(චමිල් රූපසිංහ)
තමන් ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බවත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩල ඇතුළු පක්ෂය විසින් තීරණය කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) මහනුවර දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවරට පැමිණ මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැකීමෙන් පසුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරත විය.
අස්ගිරි මහා විහාරය හා ඊට සම්බන්ධ විහාරයන් සංවර්ධනය කිරීම සහ මතුවන ගැටලු පිළිබඳව මහා නායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
"මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කර නොගන්නා බවත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන සිද්ධස්ථාන සියල්ලම සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බුදුදහම සුරක්ෂිත කිරීම පිළිබද වගන්තිය තමන් හරියාකාරව ඉටු කරනවා" බවද එහිදි පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නාඩියක් ඉදිරියට ගිහින් බැලුවම තමුන්ට තමුන් ගැනම තේරෙයි.
මේවා ජනපති වුනාට පසුව කියන කතානේ . අනේ මන්දා මොලේ නරක් වෙලාවත්ද ?
ඔන්න ලයිට් එක පත්තුවෙලා...
අඩියක් තැබීම කෙසේවෙතත් අඩියක් ගහලා වගේ මේ දවස්වල දෙන ටෝක...
ඔබතුමා තැබූ පය පිටිපස්සට නොතබන්න. ඒක හොඳ වැඩ සඳහා පමණක් භාවිතා කරන්න... ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනය ඉහළ නිලධාරියෙක් ඔබතුමා ගැන රටටම කියන කතාව සත්‍ය අසත්‍ය ගැනත් රටට කියන්න.
කාගේ වුවමනාවටද දන්නේ නැහැ.. මේ පිරිසිදු වේගෙන එන වතුර කළය අායෙත් වතාවක් බොර කරන්නේ...
අනේ එන්නත් කලින් හීන දැකලා දරාගන්න බැරි වේවි.., ඔයාලගේම තවත් අය පොරකනවා නේද මේ ලොකු පුටුවට...?
එතකොට කූරගල පන්සලට විදුලිය දෙන වැඩේට විරුද්ධව කටයුතු කලේ මමද.. මට නිකන් පිස්සු වගේ..
තමා විසින්ම තමාව මානසික රෝගියෙකු බවට පත්කරගෙන සිටින සැටි. එසේවීමට හේතුවූ තම හිතවතුන් ලෙස සිටිමින්... ඔය ගහේ කරටියේ දිරච්ච අත්තක තිබෙන පිලිලයකට තමාව නග්ගන්නට හදන හාදයින්ගෙන් ඉවත්ව තමා පක්ෂ නායකයා ලෙස සිටින ලෝක දේශපාලනයේ වත්මන් ප්රභූවරයා සහ ඔහුගේ හිතවතුන් සමග යාමට ඔය ගසෙන් බැස්සොත් පමණයි ඔය මානසික රෝගය සුවපත් කරගත හැක්කේ. එ්කට ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. අංගුලිමාල මිනිසුන් 999 ක් මරලා රහත් වූ ධර්මයක් වන බුදු දහමයි අපි අවබෝධයෙන් දකින්නේ. ඔබට හැකියාව තියෙනවා. එ්ත් මනෝමූල තත්වය ක්‍රියාවට නැගියහැකි ගුණාත්මක තත්වය මතුවන තුරු සිටිය යුතුයි. පස්මහ බැලුම් බලා බුදුවෙන්නට සුදුසු ගුණාත්මක තත්වය මතුවන තුරු බුදුවන්නට සියලු හේතු සම්පූර්ණ කළ බෝධිසත්වවරු තව්තිසා දෙව්ලොව වසන්නේ එ් නිසාය. ඔබ හිතුවාට ඔබයි සුදුසු කියා රටේ ඔබට වඩා සුදුස්සෝ වර්තමානයෙහි සිටිති.
පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් ගැන නම් එදා ඉඳන්ම උනන්දු වුණා කියලා රටම දන්නවා.