ඉදිරි වර්ෂවලදී හෝටල් සංඛ්‍යාව සැලකිය යුතු ලෙසින් ඉහළ යාමත් සමග කටාර් හි ආගන්තුක සත්කාරක අංශයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඉදිරි වසර පහක කාලය තුළ හෝටල් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යා හැකි බව අල් අෂ්මාක්හ් දේපල වෙළෙඳ සංවර්ධන සමාගම පසුගියදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.
කටාර් හි මේ වන විට හෝටල් 115 ක කාමර 20,688 ක් ක්‍රියාත්මක වෙයි.
“ආසන්න වශයෙන් කාමර 21,000 කින් යුතු හෝටල් 105 ක් මේ වන විට ඉදිවෙමින් තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන සහ ඉදිවන හෝටල් අතර අතර අනුපාතය බෙහෙවින් සමානයි” යනුවෙන් එම වාර්තාවේ දැක්වේ. “මෙම ඉදිවන හෝටල්වලින් බහුතරයක් 2021 වසරට පෙර සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. එවිට ඉදිරි වසර පහක කාලය තුළ හෝටල් සහ ඒවායේ කාමර දෙගුණයක් වේවි” යැයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
කටාර් හි හෝටල් කාමර සැපයුම වැඩිවීම රටේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට සතුටුදායක ආරංචියක් වන අතර ඊට හේතුව ඒ හරහා සංචාරක ක්ෂේත්‍රයට ප්‍රතිලාභයක් අත්පත් වීමයි. එවිට කටාර් වෙත පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතිය සහ විවිධත්වයට අනුව තමන්ට ගැළපෙන හෝටලයක් තෝරාගැනීමට අවස්ථාවක් ලැබෙයි. කටාර් රාජ්‍යය මේ වන විට ව්‍යාපාරික සංචාර සඳහා වැදගත් ගමනාන්තයක් බවට පත්වෙමින් තිබෙන අතර ඊට හේතුව රට තුළ පැවැත්වෙන ව්‍යාපාරික ඉසව් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ වීමයි. රට තුළ ජාත්‍යන්තර ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ සහ සම්මේලන බොහෝමයක් පැවැත් වෙන අතර ඒවාට සහභාගි වීම සඳහා ලොව නොයෙක් දෙසින් වෘත්තීයවේදීන් කටාර් වෙත පැමිණෙයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.