IMG-LOGO

‘ඉන්දියා ඡන්දෙන් ලංකාවටත් පාඩමක්‘

ආඥාදායකත්වය අභිබවා ප්‍රජාතන්ත්‍රවාදය කවර මොහොතක හෝ ස්ථිරවම ජය ගන්නා බව ඉන්දියාවේ ඓතිහාසික බල පෙරළියෙන් පෙනෙන බව එක්සත් ජාතික පක්ෂය, ඉන්දියාවේ නායකත්වයට පත් නරේන්ද්‍ර මෝඩිට සුබ පතමින් එජාපය පවසයි.

ස්වාධීන මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, අධිකරණය, මාධ්‍යය යන සියලු ප්‍රජාතන්ත්‍රික යාන්ත්‍රන ඉන්දියා මැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලය පෙන්වීමේ ප්‍රබල හේතුවක් වූ බව සුපැහැදිලියැයි ද එජාපය කියයි.

ඉන්දියාවේ ජයග්‍රහණය පෝක් සමුද්‍ර සන්ධියෙන් පිටත පිහිටි රටවලට ද විශේෂයෙන් ශ්‍රී ලංකාවට ද අදාළ බව එජාපය සඳහන් කරයි.

 



අදහස් (0)

‘ඉන්දියා ඡන්දෙන් ලංකාවටත් පාඩමක්‘

කීර්ති Tuesday, 20 May 2014 12:41 AM

ආඥාදායකත්වය අභිබවා ප්‍රජාතන්ත්‍රවාදය කවර මොහොතක හෝ ස්ථිරවම ජය ගන්නා බව වඩාත්ම සිහි කල යුතු වන්නේ ඕක කියපු එජාප නායකයාම තමයි මට පෙනෙන විදිහට (ස)

:       0       0

පුෂ්පසිරි පැරිස් Monday, 19 May 2014 05:14 PM

සමහරු දන්නේ නැතුව ඇති ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියලා. ආසියාවේ ආශ්චර්යවත් එකම රට ලංකාව! (නි)

:       0       0

වසන්ති Monday, 19 May 2014 05:37 PM

හොඳ අදහසක්. ස්වාධීන ආයතන වගේම ,දක්ෂ මිනිසුන්ට තැන දුන්නොත් දිනන එක අමාරු නැහැ. පළමුව එකමුතුව. දෙවනුව සුදුස්සාට සුදුසු තැන. තරුණියන්ටත් තැන දිය යුතුමයි. (නි)

:       0       0

සුනිල් රියාද් නුවර සිට Monday, 19 May 2014 05:43 PM

කට්ටියක් හීන දැක, දැක යනවා.එහෙත් එහෙ එහෙම වුණත් මෙහෙ එහෙම වෙන්නේ නැහැ. කවුරු මොනව කිවුවත් හුඟක් දෙනෙකුට 77 - 94 සහ 2001 - 2002 කාලය අමතක නැහැ. සංසන්දනාත්මක වෙනස තේරෙනවා. (නි)

:       0       0

සුනෙත් Monday, 19 May 2014 05:47 PM

නරකද ඔය කියන කරන ටික පක්ෂය තුළින්ම ආදර්ශයක් විදියට රටට පෙන්නුවොත්? (නි)

:       0       0

සේනාධීර Monday, 19 May 2014 05:48 PM

බලය නැතිකොට ඔහොම කිවුවට ඔබතුමාලා වඩා වෙනස් යමක් කළාද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 19 May 2014 05:53 PM

ඕනෑම රටකට අවශ්‍ය වන්නේ අවංක පාලනයකි. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 19 May 2014 05:55 PM

අනේ අපි නොදන්නවායැ කාගෙ කාගෙත් කෙරුවාවල් ගැන? (නි)

:       0       0

ඉන්දික Monday, 19 May 2014 05:55 PM

මම නම් කියන්නේ මොන කොමිෂන් සමඟ තිබ්බත් ප්‍රතිපලයේ වෙනසක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

දයාන් Monday, 19 May 2014 05:55 PM

නැවත ආසන මට්ටමේ පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාදුන්නොත් ඔබතුමා කියන සියලු යාන්ත්‍රණයන් අපට ලැබේවි. (නි)

:       0       0

ඩොනල්ඩ් Monday, 19 May 2014 06:10 PM

තම පක්ෂයට සාධාරණය මුලින්ම කල යුතුයි.(නදී)

:       0       0

නිශාන්ත Monday, 19 May 2014 06:16 PM

ඡන්ද දිනන්න සාමාන්‍ය මිනිසුන්ගේ වැඩි කැමැත්ත වටහාගන්න ඕනෑ. නැතුව කොමිෂන්, ජිල්මාට් ගැන කතා කළාට වැඩක් නැහැ. (නි)

:       0       0

නිහාල් Tuesday, 20 May 2014 07:19 AM

බලමු දැන් පාඩම් ඉගෙනගනියිද කියලා (නි)

:       0       0

විහඟ Monday, 19 May 2014 06:30 PM

පාඩම් නම් ඉතින් අපි කොතෙක් ඉගෙනගන්න ඇද්ද? (නි)

:       0       0

සුසන්ත Monday, 19 May 2014 06:32 PM

අනේ අපේ අය ඉගෙනගන්න පාඩම්.... (නි)

:       0       0

මිලානො ජයන්ත Monday, 19 May 2014 06:32 PM

බලය ගන්නකම් හැමදෙනාම ඔහොම තමයි ඉතින්. (නි)

:       0       0

තිලක් Tuesday, 20 May 2014 08:38 AM

මොන යාන්ත්‍රණය තිබුනත් බහුතර කැමැත්ත කියන යාන්ත්‍රණය නැත්නම් කට්ටිය හැමදාමත් ඔතන තමයි.පැහැදිලිව මේ රටේ එහෙම යාන්ත්‍රණයක් නැහැ කියලා පෙනී පෙනී අනෙක් යාන්ත්‍රණ ගැන කතා කරනවා. (නි)

:       0       0

කපිල Monday, 19 May 2014 07:18 PM

අපිට නම් කවුරුත් එකයි (නි)

:       0       0

සුමනසිරි Monday, 19 May 2014 07:20 PM

ඇත්තටම දැන් මේ කියලා තියෙන දේ වලංගු වෙන්නේ කාටද? (නි)

:       0       0

සහන් Monday, 19 May 2014 07:59 PM

ඉන්දියාවේ ආඥාදායක පාලනයක් තිබුනේ නැහැ. කලට වෙලාවට ඡන්ද තියෙනවා. මම දන්න විදියට අඩු ගණනේ විධායක ජනපති ක්‍රමයක්වක් නැහැ (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 May 2014 09:41 AM

තිලක්, ඔබ හරි. මේගොල්ලෝ හරියට කියන්නේ ඔය කියන යාන්ත්‍රණ තිබුනානම් දිනනවා වගේ. අනිත් එක යූ.එන්.පී. කාලේ චන්දෙ කරපු හැටි අපි දන්නවනේ!!! (දී)

:       0       0

අශාන් Tuesday, 20 May 2014 09:50 AM

සුනිල් රියාද්, 77-94 කාලේ යුද්ද දෙකක් රටේ තියෙද්දී ජනතාවට මේ තරම් බරක් නැතුව මහවැලිය,ගම් උදා ව්‍යාපාර , නිදහස් වෙළද කලාප, ඇගලුම් කම්හල්, නොමිලේ පාසල් පොත් සහ ඇදුම්,ජන සවිය වගේ දේවල් කලේ ඔයාගේ බාප්පද? (දී)

:       0       0

සුමතිපාල Monday, 19 May 2014 09:05 PM

ලංකාව පාඩමක් ඉගෙනගන්නවා නම් දැන් කාලය හොඳටම ඇති (නි)

:       0       0

ලාල් ජකර්තා Monday, 19 May 2014 09:05 PM

ප්‍රකාශය සියයට සියයක් ඇත්ත.නමුත් මෙවැනි ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂය කළ එකට මම කැමති නැහැ (නි)

:       0       0

සුමන Tuesday, 20 May 2014 10:52 AM

පළමුව කලේ භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් අද්වානි අස්වෙලා මෝඩි ගේ නායකත්වය යටතේ ඡන්දයටඉදිරිපත් වීම. ඒ ලංකාවේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ (දිල්)

:       0       0

ලලිත් Monday, 19 May 2014 10:29 PM

මම අහන්නේ අැයි ලංකාවේ මැතිවරණ කොමිෂම, පොලිස් කොමිසම, ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන්නේ.... ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 6 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 455 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 231 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site