ඉදිරි උතුරු පළාත් සභා ඡන්දයේ දී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේකෂකයා වශයෙන් වත්මන් මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නොකර වෙනත් අයකු ඉදිරිපත් කිරීම පිළිබද දෙමළ ජාතික සන්ධානයේ ඉහළ මටිටමේ අවධානය යොමුවී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.
විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීමත් දෙමළ ජාතික සන්ධානයට එරෙහි උතුරේ දේශපාලන බලවේග හා එක්වෙමින් පකෂයට එරෙහිව කටයුතු කරන බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් පක්ෂ නායකත්වයට දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් පක්ෂය අවසන් තීරණයක් ගෙන නැත.
උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතාගෙන් මේ ගැන කළ විමසුමකදී හෙතෙම කියා සිටියේ ඒ ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ තුරෙයිරත්නසිංහම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු සදහන් කළේ ඒ ගැන කිසිවක් කිව නොහැකි බවයි. එවැන්නක් ඇත්නම් ලබන 26 වැනි දා පැවැත්වෙන දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සම්බන්ධීකරණ කමිටුවේ දී ඒ ගැන සාකච්ඡාව වනු ඇතැයි ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද දෙයක්, ඒ වුනාට සිංහල ජනතාව පරිස්සම් වෙන්න ඕන. ඒ ළගට එන කෙනත් මොන වගේ දේවල් ඉල්ලාවිද දන්නේ නෑ ජයලලිත එක්ක. (බ)
ඇති යන්තම් මේ අයටත් මොළේ පෑදීගෙන එනවා වගෙයි. සිංහල දෙමළ සමගිය කඩා බිඳ දමා, රට පුරාම ලේ වැගිරීම් ඇති කර ශ්‍රී ලංකාව විනාශ කිරීමට මාන බලන ජයලලිතලාගේ සාරි පොටේ එල්ලී, "ඔන්න මමත් වැඩක් කළා" කියන්න වලිකන අයට අමතක නොවන පාඩමක් උගන්වන්න (නි)
දෙමළ ජනතාවනි, නුවණින් සිතා බලන්න (නි)
දමිල ජනතාවගේ යහපත සඳහා මෙය කල යුතුම දෙයක් (හේ)
කියලා කරගන්න බැරි වැඩක්.(හේ)
උතුරේ සහ නැගෙනහිර පළාත් වල ඉඩම් නැති , ගෙවල් නැති සිංහල පවුල් පදිංචි කළ යුතුමයි . මහවැලි ව්‍යාපාරය වගේ යෝජනා ක්‍රමයක් බිහිකර මේ දේ කළ යුතුමයි . මේක ලංකාව . දෙමල ඩයස්පෝරාවට හෝ දෙමල සන්දානයට ඕන විදියට මේ පළාත් වල වැඩ වෙන්න දෙන්න ඕන නැහැ . ලංකාවේ වැඩ වෙන්න ඕන පාර්ලිමේන්තුවට ඕන හැටියටයි .(හේ)
මේ වගේ අය උතුරේත් ඉන්නවා, දකුණේත් ඉන්නවා, වෙඩි වගේ ප්‍රශ්නවලට උත්තර තියෙන්න ඕන, උගත් කියල හිතාගෙන ඉන්නේ, ඒ උනාට මොළේ කලඳක් නැ, අවුරුදු ගන්නනක් ඇදුණු ප්‍රශ්න වලට ඒ තරම් ඉක්මනින් උත්තර නෑ, රාජපක්ෂ මහත්තය හිටියනම් ඔය කෑ ගැහිල්ල නෑ (බ)
හොද අදහසක් (හේ)
ලංකාවේ වැඩ සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවට ඕන හැටියට තමයි. හැබැයි මෙහේ නොවෙයි එහේ.(හේ)
මෙයා ගියාට ඊළඟට එන කෙනා මෙයාටත් හපන් වෙන්න පුළුවන්. (නි)