(අකිල බද්දෙවිතාන)
2018 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන ඉදිරි අයවැයේ දී මහජනතාව මත බදු පැටවීම අඩු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ මුදල් කාරක සභාවේ සාමාජික මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා පැවසීය.
‘‘අයවැය පොරොන්දු - මැති සබයෙන් ඔබ්බට‘‘ මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාව හා www.budgetpromises.org වෙබ් අඩවිය හඳුන්වාදීමේ අවස්ථාවට අද(24) එක්වෙමින් ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.
රජයේ මුදල් කාරක සභාවේ නිරීක්ෂණ අනුව රාජ්‍ය ආයතනවල ප්‍රගතිය 50%ක් පමණක් බවත් පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල් පවා ඇතැම් අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන මේ වනතුරු සිය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගැනීමට යොදවා නැති බවත් මාරසිංහ මහතා පෙන්වා දුන්නේය.
‘‘වත්මන් බදු පනත සංකීර්ණ නොවූ එකක්. රජයේ බදු ආදායම වැඩි කිරීමට සෘජු බදු වැඩි කළ යුතුයි. මහජනතාව මත පැටවෙන වක්‍ර බදු සීමා කළ යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රාජකාරිය හරියට කරලා නෑ. 2017 අයවැය අනුව ඉලක්ක ගත අරමුණුවලින් 70%ක් තවමත් ඉතිරියි. ආයෝජකයන්ට හා අලුත් ව්‍යාපාරිකයන්ට සහන දෙන බදු ප්‍රතිපත්තියක් 2018 වසර සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සත්‍ය තොරතුරු දුන්නොත් බදු සහන වැඩිවෙයි.‘‘ යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
රාජ්‍ය ආයතනවලින් අයවැය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ගත් උත්සාහයේ දී කෘෂිකර්ම අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය ඉතා අඩු සැලකිල්ලක් දැක්වූ බවත් එම ආයතන තොරතුරු පනත කෙරෙහිවත් තැකීමක් නොකළ බවත් වෙරිටේ රිසර්ච් ආයතනයේ නිලංගිකා ප්‍රනාන්දු මෙනවිය එහිදී ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම තොරතුරු පනතට අනුව අමාත්‍යංශ 37කින් තොරතුරු ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ අමාත්‍යංශ 15ක් පමණක් බවත් පසුව කළ අභියාචනයකින් පසු තවත් අමාත්‍යංශ 16ක් තොරතුරු ලබාදුන් බවත් ඇය කියා සිටියාය. කෙසේ නමුත්තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය, ධීවර හා ජලජ සම්පත්, කර්මාන්ත හා වාණිජ, නිවාස හා ඉදිකිරීම්, වාරිමාර්ග හා ජල සම්පත් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති යන අමාත්‍යංශයන් ඉතා සාර්ථක ලෙස අදාළ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් ඇය පැවසුවාය. එම ආයතනවල වෙබ් අඩවි පවා කාර්යක්ෂමව අදාළ තොරතුරු නිවැරදිව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම පිළිබඳව එම මාධ්‍ය හමුවට පැමිණි විද්වත්හු රැසක් ප්‍රශංසා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ අශු මාරසිංහ ?
මෙයා දවල් හීන දකිනවා.
නිකන් බොරු කියන්ට එපා උන්නැහේ. ඔය ඡන්ද ලං වෙනකොට කියවෙන කතා!
ඔහු තමයි "පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ මුදල් කාරක සභාවේ සාමාජික මහාචාර්ය ආශුබෝධ මාරසිංහ". මීට ඉස්සර අහල නෑ වගෙයි.
මුදල් ඇමති නොවන මේ හාදයා අය වැය ගැන කථාකරන්නේ අර 2500 ටියුෂන් මාස්ටර් ගේ පන්තියට වැස්සට ගොඩවෙලා වගේ...
කවුද බොල මේ අදමයි දැක්කේ,
පටවන්න ඕනේ සියලු බදු බර පටවල දැන් කියවනවා තව පටවන්නේ නැහැ කියල. කොහොම වුනත් කතා විදිහට මේ අවුරුදු දෙක තුල වක්‍ර බදු වැඩි කලා වැට් බද්ද ට තව තවත් භාණ්ඩ හා සේවා එක්කලා.
මෙයා කවුරු වුනත් ඇත්ත කිව්වා. ඉස්සරහට බර අඩු කරනවාලු. ඒ කියන්නේ දැන් අපේ පිට බර දාලා බව පිලිගන්නවා.
ජනතාවගේ බදු බර කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන්ට බදු රහිත වාහන සහ අනිකුත් දීමනා ලබාගැනීමෙන්, මන්ත්‍රීවරුන්ගේ බදු බර නම් අඩුවී තිබෙන බව හොදින් පෙනෙන්නට තිබෙනවා.
මේ උන්දලා නැවතත් කැරට් අල සිටවීමේ ව්‍යාපෘතියක නිරතවෙන්න හදනවා වගේ.
පාර්ලිමේන්තු වාද විවාද සජීවීව නරඹන සැම කෙනෙක්ම මෙතුමා දන්නවා මෙතුමා කියන විදියට බදු අඩුකරලා රටක් පාලනය කරන්න බැහැනේ. පසුගිය කාලයේ රවී ඇමතිතුමා මන්දිර බද්දක් යෝජනා කලා එය ක්‍රියාත්මක කලේ නැහැ. මම කියනවා ව්‍යාපාර ගොඩනැගිලි සදහා බද්දක් අය කලොත් හොඳය කියල. මම දැකල තියෙනවා බොහොම නගරවල ගොඩනැගිලි වෙළඳ ආයතන සඳහා බදු දිලා තියෙන්නේ ඉතාම ඉහල මිල ගණන් වලට නමුත් ව්‍යාපාරය කරන පුද්ගලයත් ගොඩනැගිලි අයිතිකරුත් බදු ලිපිගොනුවල දක්වන්නේ ඉතාම අඩු මුදලක්. මෙම ක්‍රමයෙන් විශාල බදු වංචාවක් කරනවා ඒ ගැන අවධානයක් නොකරන රජය සාමාන්‍ය ජනයාගෙන් වක්‍ර බදු අයකරනවා.
රටවැසියාගෙන් බදු අය කිරීම අඩු කරනවා නම් භාණ්ඩ වල සහ සුඛෝපභෝගී භාණ්ඩ වල බදු ඉහල දැමිය යුතුය. ලංකාවේ වැනි රටක වෙන කල හැකි අන් දේවල් බොහෝ සීමාසහිතය. දැනටමත් මේවායේ බදු අහස උසට ඇති එකේ නිකන් බොරු නොකියා ඉන්න.
කරයි, කරයි
හැමදාම මේගොල්ලත් කියනවා අපිත් අහනවා නමුත් අන්තිමට සිදු වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. මටනම් පක්ෂ පාට කුමක් වුනත් දේශපාලකයන් දෙන පොරොන්දු ගැන කිසිම විශ්වාසයක් නැත. ප්‍රාඩෝ වැනි හොඳ වාහන වල යමින් මාලිගා වැනි නිවාස වල ජිවත් වෙමින් හොඳ හෝටල් වල කමින් බොමින් දේශපාලකයෝ සැප ජිවිත ගත කරන අතර අපි හැමදාම දුප්පත්.
ආ බදු අඩු කරන්න වෙන්න ඇති වයස 18 ඉහළ හැම පුද්ගලයාටම ආදායම් බදු අංකයක් දෙන්න යන්නේ!
මහජනයා පිට බදු බර පටවන්නේ නැත්නම් කාගේ පිටේද පටවන්නේ? මහජනයාට අමතරව රටක බදු ගෙවන තවත් අය ඉන්නවද? බදු මුදල් නාස්ති කරන අය නම් ඉන්නවා.
අනේ හොඳයි
මහී කියන කතාව හරියට හරි. අපි නැතුව වෙන කවුද බදු ගෙවන්නේ? මෙතන වැදගත් වන්නේ බදු අදායමට වෙන්නේ මොකද කියන එකයි.
මේකත් සිල් රෙදි වගේ කේස් එකක් වගේ පේන්නේ...