ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් පාලමකින් යා කිරීමේ ඩොලර් බිලියන 5.19ක් (රුපියල් බිලියන 736.65) වැය වන ව්‍යාපෘතිය පිළිබඳ නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරී ප්‍රකාශ කොට ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කර සිටියි.
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි අතර කිලෝමීටර් 22ක් දිගැති ගොඩබිම් පාලම ඉදිකිරීම පිළිබඳ මෙම ව්‍යාපෘතිය ගැන දෙරටේ විදේශ ලේකම් මට්ටමේ සාකච්ඡා මුලින් ආරම්භ කරන බව ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරි මහතා ප්‍රකාශ කොට ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මුහුදු පාලමකින් සහ මුහුද යටින් ඉදිකෙරෙන උමං මාර්ගයකින් සමන්විත ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයීමට ආසියා සංවර්ධන බැංකුව දැනටමත් ඉදිරිපත් වී ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් පසුගිය දා ඉන්දියාවේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ අතර, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය ඇතුළත් සාක් කලාපය ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ගැනීම තම අදහස බව ඔහු කීවේය.
ඉදිරියේදී සාක් කලාප සම්බන්ධතා මාර්ගය මියන්මාරය සහ තායිලන්තය දක්වා ද දීර්ඝ කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා. එමෙන්ම එම මාර්ගය ඔස්සේ නිදහස් වාහන ගමනාගමනය සඳහා අනෙකුත් රටවල් සමඟ දැනටමත් ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව ද එක්වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිෂ්ඵල ආයෝජනයක්. ඊට වැඩිය හොඳයි කලින් තිබුනා වගේ නැව් සේවාවක් දැම්මානම්. (බ)
ඉන්දියාවේ බුද්ධි අංශ සහ චින්තකයින් එම රජයට උපදෙස් දෙනු ලබන්නේ ඉක්මනින් ශ්‍රී ලංකාව එම රටට සම්බන්ද කිරීමට පාලමක් සකස් කරන ලෙසයි. ඔවුන් දකින්නේ මෙම අවස්තාව රත්තරන් මොහොතක් බවයි. මේ මොහොතේ චීනය ලංකාවත් සමග දුර්වල අධියරකින් සිටින බැවින් ඔවුන් කඩිමුඩියේ වැඩේට සුදානම්. මේ සඳහා ඔවුන් ලංකාවෙන් අවසර නැතිව ආසියානු බැංකුවෙන් ණය ගැනීමට සියලුම විදි විධාන සකසා තිබේ. මෙය අපගේ ඉතිහාසයේම නොසිදු දෙයක්. අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක්වීම වැළක්විය නොහැක. (අ)
නැව්වලින් ගියත් සිංහලයින්ට තමිල්නාඩුවේ පිළිගැනීමක් නැත. මෙම පාලම නිසා දැනට ශ්‍රීලන්කන් ගුවන්සේවයේ සතියකට 50 කට අදික ඉන්දියාව සම්බන්ධ වෙන ගුවන් සේවාවට බොහෝ පාඩු වෙන බව ඒකාන්තය. (හේ)
අනේ දෙවියනේ ඔය පාලම හදන්න ඉඩ දෙන්න එපා ,මෙහෙ ඉන්න ඉන්දියන් අය ලංකාව ගැන හිතන් ඉන්න විදිය එයාලගේ කථා වලින් තේරෙනවා ,තව ලංකාවේ හිටපු කොටි ත්‍රස්තවාදී බහරෛන් වල ඉන්නවා එයාල පරාජය පිළිගන්නෑ (බ)
කලින් මුහුදෙන් පිහිනල ඇවිත් කරන කරදරය වගේ නොවේ පාලමක් දැම්මොත් ඔක්කොම ඇවිල්ල මේරට විනාශ කරාවි ලිපිකරු පත්වීම් 200 ට මිලියන දෙකයි දසමදෙකක් අයදුම් පත් ආවලු (අ)
ඕක දැම්මහම ඉන්දියන්කාරයන්ට ඇර වෙන රටවලට කිසිම සෙතක් වෙන්නේ නැහැ (නි)
ප්‍රසන්න කියපු දේ හරි. මමත් වැඩ කරන්නේ බහරේන් වල (නි)
මෙය ශ්‍රී ලංකාව අනාගතය , ආර්ථිකය , ආරක්ෂාව පිලිබද ප්‍රස්නයක් . (හේ)
තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ 4 වෙනි ධනවත්ම ප්‍රාන්තය... චෙන්නායි, බැන්ගලෝර්, ත්‍රිචී, කොචින් වැනි දකුනු ඉන්දීය නගරවල ලෝකේ බහුජාතික සමාගම් සියල්ලකම වාගේ ශාඛා තියෙනවා.. සීපා ගිවිසුම අත්සන් කරලා මේ පාලම දැම්මට පස්සේ විශේසයෙන්ම උතුරේ තරුණයින්ට දකුණු ඉන්දියාවේ රැකියා අවස්ථා හිමිවේවි.(හේ)
කරුණාකාර මෙම පාලම හැදීම සීපා ගිවිසුම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි කාරණා කිහිපයක් එකතුකොට ජනමත විචාරණයක් පැවතිය යුතුය (බ)
මීට වඩා කරන්න වෙන ඵලදායී දෙයක් නැද්ද? (නි)