මුදලට ක්‍රිකට් තරග පාවාදුන් බවට චෝදනා ලැබූ ඉන්දීය අයි.පී.එල් කණ්ඩායම් දෙකකට වසර දෙකක අයි.පී.එල් තරග තහනමක් පැනවීමට දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය.
මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එසේ දඬුවම් නියම කෙරිණි.
අග්‍ර විනිශ්චයකාර ආර්.එම්.ලෝදාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නිලධරයකු වන ගුරුනාත් මෙයියප්පන්ට හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු රාජ් කුන්ද්‍රාට ජීවිතාන්තය තෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමද තහනම් කෙරිණි.
අගවිනිසුරු - රාජේන්ද්‍ර මල් ලෝදා
චෙන්නායි සුපර් කිංග්ස් නිලධාරී - ගුරුනාත් මෙයියප්පන්
රාජස්ථාන් රෝයල්ස් හිමිකරු - රාජ් කුන්ද්‍රා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාමන්ත,ලාල්,ඔයාලාගේ අදහස් වලට කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
පක්ෂග්‍රාහී නොවී , බය නැතිව , කෙලින් තීරණ ගන්න පුළුවන් මේ වගේ අවංක , දක්ෂ , උසස් ගනයේ විනිසුරු වරු අඩු එක තමයි අපේ අවාසනාව. හොඳ අය නැතිවාම නෙමෙයි , කීප දෙනෙක් ඉන්නවා , ඒවගේම දුශිතයෝ සැහෙන්න ඉන්නවා .යහ පාලනය ක්‍රියාත්මක වීමේදී මෙවැනි උසස් විනිසුරුවරු බිහිවේවි කියල බලාපොරොත්තු වෙනවා. (ර)
චෙන්නායිකාරයෝ ක්‍රිකට් වලින් අතු ගලා දාන්න ඕනේ (නදී)
අපේ නඩුකාර උන්නන්සේලටත් හොඳ ආදර්ශයක් (හේ)