ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා අද ගුවන් හමුදා මුලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.
ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් පැවැත්වු අතර එහිදී ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ඩි ජේ සි වීරකෝන් මහතා විසින් ඔහු පිළිගත්තේය.
මෙම හමුවේදී දෙරටේ ආරකෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකචිඡා කළ අතර දෙරටේ ගුවන්හමුදාපතිවරු මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරු කර ගත්හ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරිහු ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන ගෑනු ළමයි ටික.....(ස)
ගෙදර සමගිය ගමට යේවා.... ගමේ සමගිය රටට යේවා....රටේ සමගිය දෙරට වේවා.....දෙරටේ සමගිය ලොවටම වේවා.....! සාමයෙන් සමගියෙන් පිරුන ලොවක් බිහි වේවා! (නදී)
සාක් කලාපයේ එකමුතු කම රැක ගන්න සහ හැම අංශයකින්ම සම්බන්ධතාවය සහ අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කරගෙන, සාමුහිකව වැඩ කරගෙන යන්ට නව ඉන්දියානු අගමැති තුමාට තිබෙන දැඩි කැපවීමට කලාපයේ හැම රටක්ම අනිවාර්යයෙන්ම සහය දෙනවා ඇත. එය හැම රටකම ස්වෛරීභාවය රැකගැනීමට වඩාත්ම වැදගත්වනු ඇත. (නදී)
ලලිතා ඇන්ටිට දුක ඇති මේවා දකිද්දී. (නදී)
ඉන්දු ලංකා මිත්‍රත්වය අවබෝධාත්මක ලෙස වැඩිදියුණු වේවා....! (නි)
මෙම අලුත් ජනපතිට දිගු කාලයක් බලයේ සිටින්නත්, දීර්ඝායුෂත් පතමි! (නි)
බොහොම හොඳයි (නි)
හරිම ලස්සනයි (නි)
ඉන්දියාව අපේ ආරක්ෂාව තහවුරු කළයුත්තේ ප්‍රතිපත්ති වලින්ය. අන්තර්ජාතිකව රට බාල්දු වන කිසිම අවස්ථාවක ගව් ගණනක් දුරින් පිහිටි නොදියුණු අප්‍රිකානු රටක් තරම්වත් ඉන්දියාව අපට උදව් කර නැත. (නි)