
(යොහාන් භාසුර)
ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයුමෙන් සියයට 80 ක් ශ්‍රී ලංකිවේදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ලෝකයේ රටවල් 120 කට වෛද්‍ය නිෂ්පාදන බෙදාහරින බි්රතාන්යයේ ‘ෆ්ලෙක්සිකෙයාර්’ සමූහයේ පූර්ණ අනුබද්ධ ‘ෆ්ලෙක්සිකෙයාර් ලංකා පුද්ගලික සමාගම’ බණ්ඩාරගම ඉදිකරන කර්මාන්ත ශාලාවේ මෙම උපකරණ නිෂ්පාදනය කරන බව කී සෞඛ්‍ය අමාත්‍යවරයා එහි නිෂ්පාදනය පුළුල් කිරීමෙන් පසු වෛද්‍ය උපකරණ අපනයන කිරීමට ද හැකිවනු ඇති බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව බණ්ඩාරගම ප්‍රදේශයේ ඉදිරි කිරීම ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන වලටත් මෙහෙම කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ සියල්ල ජාතිය ප්රතිපත්තියකට ආවේ නැතිනම් ,මේ රට හිතාගන්න බැරි තරමට තව තවත් වලපල්ලට යනවා.මේ රටට විදේශ මුදල් අපනයනය හරහා ලැබෙන, විදේශ වලින් ආපු ආයෝජන කීයක් රටෙන් ගියාද , ඒ සියල්ල උනේ දේශපාලන අධිකාරියේ සහ රජයේ ආයතනවල තියෙන කුහක කම, කප්පම් ගැනිලි නිසා.
බොහොම හොදයි. හැබැයි ඊයේ ප්‍රවෘත්තියක් දැක්කා වෛද්‍ය උපකරණ සැපයුමකරුවන්ට ලබාගත් බාණ්ඩ සදහා මුදල් ගෙවීම් කර නැති විතතිය
කියවනවා විතරයි
ඒ වගේම අර පිටරට රෝහල් වලට ජනතා මුදල් වලින් ගිහින් ප්‍රතිකාර ලබා ගන්න ක්රමවෙදත් නැති කරන්ඩ ඕන. රජයේ රෝහල් තියෙන්නේ ඒවාට තමා. ජනතා සේවයට කැපවුණු ජනතා සේවකයන්ට ජනතාවට තියන පහසුකම් තමා තියෙන්ඩ ඕන.
මාස කිහිපයකට පෙර මා අසා ඇති පරිදි, දැන් කොරොනා එන්නත ශ්‍රී ලංකාවේ ද නිපදවයි?
දුෂණ වංචා සහ පාඩුවෙන් තොරව මේ වැඩේ දිගටම කරගන යන්න මේ පක්ෂ දෙකටම බැහැ. අවංකවම විකල්ප බලවේගයක් බලයට ආයුතුයි. රටේ තිබිච්ච බොහෝ කර්මාන්ත ශාලාවල් අද වනවිට වහල දාලා . සිමෙන්ති, පරන්තන් රසායනික, කඩදාසි, සීනි සංස්ථාවල් හොඳ උදාහරණ.
ඔය මොනව කලත් ආයෙ උඹලට ඡන්දෙ දෙන්නෙ නෑ.. එච්චරයි..
ඇයි අවුරුදු පහකට පමණක් උපකරණ හදන්නෙ ඉන් පස්සෙ මේ රට කවුරුවත් බද්දට ගත්තද.