ඉන්දු ‐ ශ්‍රී ලංකා ධිවර ගැටළුව ගැන සාකච්ඡා කිරීමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැයි මැද දී ඉන්දියාවේ සංචාරයක යෙදීමට නියමිතය.
මෙරට මුහුඳු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ කටයුතු වල නිරතවූ ඉන්දීය ධීවරයින් හැට හතරදෙනෙකු හා ධීවර යාත‍්‍රා 86ක් මේ වසරේ මුල් මාස දෙකේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය මාස දෙකේදී මොවුන් බොටම් ට්‍රෝලින් නැමැති තහනම් දැල්පන්න ක‍්‍රමය උපයෝගී කරගනිමින් මසුන් අල්ලා ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡා සාර්ථකව නිමාකර නැවත පැමිණීමට හැකිවේවා! (නි)
බලමු මොකද වෙන්නේ කියලා. ඉන්දියාව මෙතුමාටත් මොනවාහරි දීලා අල්ලාගන්න බලයි අර ගිලන් රථ දුන්නා වගේ. (නි)
අපි යහපාලනය ගෙනාවේ ඉන්දියාවට යටත් වීමට නොවේ. අද සිදුවන්නේ එයයි. ඉන්දියාව හැමදාම කළේ ලංකාව අර්බුධ වලට ඇද දැමීමයි.(බ)
මෙතන ඇමතිලා බෝට්ටු ගාන ගැන ගැන ඉඳල වැඩක් නැහැ. බය නැතිව පියවර ගන්න. ලංකාවේ සම්පත් ටික ඉන්දියන් කාරයෝ හුරා ගෙන යනවා. මාර දුකයි. (ර)
දැන් නාවික හමුදාවට වැඩි වැඩක් නැති නිසා ඉන්දියාවත් ලංකාවත් අතර මුහුදු සිමාවේ මුර සංචාර තර කළාම මාලු හොරු හොරබඩු ජාවාරම් කාරයෝ ඔක්කොම අල්ලගන්න පුළුවන් , අල්ලල ගන්නා බෝට්ටු රාජසන්තක කර ධීවරයෝ මාස 6 බැගින් හිරේට නියම වන ආකාරයට නීති සම්පාදනය කර ක්‍රියාත්මක කළානම් මේ ප්‍රශ්නේ විසදෙනවා (බ)
ගියාට කමක් නෑ, කොන්දක් ඇතිව වැඩකරන්න. (ර)