ශී‍්‍ර ලංකාවේ නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉන්දියා සංචාරයට ප‍්‍රථමයෙන් ශී‍්‍ර ලංකා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා මසුන් මරන්නන්ට අයත් බෝට්ටු 87 ක් නිදහස් කිරීමේ සූදානමක් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා වලට අනුව එළැඹෙන බ‍්‍රහස්පතින්දා දිනයේ නීතිපතිවරයා මෙම බෝට්ටු නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධතාවක් නැතැයි ඒවා සම්බන්ධයෙන් දැනටමත් නඩු විභාගයන් පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාතේ අධිකරණයන්ට දැනුම්දීමට නියමිතය.
අනවරසයෙන් ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට ඇතුළුවී මසුන් මැරීමේ යෙදුණේයැයි මෙම බෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත.
ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස තම අත්අඩංගුවේ තිබෙන ශී‍්‍ර ලංකා මසුන් මරන්නන්ට අයත් බෝට්ටු 22 ද නිදහස් කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බවද සදහන්වේ.
මෙසේ බෝට්ටු නිදහස් කිරීම දෙරට අතර මිත‍්‍රත්වය තහවුරු කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස ඉන්දියා මාධ්‍ය හදුන්වාදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න. දෙන්න !! බෝට්ටු ටික දීල මදි. ඉන්දියාවේ ධීවරයන්ට ලංකා මුහුදේ මාළු අල්ලන්නත් දෙන්න ඕනේ. ඒ විතරක් මදි ඉන්දීය මුහුදේ මාළු අල්ලන එක උතුරේ ධීවරයන්ට තහනම් කරන්නත් ඕනේ. (හේ)
ජයවේවා.(හේ)
ඡන්දෙට ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච දේවල් දෙන්න එපැයි.(දිල්)
ජයවේවා (දිල්)
දැන් බලනකොට හිටපු ජනාධිපතිතුමා කළ දේවල්මනේ සිදු කෙරෙන්නේ. කිසිවක් වෙනස් වෙන්නේ නැහැයි කියන්නේ එතුමා කළ දේවල් නිවැරදියි කියන එකයි නේ. එතුමා පරාද වුණේ කන්නම බලන් ඉන්න අයට මුල් තැන නොදුන් නිසයි(දිල්)
රාම,රාවණ පරද්දන්න විභීෂණ යොදාගත්තා. ඇමරිකාව එක්ක තිබුන යාලුකම් මට්ටු කරන්න 80 දී කොටි අත යොදන වගේ දේවල් නැවත සිදු නොවේවා. (නදී)
ඉන්දියාවත් හරියටම කොටි වගේමයි. වැරැද්ද අපේ අය තේරුම් නොගැනීමයි. (බ)