පසුගිය මාසයේ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 36 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනාවරණය කරන පරිදි සැප්තැම්බර් මාසයේදී මෙරටට සංචාරකයින් 143,374ක් පැමිණ තිබේ.
සැප්තැම්බර් මාසයේ වැඩි ම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව හා චීනයෙනි.එම මාසයේ ඉන්දි සංචාරකයින්ගේ පැමිණිම සියයට 41කින් වැඩි වී ඇති අතර චීන සංචාරකයින්ගේ පැමිණීම සියයට 54කින් වැඩි වි ඇත.
මේ වසරේ ගෙවුණු මාස නවයේ තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 13 15000 ඉක්මවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිස්නිලන්තය වැනි යමක් ලංකාවෙත් ගොඩ නගමු. (ර)
චීනය, ඉන්දියාව, අරාබිය සහ යුරෝපීය රටවල් සමඟ ගුවන් ගමන් දෙගුණයකින් වැඩිකරන අතර, නව රටවල් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ආරම්භ කරමු. නැගෙනහිර යුරෝපීය රටවල ගුවන් සමාගම් වලට ශ්‍රී-ලංකා අහස ඉඩදෙමු. වැඩි වැඩියෙන් සංචාරකයින් පැමිණේවි. රට වටේ සියලුම ආකර්ෂණීය ස්ථාන සහ මුහුදී කිමිදුම සඳහා පහසුකම් වලින් යුත් නැවු ගමනාගමනට පහසුකම් සළසා දෙමු (නි)
ඉන්දියාව සහ චීනයට ගුවන් ගමන් වැඩි කළයුතුයි (නි)
ඉන්දියාවෙන් කුලීවැඩ කරන්න එන අයත් මේ අය සංචාරකයෝ හැටියට සලකන්නේ. සමහර වෙලාවට කේන්දර බලන්නත් සාස්තර කියන්නත් ඉන්දියාෙව් අය ඒනවා. (ර)
කෝ අර ගෙන්වනවා කියපු යුරෝපයේ සල්ලිකාර සුද්දෝ? (නි)
වැඩකටම නැති දෙවර්ගයක්. ඔළුගෙඩි ගනින්නනම් හොඳයි. අපි තරම්වත් වියදම් කරන්නේ නැහැ. ඉතින් පලක් තියෙනවාද.? (ර)