අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කාඩිෆ්හිදී අද (20) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දීය පිල ලකුණු 182 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 35 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
අවසන් මහ තරගය එංගලන්තය සහ ඉන්දියාව අතර මේ මස 23 වැනිදා එජ්බැස්ටන්හිදී පැවැත්වේ.
ඉන්දීය පිල වෙනුවෙන් ශීකර් දාවන් (68) සහ විරාට් කෝලි (නොදැවී 58) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 41 කට කඩුලූ 3 ක් දැවී සිටියදී මහේල ජයවර්ධන (38) සහ ඇන්ජලෝ මැතිව්ස් (51) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් අවධානම් තත්ත්වයෙන් ගලවා ගැනීමට සමත් වූහ.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 89 කදී හතරේ සහ හයේ පහර බැගින් ඇතුළත් කරමින් ලකුණු 51 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
රවින්ද්‍ර ජඬේජා යැවූ ඉනිමේ 31 වැනි ඕවරයේ පළමු පන්දුවට ලකුණු 25 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී ගිය බවට විනිසුරු නම් කළ ද විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයේදී එය දැවී යෑමක් නොවන බවට තීරණය කළේය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි යැවූ ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී මහේල ජයවර්ධන ලකු-ණු 5 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී ගිය ලෙස විනිසුරු තීරණය කළ ද විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයේදී දැවී නොගිය බවට තීරණය විය.
මෙහිදී ඉන්දීය නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි මද වේග පන්දු යවන්නකු ලෙස ඕවර 4 ක් යැවීම මෙහිදී කැපී පෙනුණි. දිනේෂ් කාර්තික් එම ඕවර හතරේදී කඩුලූ රකින්නා ලෙස කටයුතු කළේය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් නැවත අසාර්ථක වෙමින් ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂන් ලකුණු 12 ක් ලබා සිටියදී පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී පාදයේ ආබාධයකට ලක්ව සිටියෙන් ඉවත් වූ අතර 48 වැනි ඕවරයේදී නැවත පන්දුවට පහරදීමට පිටියට පැමිණියේය.
ශ්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල්ට සහ ශාමින්ද එරංගට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවූ අතර ජීවන් මෙන්ඩිස් සහ තිසර පෙරේරා මෙම තරගයට කැදවා තිබුණි.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම
ශ‍්‍රී ලංකාව
කුසල් ජනිත් - ඇ. රයිනා ප. කුමාර් 4
තිලකරත්න ඩිල්ශාන් - නොදැවී 18
කුමාර් සංගක්කාර - ඇ. රයිනා ප. ඉෂාන්ත් ශර්මා 17
ළහිරු තිරිමාන්න - ඇ. රයිනා ප. ඉෂාන්ත් ශර්මා 7
මහේල ජයවර්ධන - ප. ජදේජා 38
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. කුමාර් ප. අශ්වින් 51
ජීවන් මෙන්ඩිස් - ස්ට. දෝනි ප. අශ්වින් 25
තිසර පෙරේරා - ඇ. ධාවන් ප. ඉෂාන්ත් ශර්මා 0
නුවන් කුලසේකර - ප. අශ්වින් 1
ලසිත් මාලිංග - නොදැවී 7
අතිරේක 13
එකතුව ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 181
කඩුලු වැටීම : 1-6, 2-36, 3-41, 4-119, 5-158, 6-160, 7-164, 8-171
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා : රංගන හේරත්
පන්දු යැවීම : බුවනේශ්වර් කුමාර් : 9-2-18-1, උමේෂ් යාදව් : 8-2-30-0, ඉෂාන්ත් ශර්මා : 9-1-33-3, රවින්ද්‍ර ජදේජා : 10-1-33-1 මහේන්ද්‍ර සිං දෝනි : 4-0-17-0, රවිචන්ද්‍රන් අශ්වින් : 10-1-48-3
ඉන්දියා කණ්ඩායම : මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, ශීකාර් ධාවන්, රවින්ද්‍ර ජදේජා, දිනේශ් කාර්තික්, විරාට් කෝලි, බුවනේශ්වර් කුමාර්, සුරේෂ් රයිනා, ඉෂාන්ත් ශර්මා, රෝහිත් ශර්මා, උමේෂ් යාදව්
ඉන්දියාව
රෝහිත් ශර්මා - ප. මැතිව්ස් 33
ශීකාර් ධාවන් - ස්ට. සංගක්කාර ප. මෙන්ඩිස් 68
විරාට් කෝලි - නොදැවී 58
සුරේෂ් රයිනා - නොදැවී 7
අතිරේක 16
එකතුව ඕවර 35 කදී කඩුලූ 2ක් දැවී 182
කඩුලු වැටීම : 1-77, 2-142
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, දිනේශ් කාර්තික්, බුවනේශ්වර් කුමාර්, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්
පන්දු යැවීම : නුවන් කුලසේකර : 10-0-45-0, ලසිත් මාලිංග : 8-0-54-0, තිසර පෙරේරා : 6-0-25-0, ඇන්ජලෝ මැතිව්ස් : 4-0-10-1, රංගන හේරත් : 4-0-14-0, ජීවන් මෙන්ඩිස් : 3-0-28-1
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ දිල්ෂාන්. කුසල් වෙනුවට චන්දිමාල් ඕපන් කරානම් හරි. (ස)
සල්ලි මල්ලක් හම්බවුනාද ? (ස)
සුනිමල මහත්තයෝ, මොක්දද්ද ජුගුබ්සාජනකයි කියන්නේ? (නි)
අපි තරගය පටන් ගත්තේ වේග පන්දු යවන අයගෙන්. මම හිතුවා අපි ඉවරයි කියලා.(නදී)
කීයටද වික්කේ .? IPL තියෙනකන් අපි ඉන්දියාවට පරදි.(ස)
අනෙක් රටවල් වල අලුතෙන් එන අය ආපුගමන් වැඩ පෙන්වලා මැච් දිනවනවා. අපේ අලුත් අය අවාරයට පොල් වැටෙනවා වගේ එකක් ගහලා 10ක් විතර නිකන් ඉන්නවා. (නි)
මාධ්‍ය අපේ කණ්ඩායම පිම්බුවත් නියම ශූරයෝ කව්ද කියලා ඉන්දියාව අද අපට පෙන්නුවා.(නදී)
අර්ජුනලගේ කාලේ නොවෙයි දැන් මේ කාලේ. ඩොලර් වලට අයි.පී.එල් ගහන්න ලැබුනේ.//(නදී)
ඉර හඳ වගේ කියන්නම් කට්ටියටම මොනවාහරි වෙලා. දිල්ෂාන් කකුල රිදෙනවා කියලා ගියා. ලකුණු වේගය හිතන්නවත් බැරි තරමට බැහැලා. ටෙස්ට්වත් මෙහෙම ගහන්නේ නැහැ. මෙයාල අපිට හැමදාම කළේ කොලේ වහලා ගහපු එක. (නි)
ද්‍රෝණිත් බෝල් කලා එහෙනම්... අපේ අය ටෙස්ට් ඉනිමක් අපුරුවට ක්‍රීඩා කලා (නි)
මැච් එකේ තව දිනන්න දෙයක් තිබුනේ නැහැනේ. ටොස් එක දිනුවා කියන්නේ මැච් එක දිනුවා කියන එකනේ.එංගලන්තේ කාළගුණේ මැච් දිනන්න නම් ටොස් එකත් දිනන්න ඕනෑ. මේකත් හරියට 2007 ලෝක කුසලානේ වෙච්ච දේ වගේ. අපේ කණ්ඩායමට බැනලා වැඩක් නැහැ. ඔය තරමට අවසන් පූර්ව ආපු එකත් මදැයි. ටොස් එක දිනන්නයි දිලාගේ කකුල කැඩෙන්නයි කට්ටඩි මොනවා හරි කලාවත්ද? දැන් ඉතින් එංගලන්තෙට සපෝර්ට් කරමු. (නි)
ලැජ්ජාවේ බැහැ. අපේ එක්කෙනා ඇඹරුන හැටි දැක්කා නේද? (නි)
දැන් ඇවිල්ලා කියයි පැරදීමට හේතුව. ඔය කතා වැඩක් නැහැ අපට. දැන් තේරුම් කාරක කමිටුවෙන් මේ අයට තේරුම් කරලා දෙන්න ඉදිරියේදී පැවෙත්වෙන වෙස්ට් ඉන්දීයඅන් තුන් කොන් සටන ගැන. යන්නෙ ටෙස්ට් මැච් ගහන්න නොවෙයි,වන් ඩේ ගහන්නයි කියලා (නි)
කුසල් වෙනුවට චන්දිමාල්ව දාලා කුසල්ව අයින් කරලා චන්දිමාල් දිල්ෂාන් ආරම්භක පිතිකරුවන් ලෙස එව්වා නම් මිට වැඩිය හොද වෙන්න තිබුනා (නි)
මේ ගහන්නේ ක්‍රිකට් ද? ලෝක ප්‍රසිද්ධ ක්‍රිකටර්ස්ලා සෙල්ලම් කරන හැටි දැක්කම ලැජ්ජා හිතෙනවා. ඉන්දියාව ඉදිරියේ කකුල් ගැහෙනවා (නි)
සංගාගේත් කකුලේ අමාරුවක්ද? හා හා හා හා කොහොමද වැඩේ? ඔන්න ක්‍රිකට්. අපේ කාලේ කනවා විතරක් නෙමෙයි රටම කනවා. (නි)
අපේ ක්‍රීඩකයින්ට හැකියාව තිබුණට ආත්ම විශ්වයක් නැහැ. එකයි වර්ල්ඩ් කප් එකේදී වගේම මේකත් අනාගත්තේ.අපිට පුළුවන් කියන ධෛර්යය දෙන්න විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ සේවාව අත්‍යාවශ්‍යයි. එහෙම නොවුනොත් ඉතින් හැමදාම හූල්ලන්නයි වෙන්නේ. අද වගේ. මම අදහස් කරන්නේ, ලෝකේ ක්‍රිකට් ආධිපත්‍යය තියෙන්නේ ඉන්දියාව අත වුනාට, ඔවුන් පරද්දන්න අපිට පුළුවන් කියන ආත්ම විශ්වාසය අපි ගොඩ නගාගන්න ඕනෑ කියලයි. (නි)
1996 කාලේ සනා, කළු සෙල්ලම් කරනවා බලන්න ඔෆ්ෆි වල අය නිවාඩු දානවා. පාරවල් වල වාහන ඇහැ. දැන් කාලේ ..... ? (නි)
ගන්න දෙයක් නැහැ. මේක කනවා ... (නි)
අයියෝ ශ්‍රීලංකා 42/3යි. මේක නම් කනවා අමතක නොවෙන්න.(නදී)
නායකත්වය නැවත අනිවාර්යෙන්ම මහේලට හිමි විය යුතුයි (නි)
වරායට වැඩ වැඩිවෙයිද (අ)
අපේ කණ්ඩායමට හොද වේගවත් අරම්බක පිතිකරුවන් අවශ්‍ය වෙලාවක්.(නදි)
ක්‍රීඩකයෙක් වුනාම සටන්කාමිත්වයක් තියෙන්න ඕන. ගංගුලිට වගේ. වාස්ට වගේ. අපේ අයගෙන්නම් ඒ ගතිය චුට්ටක්වත් පේන්න තිබ්බේ නැහැ. ඒ තරමටම දියාරුයි. මහරවිට ඉන්දියන් ක්‍රීඩකයින්ට තියෙන බය නිසා වෙන්න පුළුවන්, ලබන අයි පී එල් චාන්ස් එක නැති වෙයි කියලා.(නදී)
මම කියන්නෙත් චන්දිමාල්ව ඕපන් එවන්න කියල මොකද ඔහුට විශාල පහරවල් ගහන්න බැරිවුනාට දක්ෂ පොතේ පහරවල් ගහන්න පුළුවන් නිසා පලවෙනි ඕවර 10 ඇතුලතදී ලකුණු ලබාගැනීමේ හැකියාව තිබෙනවා කඩුල්ලත් රැකගෙන. (අ)
කව්ද පැරදුනේ? එන පාර අයි.පී.එල්. එකට හොඳට ලකුණු දාගත්තනේ. (නි)
මැච් එක ගැන නම් දුකයි පරදින ලකුණු තියෙන්නේ කමක්නෑ අපේ කොල්ලෝ දක්ෂයි තව දෙයක් තරංග හිටිඅනම් මෙහෙමෙ වෙන්නෑ (අ)
අපේ උපුල් තරංග කොහෙද දන්නේ නැ. උපුල් කඩුල්ල රැකගෙන හොදින් පහර දෙන්නෙක්. (ස)
ජය පරාජය සැමට පොදුය. අපේ ක්‍රීඩකයන් අපිට වටිනවා. (ස)
ඉන්දියාව අනුන්ව රවටලා දිනන්න දක්ෂයෝ. අපේ කොල්ලෝ ක්‍රිකට් ගහන්න දක්ෂයෝ. හැබැයි "අරවා" කාලා පරදින්න ඊටත් වඩා දක්ෂයෝ. ඔතන තියෙන්නේ හැකියාවේ ප්‍රශ්නයක් නෙමෙයි . රටට වඩා බඩ ගැන හිතන එකයි. (නි)
ට්‍රොස් එක පැරදුනේ අවාසනාවට. අපි 300ක් ගැහුවත් එයාලා ඒක ගහනවා. එහෙම පරාද වුනාට කමක් නැහැ.අපේ අය ගහපු හෙටි මතක් වෙනකොටත් බඩ දගලනවා. වාකට් බේරාගෙන ඕවර් 50 බැට් කරලා මොකටද ලකුණු නැතුව? ටෙස්ට් මැච් එකකවත් ඔය විදියට ගහන්නේ නැහැ. අනේ මේ විදියේ බයේ වෙව්ලිල්ලක්.... (නි)
ඉන්දියාවට ජය ලැබෙයි (නි)
ඉන්දියාව හා ඉන්දියාවේ ප්‍රාන්තයක් අතර තරඟය ලෙස වෙනස් කරමුද? (නි)
මැතිව්ස්ට තාම තනි තීරණ ගන්නත් බැරි පාටයි. පසු ගිය තරගයේත් කුමාර් සංගගක්කාර හා මහේල ජයවර්ධන තමයි පිටිය හැසුරුවේ. (නි)
කයි වගේ නැති වෙන්නම.(නදී)
ඉන්දියාවේ ක්‍රිකට් බලදාරින් ඉතාම කපට්යි. අයි.පී.එල් එකේදී අපේ පිතිකරුවන්ට බංකු රත් කරන්න දීලා, මාලිංගට බටර් ගාගා එයාගේ පන්දුවලට ඉන්දියාවේ බොහෝ පිතිකරුවන් හුරු කරගත්තා. (නදී)
ජනාධිපති තුමනි, ක්‍රීඩා ඇමති තුමනි. කොන්ද කෙලින් තබා වැඩකලයුතු කාලය පැමිණ ඇත. රටට ආදරේ ඇති ක්‍රීඩකයන් බිහි කලයුතු කාලය උදාවී ඇත. අයි පි එල් යන ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කොට නවක ක්‍රීඩකයන් යොදා අපේ කණ්ඩායම නැවත හදමු. නවකයන්ගෙන් අපි ජයග්‍රහණයන් කෂනිකව බලාපොරොත්තු නොවෙමු. අපි ඔවුන්ට ඒ සඳහා කාලයක් දෙමු. ඒ සඳහා ජනපතිට ශක්තිය ලැබේවා.(නදී)
අපිට ඕනෑ ක්‍රියාශිලී නායකයෙක්.... (නි)
ඉන්දියාව නම් නො. 1යි (නි)
ඕවර 41 ගීහිල්ලත් අපේ අය ක්‍රීඩා කරන්නේ ඕවර 15 ක් ගතවෙලා වගේ. (නි)
පන්දුව පිත්තට එන්නේ නැති බව නම් පෙනේ. එහෙත් ලකුණු 175 ක් ගහලා මදි වෙයි. (අ)
මැතිව්ස් නායකත්වයට තව පළපුරුද්ද ලබාගත යුතුයි වගේම ක්‍රිකට් වලට වාසනාවත් තිබිය යුතුයි. අර්ජුන, සනත්, මහේල ට්‍රොස් දිනනවා වගේ දැන් අයගේ වාසනාවත් නැහැ වගේ. (නි)
මගෙ ජිවිතේට දෑකලා නෑහෑ. මේ වගෙ මෑච් විකුණන ටිම් එකක්.(ස)
අපොයි ඉන්දියන් භීතිකාව වැළදිලා.ඒ ගොල්ලන් හිතන්නයි ටෙස්ට් මැච් එක්කක් කියලා. (අ)
අර ජීවන්ත මෙන්ඩිස් මොකක්ද කරන්නේ ? (නි)
සදරුවන් කියන එකම තමයි මමත් කියන්නේ (නි)
ලංකාව ඉන්දියාවට මෙච්චර බය මොකද. මේක ලංකාවේ බැරිකම නෙවෙයි. (ස)
ඔය කරගත්තේ ලස්සනට. මේක හැමදාම වෙන දෙයක්. කවදද මේ කොඩිවිනේ ඉවර වෙන්නේ ? (නි)
කමක් නැහැ අනේ. පැරදිලා ලංකවට ආවයි කියලා, මොකෝ අපි අල්ලන් ගිලිනවයෑ? (නි)
මටත් හිතෙනවා මේ ගොල්ලෝ අයි. පී. එල්. නැතිවෙයි කියන බයට වුවමනාවෙන්ම ඉන්දියාවට පරදිනවා කියලා. අපේ අයට ඔය තරම් බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. අපි රටට ආදරය කලත් මේ අය ආදරේ කරන්නේ සල්ලි වලට (නි)
කනවා නේද ඇති වෙන්නම? (නි)
කාලෙකින් හොද ටෙස්ට් මැච් එකක් බැලුවා. (නි)
මොකෝ අපී මීට ඉස්සෙල්ලා ඉන්දියාවට බයේ තරග පැරදෙනවා දැකලා නැද්ද? (නි)
ගන්න දෙයක් නැහැ , විනාශයි (නි)
මම හිතන්නේ ඉන්දියාව කඩුලු 2 ක් විතරක් දැවිලා ඔය ලකුණු ප්‍රමාණය ලබා ගනී. (නි)
මහේල අම්පයර් දුන් අවුට් දෙකක් රිවීව් කරලා බේරාගත්තේ. එහෙම නොවුනා නම් ඉතින් ඔයිට කලින්ම සියලු දෙනාම අවුට් වෙනවා. දිල්ෂාන් මවාපෑමක් කලාද? මාලිංග වෙනදා බෝල් කරන බෝල් ක්‍රමවේදය භාවිතා කලේ නැහැ කියලා ඉංග්‍රීසි කමෙන්ටර් කෙනෙක් කියනවා මට ඇහුනා. සංගා අනවශ්‍ය පහර එල්ල කළේ. ඒ කොහොම වුනත් ලංකාවේ අය අයි.පී.එල්. යනකන් ඉන්දියාව සමග ඇති කිසිදු වටිනා තරගයක් දිනා නොගනනු ඇත (නි)
අපේ ප්‍රධාන පෙලේ නොවන ක්‍රීඩකයෝ ගොඩක් ක්‍රිකට් ගහන්නේ තේරීම් කමිටුවට පේන්න මිසක් රට ගැන හිතල නොවෙයි නේද?.(නදී)
මෙයාලගේ මණ්ඩලේ කචල් එකක්වත්ද? මැතිව්ස්ට බැහැනෙ නායකත්වයේ ඉනිමක්වත් ගොඩනගා ගන්න (නි)
කෝ අපේ කට්ටියගේ ලොකු ලොකු කතා? (නි)
දිනන දාට කොල්ලො ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා. එකක් දෙකක් අයියෝ පැරදුණාම ගොයියෝ මොකක්ද මේ කළේ අහනවා. එහෙම තමා ලෝකේ හැටී, කවුරුත් කැමති නැහැ පරදින්න.(නදී)
අයියෝ සනත්, අරවින්ද වගේ ඉන්දියාවට ගහන ක්‍රීඩකයෝ අද නැහැ. (නි)
අපේ අය ඔය ගැහුවේ පහුණු තරගයක්නේ. ඔයාලා දන්නෙ නැද්ද ඒක? (නි)
ඕක ඉන්දියාව දිනුවට අන්තිම ෆයිනල් එක එන්ගලන්තෙන් කනවා ඇප නැති වෙන්න. (නි)
චන්දන මගේ ජීවිතේට දැකල නැහැ මේ වගේ මුදලට කෑදර අය ටිකක්. (ස)
මහේල, සංගා , දිල්ෂාන් විශ්‍රාම ගත් දවසක අපිට දෙයියන්ගේම පීහිටයි. (නි)
මේක අයි.පී.එල්. ඵකක් නම් උඩින්ම දිනලා. ඉස්සර සනත්ලා අර්ජුනලා අරවින්දලා ඉන්දියාවට දුවන්න ගැහුවා. ඵ්ත් දැන් ඉන්දියාවත් ඵක්ක ගහන හැම මැච් ඵකක්ම පරදිනවා. (නි)
අපේ අලුත් අයට තරඟයක්වත් ගොඩ දාගන්න බැරි හැටි? (නි)
ටෙස්ට් මැච් එකක් බැලුවා නම් මීට වැඩිය හොඳා කියලා හිතෙනවා. (නි)
දෝනි, අශ්වින්, ධාවන්, ජදේජා, කාර්තික්, කෝලි, කුමාර්, රයිනා, ශර්මා, රෝහිත් ශර්මා, යාදව් එකතුවෙලා ලංකාවට දුන්නා උඩ යන්න. (නි)
දැන් කෝලි ඇවිල්ලා නෙළයි දිගට හරහට..... (නි)
විරාට් කෝලි ගහයි දන්නේ නැහැ 100 ක්. ඒ තරමටම දක්ෂ නිර්භිත ක්‍රීඩකයෙක්. (නි)
ඔය ලොකු කථා කියන අය ගිගින් බැට් කරලා පෙන්නනවද? (නි)
මේ ධනුෂ්ක, ඔයා වීරයා වෙන්න ඔහොම කතා කළාට වැඩි හරියක් ප්‍රේක්ෂකයෝ හිතන්නේ එහෙම තමා. ඔයා ඉන්දියාවේද ඉපදුනේ ? (නි)
ධනුෂ්ක කියන්න හදන්නේ එයා පාසල් යන කාලේ ක්‍රිකට් ගැහුවා කියලා. අපිත් ගැහුවා තමයි හලෝ !!! (නි)
ඉන්දියාවත් එක්ක බය නැතුව ක්‍රීඩා කරන්න අපේ අය ඉගෙනගන්න ඕනෑ. (නි)
ඉන්දියන් අය දැක්කහම අපේ අයගේ කකුල් වෙව්ලනවා. මැච් එක පරදිනකම් ආරක්ෂා වෙනවා. සනත් කලුලා කවදා නැවත ඉපදේ? මැච් එක පරදිනකම් පිත්තයි පාදයි එකතැන තබා ආරක්ෂා සහිත පහරවල් එල්ල කරනවා. දෙයියන්ගේම පිහිටයි (නි)
කටමැත දොඩනකොට අපි දන්නවා මේක වෙනවා කියලා.(නදී)
ඉස්කෝලේ ක්‍රිකට් නෙවෙයි හලෝ මේ ගහන්නේ (නි)
ලබන පාර අයි.පී.එල් කොන්ත්‍රාත් සදහා අපේ ක්‍රිඩකයන් උවමනාවෙන්ම පරදින්න ගහන්නේ. (අ)
ඔයාල ඉන්නේ කේන්තියෙන් මැච් එක පරදිනවට , පිච් එකේ ප්‍රශ්නයක් නැති පටයි (අ)
කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක ඉවසන්න බෑ. කාට පැරදුනත් ඉන්දියාවට පරාද වෙන එක තමයි ඉවසන්න බැරි. (නදී)
ක්රිකට් ක්‍රිකට්මයි කොහේ ගැහුවත්...(අ)
වෙන රටක ජීවත් වෙනකොට ඉන්දියාවට මැච් පරදින එකේ වේදනාව වැඩියි. මොකද අපි මෙහෙ ඉන්න අයගෙන් එක එක කතා අහන්නත් ඕනා. රට වෙනුවෙන් කටවහගෙන ඉන්නත් බැහැ. මරාගන්නත් බැහැ. ඒක නං කියන්න බැරි තරන් වේදනාවක්. මෙච්චර ඉන්දියාවට නෝන්ඩි උනේ නැ. දුලිප් මෙන්ඩිස් ලගේ කාලේ වත්.(නදී)
චන්දිමාල් , හේරත් , එරංග ඇරුනහම ටීම් දෙකේම අය එක ටීම් එකක වගේ (නි)
අපි පිළිගන්න උවමනය් එංගලන්තය සහ ඉන්දියාව අපිට වඩා දක්ෂ කම් අතින් ඉහලින් ඉන්න බව. කණගාටු වෙන්න උවමන පසුගිය T20 ලෝක කුසලාන ලෝකයේ හොඳම කණ්ඩායම වෙඅලත් අපේම රටේ දී පැරදුන එක ගැන. (ස)
අපිට මැච් එක ගහන්න ඕනෑ. වැස්ස වස්සන්න ඕනෑ අපේ මැච් එකට විතරද? ඔය ක්‍රමය මොකක්ද ? (නි)
අනේ වහින්න නම් එපෝ (නි)
හා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් හරියට විපක්ෂය වාගේ....... තරගාවලියක් දිනපු කාලයක් මතක නැහැ. බොරුවට කටින් බතලකොල හිටවනවා විතරයි.(අ)
දීමනා වැඩිකිරීම, භාර්යාවන් සදහා නොම්ලේ ගුවන් ටිකට් පත් ලබාදීම ප්‍රතිඵල තමා මේ...(අ)...
එයාලටනම් දිනුවත් සල්ලි, පැරදුනත් සල්ලි. කරන්ට් එක පුච්චගෙන බලන අපි තමයි මාසේ අන්තිමට කරන්ට් බිල් ගෙවන්න ඕනේ. රට ගැන හැගීමකින් සෙල්ලම් කරන්න ඕනේ නේද?(නදී)
රාවනා රජ්ජුරුවෝ හිටියානම්.(නදී)
ඉන්දියාවේ සල්ලි හොඳට වැඩ කරනවා වගේ (අ)
අපි කල්ලින්ම ඕක දැනගෙන හිටියා. මැච් එකට දවසකට කලින් ඉන්දියාවේ බුකි කාරයෝ මැච් එක ෆිනිෂ් කරලා ඉවරයි. පව් නිදි මරාගෙන, කරන්ට් පුච්චගෙන මැච් බලන අපේ මිනිස්සු (නි)
රක්ෂණ වන්දියක් ගන්න ලෝක කුසලාන අවසන් තරගයට සෙල්ලම් නොකරපු නායකයෙක් ඉන්න කණ්ඩායමක් මීට වඩා හොදට සෙල්ලම් කොරයි කියල හිතනවද?(අ)
විනාශයි. ඉන්දියාව දිනන කාසියේ වාසිය, නරක පෙර නිමිත්තක් (නි)
ඔය සමහර අය තන තීරුවට, කාල ගුනෙට බැන්නට, ලෝක මට්ටමේ ඉන්න කණ්ඩායමක් වුණාම එහෙම අමාරු තණතීරු වල පන්දුවට පහර දී ගොඩ එන්න දැන ගන්න ඕනේ.(ස)
කොච්චර පීචන්ද කියනවනම් දෝනිත් බෝල් කලා ..මේ තරමටම අපේ කට්ටිය දෙකේ කොලේට දැම්ම.(අ).
අපිට ජාත්‍යන්තරයට යන්නත් පුළුවන් ක්‍රීඩා කිහිපයකින් පමණයි. ඒවත් ටිකෙන් ටික අපෙන් ගිලීහි යනවා. මලල ක්‍රීඩාව, කාන්තා පැසිපන්දු.....දැන් ක්‍රිකට්.....අනේ හපොයි !!!(ස)
කුසල් ජනිතව අයේ මැච් වලට ගන්ඩ ඕනේ නැ මොකද ඇති වැඩකට නැ පොඩි ළමයක් උනත් ඔය ලකුණක් දෙකක් ගහනවා (අ)
කාසියේ වාසිය සෑහෙන දුරට බල පෑවා ඊයේ. කොටින්ම කියනවා නම්, අපේ නායකයාට කණ්ඩායමේ කවුද සෙල්ලම් කරන්නේ කියලත් කියා ගන්න බැරිවුණා ටොස් එක පැරදුනාම. (නි)
අපේ කොල්ලන්ට බැනල වැඩක් නැහැ. ටොස් එක දිනුව නම් මැච් එක දිනුම් ඒක ඕනෙම ටීම් එකකට බලපානවා(ස)
දැන් අපට ඉතිරිවෙලා තියෙන්නේ අයි.පි .එල් යන අය ඉන්දියාවට විකුණලා දාලා ,අලුතෙන් රටට සෙල්ලම් කරන කණ්ඩායමක් හදන එක. මෙහෙම ගියොත් ක්‍රිකට් වලට දෙවි පිහිටයි.බලධාරියන්ගේ මොලේ පෑදෙවා! ඇස් පෙනී, කන් කන් ඇසෙත්වා! (නි)
අනේ වැස්ස වලාහක දෙවියනේ අදට විතරක් අපට සමාව දෙන්න.(ස)
මේ වර්තමාන රජයයි ක්‍රීඩාවයි කියන දෙක එකිනෙක පැහෙන්නේ නැති පාටයි. විශේෂයෙන්ම රගර් ක්‍රීඩාව දියුණු කිරීමට රජය උපරිම උත්සහයක් ගත්තද, අනෙකුත් ක්‍රීඩා වලට දුර්වල නිලදාරීන් පත් කිරීම නිසා එම ක්‍රීඩා දිනෙන් දින වල පල්ලට යනු ඇත.(ස)
සල්ලි පිටිපස්සෙන්ම යද්දි ක්‍රිඩකයො පිරිහෙනවා කියලා දැන් තමා හොදටම තේරෙන්නෙ. ඉන්දියාවෙ උගුලට දැන් හැම රටක්ම අහුවෙලා ඉන්නෙ. ඒ ගොල්ල අයි.පී.එල් එකේදි හොදට ක්‍රීඩකයො අධ්‍යයනය කරනවා. මම නම් හිතන්නෙ මේ දිනුම දුන්නෙ නිකන් කියල අපේ අය ගහපු ගැහිල්ල දිහා බලපුහම (නි)
අපරාදේ... (ස)
බැරිවෙලාවත් වර්ෂාව නිසා තරඟය අත්හැරියොත් ඉන්දියාව අවසන් තරඟයට යනු ඇත.(ස)
ඇත්තටම පසුගිය මෙවැනි තරඟාවලි කීපයකදීම අපගේ ඉදිරි පෙල පිති කරුවන් මෙන්ම පන්දු යවන්නන් දැක්වූ ඉතා දුර්වල ක්‍රීඩා විලාශය, ව්ශේෂයෙන් ඉන්දියාව හමුවේ, වචනයෙන් විස්තර කල නොහැකි තරමට පිළිකුල් සහගතයි. තරඟ මුදලට පාවා දුන්නේද? සැක සිතෙන තරමට ජුගුබ්සාජනකයි.(ස)
මම ඉන්දියාවෙ අය එක්ක වැඩ කරන්නේ ; පුළුවන් නම් ගෝනියක් එවනවද ලංකාවෙන් ඔලුවට දා ගන්න (අ)
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපන් ගහපන් අයිපීඑල් (අ)
කවද්ද අපි ආයේ අපේම කියල ක්‍රිකට් කණ්ඩායහක් හදා ගන්නේ? (අ)
අපරාදේ අර්ජුනලගේ අරවින්දලාගේ ලංකාවේ ක්‍රිකට් වලට ගත්ත මහන්සිය (නි)
ඒ ගමන කොටි මදිවට වැහි ! (ස)
මහේල,දිල්ෂාන්,සංලා විතරයි හොදට සෙල්ලම් කරන්නේ.අනිත් අය පිත්ත වනනවා විතරයි.මීට වඩා හොදයි ඉස්කෝලේ ළමයි ටිකක් දැම්මා නම් අලුතෙන්. (නි)
අපේ අය බය වෙන්න එපා.අපේ අයට දෙවි පිහිටයි ! (ස)
ගෝනියක් සහ කිරල මුඩි 2 ක් විතරත් ඕන ලංකාවෙන් කන් දෙකට ගහ ගන්න (අ)
කාලයක් ඕස්ට්‍රේලියාවේ පන්දු යවන්නන්ට වෙව්ලුවා. දැන් ඉන්දියාවේ පන්දු යවන්නන්ට දගලනවා. (අ)
මම නම් කියන්නේ අපි මහේල සංගක්කාර දිල්ෂාන් වගේ අය පොඩ්ඩක් එළියෙන් තියො කණ්ඩම්බි කපුගෙදර පොඩ්ඩක් අරගෙන මැතිව්ස් පොඩ්ඩක් එලියෙන් තියලා නායකත්වය කන්දම්බිට දීලා පොඩ්ඩක් නග්ගලා ගමුද? මැතිව්ස් හොද නායකයකුට වඩා තුන් ඉරියවු බැට්මන් කෙනක්. (නි)
මගේ අප්පලට මහන්සිය, ලංකාවට ගියහම මුකුත් කියල කරලා මහන්සි කරනවා. එහෙම නොවෙයි ඕං; ආයේ අයිපීඑල් වලට යන්න ලැහැස්ති වෙන්න එපායැ (අ)
කුලේ මචන් කැලේ බෝල දාල, එනපාර වෙන කණ්ඩායමකට සම්බන්ධ වෙන්න බලන්න (අ)
තව තවත් අයි පි එල් යන්නකෝ. එතකොට හරි (නි)
හෙලයනි අපට ජය නියතයි. ඉවසා සතුටින් සිටිමු. (නි)
ඇයී කුසල් පෙරේරාව යවන්නේ. එයාව මැදට දාලා මහේල ගියා නම් ඉවරයි. මේ සීසන් එකට විතරක් එහෙම කළාට කමක් නැහැ. ෆෝරම් එකේ නැත්නම් එහෙම කරන එක තමයි හොඳ. (නි)
ඔතන තියෙන්නේ දේශපාලනය. අපිට වඩා ඕක වටින්නේ ඉන්දියන්කාරයන්ට. මේවා බලන අපිට ගහන්න ඕනෑ. දැන් ක්‍රිකට් සල්ලි විතරයි. රටක් වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැහැ. අපේ ඒ ටීම් එක යැවුවා නම් මීට වඩා හොදට ගහනවා. දැන් කට්ටිය රගපානවා, ක්‍රිකට් වේදිකා නාට්‍ය වෙලා. (නි)
ඉන්දියාවට ගහන්න නම් ඕස්ට්‍රේලියාවේ පෙන්ෂන් ගිය අය ගෙන්නන්නම වෙනවා. අපේ අය බැට් කරන හැටි දකිනකොට එපා වෙනවා. අපේ ප්‍රේක්ෂකයන්ට විතර දුකක් අපේ ටීම් එකේ අයට නම් නැහැ. (නි)
වැස්සට ඇඟ හිරි වැටිලා වගේ අනේ. (ස)
බලධාරීන් ක්‍රිකට් බලන්නේ නැතුව ඇති (නි)
කවුරු අපේ කණ්ඩායම හොදට පිම්බුවත් වැඩකාරයෝ කව්ද කියලා අල්ලපු රට පෙන්නුවා (නි)