ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරයේදි අද(14) සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට ජීවිත හානියක් සිදුව නැති බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා මහතා පවසයි.
ජකර්තා නගරයේ ලාංකිකයින් 130 ක් පමණ වාසය කරන බවත්, මෙතෙක් ඔවුන් කිසකුටවත් තුවාල හෝ ජීවිත හානි සිදුවූ බවක් වාර්තාවී නැති බවත් තානාපතිවරයා සඳහන් කළේය.
අද (14) පෙ.ව 10.30 ට පමණ බෝම්බ ප්‍රහාරය සිදුව ඇති බවත්, එයින් ඉන්දුනීසියානු සාමාන්‍ය වැසියන් තිදෙනකු, පොලිස් නිලධාරියෙකු හා බෝම්බ රැගෙන ආ පුද්ගලයා මරණයට පත්ව ඇති බවත් දැනට වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd