IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉතිහාසයේ වැඩිම විගමණික ප්‍රේෂණ මේ අවුරුද්දේ

(අංජුල මහික වීරරත්න)

ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වර්ෂයේ වාර්තා වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා උපුටා ගනිමින්  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

2025 වර්ෂයේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ඇමරිකා ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට ලැබී ඇති අතර, 2025 නොවැම්බර් මාසයේ පමණක් ඇමරිකා ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබේ.

2024 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේ ඇමරිකා ඩොලර් බිලියන 5.96 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කර ඇති අතර, ඒ අනුව 2025 වර්ෂයේදී ප්‍රේෂණ ලැබීම් 20.1%කින් ඉහළ ගොස් තිබේ.

2024 වර්ෂයේ  මෙරටට හිමිවූ විගමණික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6.57 ක් වන අතර, මේ අනුව සැලකීමේදී 2025 වර්ෂය ඉතිහාසයේ ඉහළම ප්‍රේෂණ වාර්තා කළ වර්ෂය වනු ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, ශ්‍රි ලාංකිකයින් 296,010 දෙනෙකු 2025 වසරේ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඊට පිරිමි ශ්‍රමිකයෝ 181,605 දෙනෙක් හා කාන්තාවෝ114,405 දෙනෙක් අයත් වෙති.



අදහස් (0)

ඉතිහාසයේ වැඩිම විගමණික ප්‍රේෂණ මේ අවුරුද්දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 779 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site