IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දු - ලංකා හොද හිත තවත් තර කරයි

ශී‍්‍ර ලංකාවේ නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉන්දියා සංචාරයට ප‍්‍රථමයෙන් ශී‍්‍ර ලංකා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා මසුන් මරන්නන්ට අයත් බෝට්ටු 87 ක් නිදහස් කිරීමේ සූදානමක් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා වලට අනුව එළැඹෙන බ‍්‍රහස්පතින්දා දිනයේ නීතිපතිවරයා මෙම බෝට්ටු නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධතාවක් නැතැයි ඒවා සම්බන්ධයෙන් දැනටමත් නඩු විභාගයන් පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාතේ අධිකරණයන්ට දැනුම්දීමට නියමිතය.

අනවරසයෙන් ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට ඇතුළුවී මසුන් මැරීමේ යෙදුණේයැයි මෙම බෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස තම අත්අඩංගුවේ තිබෙන ශී‍්‍ර ලංකා මසුන් මරන්නන්ට අයත් බෝට්ටු 22 ද නිදහස් කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බවද සදහන්වේ.

මෙසේ බෝට්ටු නිදහස් කිරීම දෙරට අතර මිත‍්‍රත්වය තහවුරු කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස ඉන්දියා මාධ්‍ය හදුන්වාදී තිබේ.



අදහස් (0)

ඉන්දු - ලංකා හොද හිත තවත් තර කරයි

ඉන්දික Wednesday, 11 February 2015 06:00 AM

දෙන්න. දෙන්න !! බෝට්ටු ටික දීල මදි. ඉන්දියාවේ ධීවරයන්ට ලංකා මුහුදේ මාළු අල්ලන්නත් දෙන්න ඕනේ. ඒ විතරක් මදි ඉන්දීය මුහුදේ මාළු අල්ලන එක උතුරේ ධීවරයන්ට තහනම් කරන්නත් ඕනේ. (හේ)

:       0       0

චාමර Wednesday, 11 February 2015 06:04 AM

ජයවේවා.(හේ)

:       0       0

ඉන්දික Wednesday, 11 February 2015 06:30 AM

ඡන්දෙට ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච දේවල් දෙන්න එපැයි.(දිල්)

:       0       0

අනුර Wednesday, 11 February 2015 06:47 AM

ජයවේවා (දිල්)

:       0       0

ජයලත් Wednesday, 11 February 2015 07:04 AM

දැන් බලනකොට හිටපු ජනාධිපතිතුමා කළ දේවල්මනේ සිදු කෙරෙන්නේ. කිසිවක් වෙනස් වෙන්නේ නැහැයි කියන්නේ එතුමා කළ දේවල් නිවැරදියි කියන එකයි නේ. එතුමා පරාද වුණේ කන්නම බලන් ඉන්න අයට මුල් තැන නොදුන් නිසයි(දිල්)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 04:21 AM

රාම,රාවණ පරද්දන්න විභීෂණ යොදාගත්තා. ඇමරිකාව එක්ක තිබුන යාලුකම් මට්ටු කරන්න 80 දී කොටි අත යොදන වගේ දේවල් නැවත සිදු නොවේවා. (නදී)

:       0       0

රාජා ගුණවර්ධන Wednesday, 11 February 2015 09:43 AM

ඉන්දියාවත් හරියටම කොටි වගේමයි. වැරැද්ද අපේ අය තේරුම් නොගැනීමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site