අනුරාධපුර මුල් යුගයට අයත් ගල් කණු කිහිපයක් මැදි කැර පදවී ශ්‍රී පුර පරණ මැදවච්චියේ මහවල ඉදිකිරීමක් කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුල්මුඩේ පොලීසිය හා පුරාවස්තු ආරක්ෂක පොලිස් ඒකකය කියයි.
පදවි ශ්‍රී ප්‍රාදේශිය ලේකම් සුනෙත් ජිනේන්ද්‍රසේන, ත්‍රිකුණාමල පුරා විද්‍යා නිලධාරී ප්‍රියන්ත ජයසිංහ හා නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ සුමනදාස මහත්වරු එහි ගොස් පරීක්ෂණ ඇරැඹුහ.
අනුරාධපුර මුල් යුගයට අයත් ගල් භාජන,පෙති උළු,වළං කටු රැසක් එම අනවසර ඉදිකිරිම් භූමියේ ඇතැයිද සුමනදාස මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටු රත්කර කර ඉන්නේ නැතුව දෙයියන්ගේ පිහිටෙන් දැන් වත් රාජකාරි කරොත් නරකද?(නදී)
කාටද කියන්නේ? සුගල දේවියගේ මමිය විනාශ කරලා රන්බඩු සොරකම් කළා කියන ප්‍රවෘත්තිය ගිහිල්ලා දින ගාණකට පස්සේ නින්දෙන් නැගිට්ට කෙනෙක් කියනවා ඒක සුගලා දේවියගේ නොවේලු. ඔය කතාව එදාම කිවයුතුයි නේද? (නි)
නටඹුන් තිබෙන ප්‍රදේශයේ ජනතාවට ඉදිකිරීම් කරන්න නොදී මුලින්ම ඉවත් කළා නම් මේ ගැටුම් නැහැනේ (නි)
කොමසාරිස් මහත්තයෝ දැන්වත් ඔය මර නින්දෙන් නැගිටින්න. (ස)
හෙළදිව වනසන සංහාරයේ තවත් පැති කඩක්... මුන්ටත් ඉක්මනින්ම යන්න වෙන්නේ වෙල්ලිමුල්ලි වයික්කාල් වලට චුට්ටක් විතර පහලින්..... (ස)
අපේ ඉතිහාසය වනසනවා.මේවට දඩුවම් දිය යුතුයි. (ස)
පොඩි උන් මෙච්චරක් හරිය කරනකම් මහා උන් කොහෙද උන්නේ (ස)
මේක මාර කරදරයක් නේ. පෞරාණික දේවල් තියාගෙන මොනවා කරන්නද දැන් ඉන්න අයට ගෙවල් නැතිව, මෝඩ යක්කු ඔය බිම්සරගේ දේපලක් නම් එහෙම කියන්න නැහැ. (ස)
ඔය සමන් නමින් පෙනී සිටින්නේ බින්ලාඩන්ගේ නෑදෑ කෙනෙක්.... සිංහල නම් වලින් පෙනී සිටිමින් සිංහලයන්ගේ මොලේ විකුර්ති කරන්න හදන කෙනෙක්.(නදී) .
කොමසාරිස් තුමෝ. දැන්වත් නැගිටලා අපේ පුරා වස්තු ටික රැක ගන්න උදව් වෙන්න. (ස)
සමන් වගේ කට්ටියත් ලංකාවේ ඉන්න බව අපි දන්නවා.සමන් කියන විදියට වෙනත් රටවල තියෙන පිරමීඩ ,ටජ්මහල පීසා කුලුණ වගේ දේවලුත් ඕන නැහැ නේද.?ලංකාවේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරහම වෙන කට්ටියකට ලේසියෙන්ම කියන්න පුළුවන් ඒ ගොල්ලන්ගේ නිජභූමි කියලා. (ස)
අපි දැක්කෙත් නැහැ ඇහුනෙත් නැහැ මොකුත් කියන්නෙත් නැහැ
සමන්, ඔයා කටින්ද කතා කරන්නේ?සිංහලයෙක් නම් වෙන්න බැහැ. (නි)
බලධාරීන් මර නින්දේ.......!!(දිල්)
අපගේ ඉතිහාසය විනාශ කරමින්, පෞරාණික ස්ථාන වනසමින්, කරන ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම නිසා මේවා නොනවත්වාම සිදු කරති. මේ අපගේ අභිමානයයි. කිසිවකු එය විනාශ කරද්දී මළ මිනිසුන් සේ නොසිට, බලධාරීන් කටයුතු නොකලොත් රටට අදරය කරන්නෝ මොවුන්ට පාඩමක් ඉගැන්වීමට පසුබට නොවු ඇත. වෙනත් රටක මෙවැනි දෙයක් කර ඇත්නම්! ඔවුන්ද මොවුන්ම වෙති. "සමන්" නමින් ඉදිරිපත් වී සිටින අයගේ අය තමයි මේ විනාශ කටයුතු කරන්නේ. (ස)
අපේ නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම තමයි ඔක්කොටම මුල. පුරාවිද්‍යා කොමසාරිස් තුමා රුපවාහිනී පුවත් වලට කියනවා... ගමේ මිනිස්සු දන්නේ කොහොමද කියල සුගලා දේවියගේ මමිය ගල ඇතුලේ තැන්පත් කරලා තිබුන කියලා. ඒක හරි විහිළුවක්ලු එකට කාබන් 14 පරීක්ෂණයක් කරන්න ඕනලු හොයා ගන්න. මගේ ජීවිතේ පලවෙනි වතාවට තමයි ඇහුවේ කාබන් 14 පරීක්ෂණයෙන් පුරාවස්තු තියන තැන් හොයනවා කියල. මම දන්නා විදියට කාබන් 14 පරීක්ෂණයක් කරන්නේ පුරාවස්තු වල කාල නිර්ණයට. (නදී)
ලොකු අයත් ඕකම තමා කරන්නෙ රූපවතී අක්කේ.වැඩේ කියන්නේ පොඩි අය කරනකොට තමා වැරැද්ද (නි)
පාලනයක් නැද්ද රටේ? බලතල අරගෙන ඉවරයි වගේ දැනටම (නි)
කාට බයේද මේ? මිනිස්සු දැනගන්න ඕනෑ සිද්ධ වෙන දේ (නි)
වගකිවයුතු අයට රාජකාරි අමතකවෙලාද ? (නි)
වගකිවයුත්තනි, දැන්වත් ඔය මර නින්දෙන් නැගිටින්න (නි)
මේවා ගැන කුමන කතාද? මතක නේ කටු ගෙයි බඩු වලට වුණ දෙය. (නි)