ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය සමයේ ධීවර හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා හිටපු කොළඹ පුරපති ප්‍රසන්න ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහෝදරයකුද වේ.
මිය යන විට ඉන්දික ගුණවර්ධන මහතා 72 වැනි වියේ පසුවිය.
ඒ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි මොනවා කරන්නද , අහනකොට නම හුරු පුරුදුයි , නිවන් සුව ප්‍රර්ථනා කරනවා ! (අ)
මගේ මිත්‍රය , අපි අතර සිටි යහපත් මිනිසා ඔබය ඔබට නිවන් සුව පතමි (අ)
නියම සමාජවාදය සසර ගමනේදී හමුවේවා (අ)
සමාවෙන්න මෙහෙම කීවට... වාමාංශික ව්‍යාපාරේ පතාක යෝධයින්ගේ පුත්තු යන්නේ කොළඹ රාජකීය විද්‍යාලේටද... අම්මප කාට කියන්ටද මේවා.නිවන්සුව ලැබේවා (බ)
දෙමාපියන් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් බේරී ඉන්දියාවෙිදී උපන් ඉන්දික නම ලද ඔබට නිවන් සුව! (බ)
මම මෙතුමා සමග පාසල් විවාද වලට 1959 කාලයේ සහබාගි වී තිබෙනවා. මගේ පුතාට ඉන්දික කියා නම තිබ්බේ මෙතුමා නිසා. ඒකාලයේ රාජකීය විදුහලට ආරිය සිංහල ඇදුම ඇඳගෙන අාවේ මෙතුමා. (නදී)
මැතිදුනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා (ම)