තලෛයිමන්නාරම හා ධනුෂ්කොඩිය අතර පාලමක් ඉදිකොට දෙරට යා කිරීමට ඉන්දියාව දරන උත්සාහය නිසා ශ්‍රී ලංකාවට ආර්ථික, ආරක්ෂක, හා සමාජීය තර්ජනයක් ඇතිවන බැවින් ඊට තරයේ විරුද්ධ වන බව පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක දී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
දෙරට අතර ඇති කර ගැනීමට උත්සාහ දරන සීපා ගිවිසුමට අදාළව මෙම පාලම ඉදි කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වන බව ද ගම්මන්පිල මහතා කීවේය.
සීපා ගිවිසුම ඇතිවී දෙරට අතර පාලම ඉදි වුවහොත් ඉන්දියාවේ ඉතිහාසය පුරා ඇති දිළිදුකමට හා විරැකියාවට පිළිතුරු ශ්‍රී ලංකාවෙන් ලබා ගත හැකි බව ඉන්දියාව දන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන්ට ගහන කාලේ පාලම තිබුනා නම් කොහොම හිටීද? එහෙනම් ප්‍රභාකරන් ඉන්දියාව හරහා ඇමෙරිකාවට ගිහිල්ලා නේද? විශේෂයෙන් ඉන්දියාව සමඟ පාලමේ එක්වීම භයානකයි. අපි ඉන්න විදිය බොහොම හොඳයි.අපිට නම් එපා එපාමයි. (නි)
සාටකයෙන් ගොඩ එන්න බැරුව පාලමෙන් ගොඩ එන්නද . (අ)
මේ අනවශ්‍ය දේවල් නොකර ඉන්න එකයි වැඩිය හොඳ (නි)
ඕක නිකන්ම පාලමක් නෙවේනෙ. පාලමක් හදන්න කීයක් වියදම් වේවිද? ආසාවට ඔච්චර ගානක් වියදම් කරන්නේ නැනේ.(අ)
කෙහෙල් කොලේ ලෙව කාව අයට කෙහෙල් කොලේ බත් කන්න පුළුවන් වෙයි මෙහෙදී (අ)
වෙනත් රටවල් අතර පාලම් තිබුනත් ඒවා එක සමාන සමාජීය ආර්ථිකයන් ඇති රටවල්.නමුත් ලංකාව සහ ඉන්දියාව අතර බොහෝ වෙනස්කම් තියෙනවා ..තමිල්නාඩුවේත් පලපෑම් තියෙනවා (අ)
අන්න හොඳ වැඩ. මේ වගේ ඒවාට විරුද්ධ වෙන්න ඕනෑ තමයි. මේ පාලම හැදුවොත් අපි හැමෝටම රස්සාවල් නැතිවෙනවා. තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඔය කට්ටිය එක්ක. පේනවානේ දැන් තියෙන ප්‍රශ්න. ඔය සල්ලි වලින් එයාලගේ රටේ අයට ගෙවල් හදලා දෙන්න කියන්න. (නි)
රජයක් වැඩ කරන්න ඕනේ මෙයා කියන විදිහටද? (අ)
ඉන්දියාවත් එක්ක පාලම් නෙවේ මොකුත් ඕනේ නැ (බ)
පාලමකුත් හදල ඉල්ලන්කන්න ලේසියෙන්ම පුළුවන් වේවි (බ)
ඉන්දීය ලංකා පාලම ගෙන එනවට විරුද්ධ වෙන්නේ අැයි? ඉන්දියාවට ඕනෑ සේතු සමුද්‍රම් ඇළ මාර්ගය. අපිට ඕනෑ පාලම. අපිට මේ පාලම ඉදිකර ගැනීමටත් ඒ හරහා භාණ්ඩ ප්‍රවාහනයට කෝච්චි පාරකුත් ඉදිකරගන්න පුළුවන් වුණොත් ඒක අපි දීර්ඝකාලීනව ලබන දැවැන්ත ජයක්. මට මේකෙන් ලැබෙන ආර්ථික වාසි ගැන සම්පුර්ණයෙන් ලියන්න මෙතන අමාරුයි. අපේ සහය නැතුව වුණත් මතු දිනෙක හරි සේතු සමුද්‍රම් ඇළ මාර්ගය ඉන්දියාවට තනියම වුණත් ඉදිකරගන්න පුළුවන්. අපි කොහොමහරි මේ පාලම ඉදිකරගතහොත් නීත්‍යානුකූලව මේ ඇළ ඉදිකිරීම වැළකෙනවා. (බ)
"සීපා ගිවිසුම ඇතිවී දෙරට අතර පාලම ඉදි වුවහොත් ඉන්දියාවේ ඉතිහාසය පුරා ඇති දිළිදුකමට හා විරැකියාවට පිළිතුරු ශ්‍රී ලංකාවෙන් ලබා ගත හැකි බව ඉන්දියාව දන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය". මේ මනුස්සය ඉන්දියාව ගැනවත් ශ්‍රී ලංකාව ගැනවත් දන්නේ නැහැ වගේ. (බ)
නැති දේවල් ඇති කරගන්ඩ අලුත් සංවිධාන බිහිකරගන්ඩ මේ පාලම හොදයි මේ වගේ දෙරටවල් සම්බන්ධ කර ගත් හැම රටකම වගේ අද වෙනකොට ගැටළු මතු වෙලා .ලංකාවේ අපටනම් මේකෙන් කිසිම සුගතියක් වෙන්නේ නැහැ මේ පාලම නැතුවට කමක් නැහැ (බ)
පාලම්ක් දෑම්ම කියලා, අර කළුතර පාලෙමෙන් එහා මෙහා යනවා වහේ හෑමෝටම, හෑම වාහනයකටම එහා මෙහා යන්න බෑ..මේකෙන් අපේ රටේ වාහන , ලොරි කම්පෑනි වලට මහා උදව්වක් වේවි. දුප්පත් මිනිස්සුන්ට ඉන්දියාවෙ යන්න එන්න, එහෙ අයටත් එන්න මේක උදව් වේවි..ඒක හරියට පවත්වාගෙන යාම ඒ ඒ අය වගකීම බාර ගන්න ඕනෙ. බහරේන් සහ සවුදි අතරත්, එන්ගලන්තෙ සහ ප්‍රංසෙ අතරත්, මේ වගේ එක්වීම් තියෙනවා. තව රටවල් ගානක් අතර පාලම් තියෙනව..(බ)
පාලම එපා (අ)
කටපියාගෙන ඉන්න කරන කෙනකුට කරන්න දෙන්න ගෙබ්බන්ට දන්නේ පින්නන්න විතරයි වාහනවලින් යන්න දන්නේ මිනුස්සුන්ට පමණි (අ)
පාලම් දැමීමෙන් ජන ජීවිතය පහල මට්ටමකට වැටේවි. (අ)
අපි ඉන්දියාවට වඩා පොහොසත්ද? (අ)
ගම්මන්පිල මහත්තයාගේ කොරහෙත් කිඹුල්ලු ඉන්නවා වගේ. තමුන්නාන්සේ හැම එකකටම විරුද්ධ මතයක් උලුප්පන්න හදනවා මිසක් සාර්ථක යෝජනාවක් ගේන්නේ නැහැනේද? බලන්න එහෙම එකක්වත් හැකිවෙයිද කියල.(අ)
කේරල ගංජා.. ඉතාම පහසුවෙන්, අඩුම මිලට ඔබවෙත ලබා ගත හැක එම නිසා මෙය නවත්වන්න (ම)
ගම්මන්පිල මහත්මයා ඔබ දුර දිග දැකීමේ මහා බුද්ධියකින් මේ ප්‍රකාශය කර ඇත. අපේ රටේ ස්වරියි බව අපේ ශ්‍රී ලාංකිකයින්ට මිස පටු දේශ පාලන ඇසින් බලා වැඩ කරන කිසිවෙකුට නොදැනේ..ඔබේ තීරණය රටේ ජනතාවගේ තීරණය බව මා සිතන්නේ මා මගේ රටට පන මෙන් ආදරේ බැවිනි.. ! ඉන්දියාව වටේම තිබෙන රටවල් සමග කොකු බැද කෑල්ලක් යාකිරීමේ මහා ශුර ප්‍රයත්නයක යෙදී සිටින බව ඉතිහාසය දෙස බලන විද්වතුන්ට රහසක් නොව, කැලේ ඉන්න නයි අපේ කැලේම ඉන්න දීල අපේ නිවාස වට පිටාව ආරක්ෂ කරගමු.. රට වෙනුවෙන් ඔබේ බලා පොරොත්තුවට ඉෂ්ට කරගැනීමට දළදා සමිදුගේ පිහිට ලැබේවා..!!!!! (අ)
ලලිත් සහ හේමන්ත ..අනාගතේ ..ඌරු කොටුවක් කර ගන්න වෙහෙසෙන්න එපා...? (බ)
මේ ගොන් පිල්ලයි තුන්මුල්ලේ අට පාස් විමලයි රට විනාශ කරනවා (බ)
අනිත් රටවල්වලත් පාලම් තියනවා, රජවරුන් හිටන් ගෙන්නේවුවා කියන හේතු මතද පාලමට කැමති? (බ)
ලෝකේ අනිත් රටවල් අතර පාලම් තියෙනවා වගේ නෙවෙයි මේක. විරැකියාවෙන් සහ නිවසක් තබා වැසිකිලියක් වත් නැති මිනිස්සු පෝලිමේ ලංකාවට එන්න ඉඩ හදා දීමක්.මැදපෙරදිග රටවල කම්කරු රැකියාවට එන ඉන්දියානුවන් දිහා බැලුවම මෙය ඉතා පැහැදිලියි. (අ)
මම කියන්න ඕන දේ හේමන්ත කියල. ඇත්ත තමයි ගම්මන්පිලයා පාර්ලිමේන්තු යවපු අයට තමයි ගහන්න වෙන්නේ බු වල්ලකින්. (අ)
ගම්මන්පිලද ගෙම්බන්පිලද?(අ)
හැමදේටම හ්ම් හ්ම් කියන බකමුනට වඩා අපිට ගෙම්බා හොඳා. (බ)
එයා කොහොමටත් හැමදේටම එරෙහි වෙන ලිං මැඩියෙක් තමා. පාලම හැදුවම වාහනයකින් එංගලන්තයට වුනත් යන්න පුළුවන්. හොඳ දෙයට හොඳයි කියන්න පුරුදු වෙමු. (බ)
ඔය පාලම ඇමෙරිකාවට එහෙම නැත්නම් ජපානයට, ඔස්ට්‍රේලියාවට වගේ දාගන්න බැරිද මොන ක්‍රමයකින් හරි. අන්න එහෙනම් අපි කැමැතියි. යකුනේ තොපිට තේරෙයි තොපේ ළමයි තොපිට සාප කරනකොට මේ මොනවද කළේ කියල. මම සේවය කරන්නෙ එක්සත් අරාබි එමීර් රජ්‍යයෙ, ඩුබයි වල. මෙහෙ ඉන්න 99% ඉන්දියානුවො හිතන්නෙ උන්ගැන විතරයි. ලංකාවෙ පලපුරුදු ශ්‍රමිකයකුට තරඟයකට මුහුනදීමටම වෙනව කොයිතරම් සුදුසුකම් තිබුනත්, උන් උන්ට අදින හන්ද. ඒවගේම තමයි ඉතාම සුලු වැටුපකට වැඩ කරන්න කැමතිවීම. ඔය තත්වය අපෙ පුන්චි රටට වෙන්න ඒතරම් කාලයක් යන්නේනෑ. අපේ කුඩා කර්මාන්ත, වැවිලි කර්මන්තයට මොනව වේද කියන්න තේරෙන්නෑ..(බ)
ඉන්දියාවේ වර්ධන වේගය 10% වඩා වැඩි. ඉන්දියාව කවද හරි සේතු සමුද්‍රම් ඇල මර්ර්ගය ඉදිකළොත් ලංකාවට එන ට්‍රාන්ස් ශිප්මන්ට් හතරෙන් එකක් නැති වෙනවා. මේක භාණ්ඩ ප්‍රවාහනය සදහා පමණක් පස්සේ කාලෙක පාවිච්චි කරන්න පුළුවන්. ඒවගේම කොලඹ වරාය විවෘත වරායක් බවට පත්කළොත් සිංගප්පුරුවට යන විශාල නැව් සංඛ්‍යාවක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. පාලම හදාගත්තට පස්සේ ඔය ඉන්දීයන් කට්ටිය ලංකාවේ රැකියා කිරීමට ඇති අවස්ථාව අහිමි කරමු . අායෙත් පාලම ගලවන්න බැහැනේ. උපක්‍රමශීලීව වැඩ කළොත් අපිට ආසියාවේ ප්‍රධාන වරාය කොළඹ වරාය බවට පත් කරගන්න පුළුවන්. ජේ ආර් සාම ගිවිසුමක් ගහල කොටි සදහටම ඉන්දියාවේ වෛරක්කාරයෝ කළා වගේ රනිලුත් මේ ගැටේ ගානට අඹරයි. කව්රුත් කලබල වෙන්න එපා. (බ)
පාලම හැදුවත් නැතත් එන මිනිස්සු එනවා ඉතින් පාලමක් හැදුවා කියල වෙනසක් නැහැ (බ)
අනික් එක තමයි විසා අරගෙන ලංකාවට එන ඉන්දියානුවෝ රට ඇතුළට ඇවිත් හැංගුනාම ටික කලක් යනකොට අපේ නංගිලත් අර හිංදි සිංදුවල නටන ජවනිකා මනසේ ඇදගෙනඉන්දියානුවො ටික එක ඒකි බැදගනි. එවිට කසාදේකට කෙල්ලක් සොයාගන්න බැරි වෙනකොට රශ්මිලට කපිලට මොන් කිසිවක් රටේ ඉදිරිය ගැන නොසිතා මෙහි අදහස් දමල තියන ඔයාලට වැටහේවි එදාට මේ අද කියන පාලමේ තරම. සිංහලයන්ට කලවමි වුනාම විසා ඉවරවෙලා ආපසු නොගිය මිනිසුන් හොයාගන්න එක ඒකා චෙක්කරන්න යනකොට ලංකාවේ රටවල් දෙකට දාව අලුත් මිනිස් ජන කොටසකුත් බිහිවෙලා තියෙයි...එයාල බටහිර පැත්තෙන් ගොඩගහල අපි දකුනෙන් පදිංචිවෙමු අනාගතේදි හදිසි අවස්ථාවකදි මුහුදට පනින්න ලේසියි අපි සිංහලයින්ට...! (බ)
ජනතාව තේරුම් ගතයුතුයි ඇත්ත (නි)
මේ පාලම දැම්මොත්, අඩු මුදලකින් ගම්මන්පිල මහත්තයට දඔදිව ගිහින් වැඳගෙන, මේ කරන පව් මකාගන්නත් පුළුවන් වේවි !(ම)
අනේ අප්පේ පාලම හදන්නත් කලින් පාලම හදල ඉවරයි වගේනේ කතාව. අපේ සමහරක් මිනිස්සුත් හරියට ලිං අඩියේ ඉන්න ගෙම්බෝ වගේ තවමත්. (බ)
හැමදේටම හ්ම් හ්ම් කියන බකමුනට වඩා අපිට ගෙම්බා හොඳ. (අ)
ඉත්තෑවාගේ ගෙට කාබල්ලව රිංගුවා වගේ තියේවි. (අ)
කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක් ! පාලම හැදුව පලියට එහෙම එන්න බැහැ විසා ගන්න ඕනි ! (අ)
ඉන්දියාවයි ලංකාවයි තවමත් දිළිඳු බව තුරන් කරගෙන නැහැ. ඒ නිසා ඉන්දියාවේ දිළින්දන් ලංකාවවට ඇවිත් පදිංචි වෙනවා නම් ලංකාවේ දිළින්දන්ට ඉන්දියාවට ගොස් පදිංචි වෙන්න පුළුවන්. (ම)
ඉන්දියාවේ දිළින්දන් ලංකාවවට ඇවිත් පදිංචි වෙනවා නම් ලංකාවේ දිළින්දන්ට ඉන්දියාවට ගොස් පදිංචි වෙන්න පුළුවන්. ලංකාවේ දිළින්දන් ඉන්දියාවේ හැටියට පොහොසත් එමනිසා වැසිකිලි නැති රටකට යන්නේ මොකටද? (බ)
අපි ඉන්දියාවට වඩා පොහොසත්ද? අපේ රටේ වැසිකිලි යන අයගෙන් රුපියල් 10 අයකරනවා ඉන්දියාවේ වැසිකිලි යනවට රුපියල් 2 රජයෙන් ගෙවනවා.නැතිනම් කණු පල්ලේ තමයි වැඩ. ඉතින් කව්ද පොහොසත්? (අ)
දැන් මරුටි, ටාටා ලංකාවට තොග පිටින් පටවනවා වගේ තව තව ඒවා පටවාවි. (නි)
අනේ අප්පේ පාලම හදන්නත් කලින් පාලම හදල ඉවරයි වගේනේ කතාව. නැතුව හදල ඉවර වෙලා මොනවා කතා කොරන්නද. (අ)
පාලම හා සීපා යනු එකම කාසියේ දෙපැත්ත වගේ තමා. සීපා ගැන කලින් සංවාද වල ගොඩාක් ලිව්වා. ඒ වගේම ගොඩාක් සංවිධාන එකතුවෙලා කරපු උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙස සීපා අත්සන් කිරීම ලබන වසරට කල් ගියා. තලෙයිමන්නාරම හා ඉන්දියාවේ ධනුස්කොඩිය අතර පාලම දැම්මොත් , ඉන්දියාවේ සිටින රැකියා අහිමි, නිවාස අහිමි අය පමණක් නොවේ, සිය දහස් ගණන් ඉන්න ලොව පැරණිම රැකියාව කරන කාන්තාවෝ පවා ඇවිදගෙන ලංකාවට ඒවි. මෙවැනි සංවාද ඇතිකිරීම ගැන ලංකාදීපයට තුති පිරිනමන අතර, ජාතික ප්‍රශ්න හා ජාතික අවශ්‍යතාවයන්, ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට පක්ෂ පාට හා ආගම් නොසළකා කතාකරන්නේ නම් මොනතරම් අර්ථවත් වේද? (නි)
සිල්වා මහතා, වීසා ප්‍රශ්නයක් නැහැ සීපා ගිවිසුම අත්සන් කළාම. තමිල්නාඩුවේ ඉන්න ද්‍රවිඩ ජනතාව ලංකාවට විත් උතුරු- නැගෙනහිර පදිංචි වුණොත්, මේ රටේ ජන අනුපාතය අවුරුද්දෙන් වෙනස් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජනගහණය කෝටි 2.1 යි , ඉන්දියාවේ කෝටි 125 යි. මේ පාලම හා සීපා එකට සම්බන්ධ වෙලයි තිබෙන්නේ (නි)
රූපවතිගේ අදහස ඉතාමත් අගනේය (නි)
ලෝකයේ අනිත් රටවල්වලත් පාලම් තියනවා රටවල් අතර (අ)
සහතික ඇත්ත. එහෙම පාලම් අපිට එපා (අ)
ලංකාවට ඉන්දියාවෙන් රජවරුන් හිටන් ගෙන්නේවුවා නේද (අ)
ගම්මන්පිල මහත්මයා කතා කරන්නේ ළිඳේ ඉන්න ගෙම්බෙක් වගේ. (අ)
ගම්මන්පිල මහත්මය කතා කරන්නේ ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ. (අ)
ලංකාව ඉන්දියාවෙන් ඈත්වෙලා ඉන්න තරමට හොදයි (අ)
ලෝකයේ අනිත් රටවලත් පාලම් තිබෙනවා රටවල් අතර. ඒත් අපිට ඉන්දියාව සමඟ පාලම් එපා. බෝට්ටුවේ ඔහොම එනවා නම් පාලමෙන් කොහොම ඒවිද? (නි)
ලංකාවට ඉන්දියාවෙන් රජවරු පවා ගෙන්නුවා නේද? ඒවා තමයි අපි කළ මෝඩකම් (නි)
ලකාවට වූ ලොකුම හෙණය තමයි ලංකාව ඉන්දියාව ළඟින් සිටීම. යුරෝපය ළඟින් හිටියා නම් කොච්චර හොඳද? (නි)
පාලම ඕනේ (අ)
මමත් කියන්නේ අපිට එපා (නි)
අපි කොහොමහරි මේ පාලම ඉදිකරගතහොත් නීත්‍යානුකූලව මේ ඇළ ඉදිකිරීම වැළකෙනවා. ඇළ ඕනෑ තැනකින් කපාගත්තාවේ.එයාලා සමඟ පාලම් නම් අපිට එපා. මේ තිබෙන විදිහ බොහොම හොඳයි. (නි)
පාලම හැදුව පළියට එහෙම එන්න බැහැ. වීසා ගන්න ඕනෑ. හොර බෝට්ටු වලින් මෙහාට ආ අය වීසා අරන් පාලමෙන් එයි කියා හිතනවද? (නි)
පාලම හැදුවත් නැතත් එන මිනිස්සු එනවා. ඉතින් පාලමක් හැදුවා කියලා වෙනසක් නැහැ. ඒ වුණාට පනින රිළවාට ඉනිමං තියන්න ඕනෑ නැහැනේ. (නි)
රජීව්, ඔබ හරියට හරි (නි)
ජෙස්මින්, ඔබ හරි. ඔය තියෙන්නේ අදහස්. (නි)