය අභය දානයකි. එම ප්‍රාණියා මොකෙක් වුනත් මම දන්නා බුද්ධ දර්ශනයට අනුව. (දිල්)
කුඩු ගෙන්න ඉඩ දෙන්න ,බොරුවට අල්ලලා උසාවි දාල දඩුවම් කරනවා.බලදාරියා නිදහස් කරනවා.මේක තමා මෙච්චර කල් සිදුවුනේ.ඉන්දියාවට කොච්චර හිතවත්ද මෙයාල.(අ)
බන්දුල පෙරේරා කඩේ යන හැටි දැක්කම හිනා යනවා ලැජ්ජාවක් නැති පුද්ගලයෙක් (අ)
බොහොම හොඳ තීරණයක් (නි)
දෙරටේ නායකයන් මිත්‍රශීලීව සහයෝගයෙන් කටයුතු කළයුතුය (නි)
මොනවා වුණත් දෙරටේ මිත්‍රකම වටිනවා (නි)
අපි ඉන්දියාවට බය නම් නැහැ හොඳේ (නි)
අල්ලා ගත හෙරෝයින් තොගයද ඉන්දියාවට භාරදී මුදු සීමා උල්ලංඝනය කිරීම නිසා දෙරටේ සිර ගෙවල් තම අඹුදරුවන් අනාත කරමින් දුක්විදින අසරණ ධීවරයින් නිදහස් කිරීමට දෙරටේ නායකයන් කටයුතු කටයුතු කරන්නේ නම් අගේ කොට සලකමි (බ)
මෝදිට මෙයාගෙ ඔක්කොම දෙයි වගේ. ඔච්චරටම ඉන්දියාවට බය ඇයි ? (බ)