ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු මාර්ගික පාලමක් සහ මුහුදු යටින් උමං මාර්ගයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ දෙරට අතර අද (16) සාකච්ඡා කෙරෙනු ඇති බව ඉන්දීය පීටීඅයි පුවත් සේවය වාර්තා කරයි. ඒ සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 5.19 (රුපියල් කෝටි 72600) ක මුදලක් වැයවේයයි අපේක්ෂිතය.
ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය නිතින් ගද්කාරි සහ ඉන්දියාවේ සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ ගැන සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.
ඉන්දියාවේ ධනුස්කොඩිය හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් දූපත යාකරමින් කි.මී 22 න් යුතුව මෙම මුහුදු පාලම හා උමං මාර්ගය නිර්මාණය කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවනු ඇති බව එම පුවත් සේවය සඳහන් කරයි.
බහු අංශික මූල්‍ය ප්‍රදාන ආයතනයක් වන ආසියා සංවර්ධන බැංකුව විසින් අ.ඩො බිලියන 8ක (රුපියල් බිලියන 1120.17 )පිරිවැයක් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, සහ නේපාලය වැනි රටවල මෙවන් සංවර්ධන ව්‍යාපෘති සඳහා දී ඇති අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වන ව්‍යාපෘතියටද ආසියා සංවර්ධන බැංකුව එකඟවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලම හැදුවම හරි.මොනවා කියන්නද ? රට ගැන දුක හිතෙනවා . (අ)
මේ විනාශය නවත්වන්න කව්රුවත් නැද්ද දෙයියනේ ??? (ම)
නුවන් මොකද වුණේ (ම)
ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක්, සාර්ථක වේවා! (ම)
ජල ප්‍රහාරක යාත්‍රා අවශ්‍ය වෙයි ඉස්සරහට ඉන්දියාවේන් බලෙන් මෙහෙට එනවුන්ව සහ ඔය උද්ඝෝෂණ කරන තමිල්නාඩුවේ අයියලාව නවත්වන්න පොඩ්ඩක් කල්පනා කොලොත් හොද නැත්ද මොකටද අමතර ප්‍රශ්න (අ)
බලමු හොද වැඩක් . මීට් කලිනුත් මේ වගේ යෝජනාවක් අවා එත් එක එතනම් යට හිය . මෙවරවත් පුළුවන් වුණොත් ලොකු දෙයක් . ජය වේවා ! ජය වේවා ! ජය වේවා ! .(ම)
අවරුදු 30 ගිහින් එක කරදරයක් ඉවර කළා මේකට පරම්පරා 7 ගතවේවි වගේ! (බ)
අනිවාර්යයෙන්ම මේ සඳහා මේ රටේ ජනතාවගේ කැමැත්ත ගත යුතුයි. (බ)
හොඳ ආයෝජනයක් (බ)
ඔන්න ඕක තමයි මම කීවේ ..පාඨකයෝ මට බැන්නේ උඩ පැන පැනා.. මේ ගැන කියද්දී ?දැන් වත් තේරෙනවද ? මේ රටේ ඉන්න පාලකයෝන්ගේ තරම. ජනතාවට ටිකක්වත් ඇහුම් කන් දීල , ජනතාවගේ කැමැත්ත අහලද මේවා තීරණය වෙන්නේ? මේක රනිල්ගේ රට නෙවේ. අපේ රට ...? මහින්ද මහත්තයාගේ කාලේ බැරි වුණු දේවල්..කරගන්න කව්ද මෙයාලව පත් කරගත්තේ කියල ...?අනේ දෙවියනේ මේ මොකද්ද වෙන්නේ අපේ රටට ...? (බ)
දැන් ඉතින් දකුණු ඉන්දියාවේ හිඟන්න පවා කොළඹ ඒවි හිඟා කන්න , මේ රටේ රස්සා ගැටලුව තවත් වැඩි වේවි.(අ)
ඔන්න ගිය හදිස්සිය. ඊලම නම් දැන් ඕනෙත් නැහැ (අ)
මිනිස්සුන්ට මේ පාලමේ ප්‍රයෝජනය තේරෙන්නෑ... ලංකාවට කුලු බඩු, පරිප්පු ඇතුලු බොහොමයක් නිශ්පාදන එන්නේ දකුනු ඉන්දියාවෙ ඉදලා නැව් මගින්. සිතියමක් අරන් බලන්න, ඉන්දියාවේ චෙන්නායි හෝ තූත්තුකුඩි වරායේ ඉදන් කොළඹ වරායට ලංකාව වටෙන් එනකොට ඒ භාන්ඩ වල මිල වැඩියි.. නමුත් මේ පාලම දැම්මත පස්සේ කෙලින්ම තමිල්නාඩුවේ ඉදන් දුම් රිය හෝ ලොරි හරහා බාන්ඩ ලංකාවට ගෙන ආ හැකි... ඒකෙන් ලංකාවේ භාණඩ වල මිල අඩු වෙනවා...(අ)
අධිවේගී මාර්ග වලට අපි ගෙවන ණයට වඩා මේකට ගෙවන්න වෙන ණය ගොඩක් අඩු ඇති නේද? චීන ආධාර නොවන නිසා මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේද? අධිවේගී මාර්ග හදන්නේ ඇබුල්තියල් ගෙනියන්නද කියල අහපු අයට දැන් කටඋත්තර නැතුව ඇති නේද? (අ)
මේක නම් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට හොඳ දෙයක් නොවෙයි. පාලම කොහොම වෙතත් උමං මාර්ගය තුලින් ත්‍රස්තවාදී කටයුතු මුල් කරගෙන ලෝකයේ තිබෙන ඕනෑම අපරාධයක්, කුඩු, මත්ද්‍රව්‍ය ආදී සියලුම අපරාධ සිද්ද වෙන්න පුළුවන්. මොකොටද මෙවැනි ව්‍යාපෘති අවශ්‍ය වන්නේ? රටවල් දෙක මුහුදු මාර්ගයෙන්, එනම් බෝට්ටු මගින් සම්බන්ධ කරගෙන වෙළඳ කටයුතු, සංචාරක කර්මාන්තය දියුණු කරගෙන, මෙවැනි අති විශාල මුදලක් ඉතිරිකරගෙන, මීට වඩා ප්‍රයෝජනවත් සංවර්ධන වැඩකටයුතු සඳහා යොදා ගැනීම ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් ආර්ථික වශයෙන් යහපත් වෙන්න පුළුවන්.... (අ)
සීපා ගිවිසුමත් මේත් එක්ක අත්සන් කලොත් ලංකාවෙ උගත් කොල්ලො කෙල්ලන්ට බැන්ගලෝර් වල තියෙන ඇමරිකානු සමාගම් වල රස්සාවට ගිහින් සතිඅන්තෙට කෝච්චියෙන් ගෙදර ආවහැකි...(ම)
මේ වැඩේ හොඳ දෙයක් නෙමේ. මම දැනට සේවය කරන්නේ ඩුබායි වල. මෙහෙ ඉන්න ඉන්දියානු අය මම හොඳට ආශ්‍රය කරලා තියනවා. එයාල ලංකාවට අවොත් විනාසේ. අනික පාලම සහ සීපා ගිවිසුම අත්සන් කළොත් ලංකාව නිකන්ම ඉන්දියන් කොලනියක් වෙනවා. (ම)
පරිසර සංවිධාන මොනවද කියන්නේ? මේ ප්‍රොජෙක්ට් එක ඒසියන් හයිවේ නෙට්වර්ක් එකේ කොටසක් විතරයි (බ)
ලලිත් බුදුන්ගේ දේශය ඉන්දියාව නෙමෙයි ශ්‍රී ලංකාවයි. දඹදිව යනු ජන්මය ලැබූ දීපය ඒ කියන්නේ දිවයිනක් දුපතක් බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයි. (බ)
අපේ රටේ ත්‍රස්තවාදය පෝෂණයට පරිප්පු දාපු අවුරුදු 30 යුද්ධයට බෝම්බ වලට ඝෘජුව වගකිවයුතු ඉන්දියාව සමග මේ වැඩේ කරන්න එපා...(අ)
මෙය වහාම නැවත්තිය යතු වේ. සිරියාවේ වගේ අපේ රටටත් තමිල්නාඩුවේ අය ඒවි.රටේ ස්වාධිනත්වය නැති වේවි. අනාගතයේ ඉන්දියාවේ බලපෑම් වලට යට වීමට සිදු වේවි. අපේ පුංචි රටට ආදරය කරන මිනිහෙක් නම් මේ සඳහා වහා නැගී සිටින්නට ඕන. (අ)
හොද ව්‍යාපෘතියක්... ලාංකික ව්‍යාපාරිකයන්ට ඉන්දියාවත් සමග ව්‍යාපාර කරන්නට මෙයින් ඉඩ ලැබෙනවා. (අ)
හොදයි මගේ ඇස් දෙක .එම් ජි මම ප්‍රර්ථනා කරනවා ඉන්දියන් කාරයෝ මෙහෙ ඇවිත් දෙකයි පනහේ පඩියට රස්සා කරන්න ගත්තට පස්සේ උබේ රස්සාව මුලින්ම නැති වේවා කියල ! (බ)
පිස්සු වැඩ කරන්න එපා යක්කුනේ අපිට ඉන්න වෙන රටක් නැනේ (බ)
ඉතාම හොද වැඩක්.......ලංකාවට අත්‍යාවශ්‍ය ව්‍යපෘතියක්...(බ)
තව ඉන්දියානු කොලනියක් වෙන්න යන්නේ ලංකාව (බ)
හපෝ ඉන්දියන් කාරයින් නම් අපේ රට ඇතුලට දා ගන්න එපෝ. මේක හොඳ දෙයක් නෙවෙයි .අපේ කට්ටියට තව ටික කාලෙකින් තේරෙයි. ඉන්දියාව හදන්නේ වටේ රටවල් ටික තමන්ගේ යටතේ තියාගන්න.මේක කරන්න කලින් ජනතාවගේ කැමැත්ත අකමැත්ත බලන්න. (අ)
අම්මෝ...අපි ඉවරයි (බ)
අපේ රටත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙයි නේ එතකොට ඒකීය රටක් කියල කියන්න පුලුවන්න්ද අපට. (බ)
දැන් ඉන්දියාවේ පාරේ වැසිකිළි යන අය සේරම පාලම දිගේ ලංකාවටත් ඇවිත් ඒ වැඩේ කරලා යයි (බ)
ලංකාවේ යුද්ධය නිමා නොවෙන්න නොදී, පරිප්පු දමා ආශීවර්වාද කල එතැනින් නොනැවතී තුස්තයන්ට පුහුණුවත් දුන්, 30 වසරක යුද්ධයේ අතරමැදියන් දැන් ලාංකීය ද්‍රවිඩ දීවරයන්ට පන්න පන්නා පහර දෙන ලාංකීය මුහුද කිසිදු චකිතයකින් ආක්‍රමණය කරන ඉන්දියාවේ හෙවනැල්ලවත් එපා. ස්වභාදමහ මේ රට අපිට දුන්නේ දෙබිඩ්ඩන්ගේ වෙන් වෙලා ඉන්න. තියන ගුවන් මාර්ගයයි, මුහුදු ගමනුයි හොදටෝම ඇති... අනික අපි ඉන්දියානුවන්ට ඔන් අරයිවල් වීසා දීල තිබුනාට ඉන්දියාව අපිට දුන්නේ නැහැනේ. ඒක නිසා මේවා හැදුවාටත් වැඩක් නැති බව පේන්නේ නැද්ද.. රට වනසන මේක කරන්න එපා. (අ)
මෙය අපේ රටට හොඳ දෙයක් නොවේ. (අ)
මෙය හොඳ වැඩක් කියන අය පළමුව කරුනකාර ඉන්දියානුවන් සමග වැඩ කර ඇති අය සමග සහ ඔවුන් ගැන දන්නා අය සමග කතා කර අදහස් දක්වන්න (අ)
ඉතාම හොද වැඩක් කියලා කරලා බලමු ......... ඉන්දියාවෙන් එන හැම කෙනාගේම ලේ සාම්පලයක් පරික්ෂාකොට රටට ඇතුල්කරන වැඩපිළිවෙලක් දැන්ම හදන්න ??????? එම ලේ සම්පලයෙන් කොටසක් සැටලයිට් හරහා ඔහු ඉන්න තැන බලාගන්න තවත් වැඩපිළිවෙලක් හදන්න මොකද ලංකාවට ඇතුල්වෙලා කොතන හැංගිලා ටිකදවසකින් පුරවැසිකම අරගෙන මේක අපේ රට කියන්න කලින් .(අ)
මේ මුදල් වලින් යාපනයේ ජනතාවට යමක් කළා නම් හොඳයි නේද? පාලම් හදලා රටවල් දෙක යාකරලා තවත් දේශසීමා ප්‍රශ්නයක් ඇති කරගන්නද හදන්නේ?තිබෙන කච්චතිවු ප්‍රශ්නය මදිවාට.දේශසීමා ප්‍රශ්න වලට පාකිස්ථානය එක්ක මරාගන්න හැටි පෙනෙන්නේ නැද්ද? මීට වඩා විසඳන්න මූලික ප්‍රශ්න මේ රටේ නැද්ද?අප රටේ මත්ස්‍ය සම්පත හොරාකන එක නවත්වන විදියක් ගැන ක්‍රියා කළා නම් මොකද වෙන්නේ? (නි)
මේක නම් කරන්න දෙන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)
නියමයිනේ! (නි)
මේක ප්‍රශ්න ඇතිකරගන්න යන වැඩක් කියලයි මට හිතෙන්නේ. මේකෙන් වෙන්නේ තව තවත් අනවශ්‍ය ප්‍රශ්න වැඩිවෙන එක විතරයි. ඉන්දියන්කාරයන්ගේ හැටි අපි හොඳාකාරයෙන් දන්නවා (නි)
උතුරේ ත්‍රස්තවාදයක් ඇතිවුණොත් ඉන්දියාවෙන් මේ පාලම හරහා ගොඩක් උදවු ලැබෙයි. අපේ රට යටත් විජිතයක් වෙයි. ඉන්දියාවේ අපිරිසිදු ජනයා මෙහෙට එයි.නැව් මඟින් බඩු ගෙන්වන වර්තමාන ක්‍රමය හොඳටම ඇති.පාලම් එපා (නි)
ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක්. සාර්ථක වේවා! (නි)
මේකේ තිබෙන හොඳ මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
ඉතා හොද ව්‍යාපෘතියක්. රටක් දියුණු වන විට ලෝකය සමඟ සම්බන්ධ විය යුතුයි. පාලමක් උමඟක් දෙම්ම පලියට එකේ දිගේ හැම මිනිහටම යන්න නොහෙක. ගුවන් තොටුපළක තිබෙන සියලුම ආරක්ෂණ විදි මෙවැනි පාලමකත් තිබේ. සිංගප්පුරුව හා මලයාසියාව අතර දැනට පාලම් 2 ඇත. තවත් අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදි කරමින් පවතී. මෙලෙස පාලම් තිබු පමණින් සිංගප්පුරුව මලයාසියාවට යට වී නෙමැත.. ගුවන් මගින් යාමට මුදල් නැති මගීන්ට මෙය මහගු අවස්ථාවකි (ම)
මේකෙන් ලංකාව ඉන්දියාවට යාවෙනවා විතරක් නොවේ, ඇමරිකා මහාද්වීපය සහ ඕස්ට්‍රේලියා මහාද්වීපය හැර මුළු ලෝකයටම ගොඩබිමින් යන්න පුළුවන් වෙනවා (නි)
ඉතා හොඳ වැඩක්. අපි දුපත් මානසිකත්වයෙන් මිදී ලොව සමඟ අත්වැල් බැඳගනිමු. ගෝලීයකරණය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනයන අලුත්ම වැඩපිළිවෙල සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා ! (නි)
ගුණපාල මහත්මයා, මෙ පාලමේ තිබෙන ප්‍රයෝජනය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? (නි)
අර එක එක විදිහට රන් ඉන්දියාවට අදින අයට නම් බොහොම සතුටු ඇති. (නි)
මේ අදහස් දාන අයගෙන් පේනවා ලංකාවේ අය කොච්චර මෝඩද කියලා.සීපා ගිවිසුමේ පළවෙනි පියවර මෙය නොවෙයිද? (කමක් නැහැ. මේවා දකිනතුරු අපි ජීවත්වෙන්න තරම් පව් කළානේ ) (නි)
එහෙම වුනොත් හම්බන්තොට වරායට නැවු ඒවි. (බ)
නුවන්ට පිස්සු අංගොඩ අරගෙන යමු (බ)
නුවන්ට විමල්ගේ පිස්සු ව හැදීල (බ)
ඉන්දියාවේ ධනුස්කොඩිය හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් දූපත යාකරමින් කි.මී 22 න් යුතුව මෙම මුහුදු පාලම හා උමං මාර්ගය නිර්මාණය කිරීම මඟින් අප රටට අයත් මන්නාරම් ද්‍රෝණියේ ඛණිජතෙල් සම්පත ඔවුන් පැහැරගන්න අවදානමක් මතුවන්නේ නැද්ද? තෙල් සම්පත ඇද්ද නැද්ද දන්නවද කියා මගෙන් අහන අය ඉන්න පුළුවන් දැන් ඉතින් (නි)
මම නම් කියන්නේ මේක කරන්න එපා කියලයි (නි)
රටම විනාශ වෙන්න මෙය හේතුවක් වෙයිද කියලා බයයි මට (නි)
ලංකාව සහ ඉන්දියාව අතරත් මෙවන් පාලමක් තනන්නේ නම් ගෞතම බුදුහාමුදුරුවෝ උපන් ඉන්දියාව නොහොත් දඹදිව වන්දනා කරන අපිට මෙම ගුවන් පාලම ඉතාම වැදගත් වෙනු ඇතිබව මගේ අදහසයි. (නි)
මේක ප්‍රයෝජනවත් ඉන්දියන් අයට, අපිට නෙමෙයි. තේරුම් ගන්න, අඩුම ගානේ යුරෝපීය රටක නම් කමක් නැහැ. අනික අපේ හරි නීති ඇත්තෙත් නැහැ, ඕනෑ කෙනෙකුට එන්න පුළුවන්. ඇවිල්ලා ඕනෑ දෙයක් කරන්න පුළුවන්. (නි)
මේක කරන්න එපා (නි)
මෙම ව්‍යාපෘතිය මඟින් බොහෝ වාසි තිබිය හැකියි. නමුත් අවාසි ගැනත් ගැඹුරින් සොයාබැලීම අත්‍යවශ්‍යයි. එක සුළු අවාසියක් සියලුම වාසි අභිබවා යන භයානක පසු ප්‍රතිඵල ලබාදීමට ඉඩ තිබෙනවා. (නි)
දැන් කුණු ගොඩවල් ඔක්කොම එයි ඕකෙන්. ලංකාවේ සහ ඉන්දියාවේ වෙනස දන්නේ නැද්ද? ඉන්දියාවේ අය වැසිකිළිවත් පාවිච්චි කරන්නේ නැහැ (නි)
දැන් කුණු ගොඩවල් ඔක්කොම එයි ඕකෙන්. ලංකාවේ සහා ඉන්දියාවේ වෙනස දන්නේ නැද්ද? ඉන්දියාවෙන් බාගයක්ම කැත කරන්නේ පාරේ (බ)
අයියෝ සල්ලි (බ)
අපිටත් යම් වාසි තිබෙයි කියලා හිතෙනවා. (නි)
අනේ මෝඩි මහත්තයෝ, මේ පාලම් හදන්න යන සල්ලි කන්දරාවෙන් වැසිකිළි හදන වැඩපිළිවෙළක් ගැන හිතුවොත් නරකද? (නි)
මීට වඩා හොඳයි දෙරට අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් දැම්මා නම්.පාලම ඉදිකිරීමෙන් පසුව ඇතිවෙන රැකියා වලට වඩා වැඩි රැකියා ප්‍රමාණයක් නැව් සේවයන් ලබාගන්න පුළුවන්.රටේ ආරක්ෂාවටත් හොඳයි.ඔය පාලම හැදුවාට පසු එහි ගමන්කරන මඟීන් සහ වාහන ප්‍රමාණය ගැනත් අධ්‍යයනය කළයුතුයි. (නි)
ඉන්දියාවට ගොඩක් ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් (නි)
රට ඇතුළේ ඇති පාරවල් හදන්න පළමුකොට. (නි)
ඕක හැදුවහම ඔක්කොම ඉන්දියානුවන් ටික මේකට එයිද දන්නෙ නැහැ (නි)
මේ වැඩේ නොකර ඉන්න කියලයි මම නම් කියන්නේ (නි)
අපොයි ඔව්. ලංකාව සියල්ලෙන් සර්වසම්පූර්ණ රටනේ. සේරම එයි සැප විඳින්න ලංකාවට (නි)
මොකද මේ හදිසියේම පාලම් ගහන්නේ? තව අත්‍යවශ්‍ය වැඩ කොතෙක්ද? (නි)
ඉන්දියාව යනු උපායමාර්ගිකව රටවල් භාවිතාවට ගන්න රටක්. මේක ලාංකිකයකු වශයෙන් විරුද්ධ වියයුතු වැඩක් කියායි මම සිතන්නේ (නි)