ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා දින 04ක නිළ සංචාරයක් සඳහා අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුතොටුපොලෙන් දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඔහු පිළිගත්තේය.
ඔහු මෙම සංචාරය අතරතුරේදි චීනවරායේ පිහිටි ගුවන් හමුදා විද්‍යා පීඨ කදවුර, කටුනායක ගුවන් හමුදා කඳවුර, බත්තර මුල්ල රණවිරු ස්මාරකය ඇතුළු ස්ථාන කිපයක සංචාරය කිරීමට නියමිතව ඇත.
මිට අමතරව ඉන්දිය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා ජනාධිපති මහින්ද රාජපකෂ, රාජ්‍ය ආරකෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේඛමි ගෝඨාභය රාජපකෂ යන මහත්වරුන් ද, ආරකෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු ආරක්ෂක අංශයේ උසස් නිලධාරින් පිරිසක් නිළ වශයෙන් හමුවිමට නියමිතව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකවේ අපේම කෙනෙක් වගේ හැඟීමක් මට ඇතිවුණා (නි)
නිහතමානී මනුස්සයෙක් වගේ පේන්නේ (නදී)
හරි නිහතමානී පුද්ගලයෙක් වගේ (නි)