ශ්‍රී ලංකාවේ මාර්ග නිතියක් කඩ වු පසු දඩය ගෙවා රිසිට් පත පොලිසියට රැගෙන එන තෙක් රියදුරු බලපත්‍රය පොලිසිය සන්තකයේ තබා ගැනිම තමන්ගේ කාලය කා දැමිමක් බව බොහෝ පිරිස් පවසති.
ඉතාලියේ පාදෝවා නුවර වෙළද ව්‍යාපාරිකයකු වන සපරමාදු මහතා මසකට වතාවක් තම වෙළද කටයුතු වෙනුවෙන් ශ්‍රි ලංකාවට පැමිණෙන්නෙකි. ඔහු කියනුයේ මෙවන් අදහසකි. මම පදිංචි මහරගම.
පසුගිය දවසක මම කතරගම ගියා. නැවත පැමිණෙනකොට සුළු වරදකට මාව කතරගම පොලිසියෙන් ඇල්ලුවා. ඒ වනකොට වේලාව සවස 5 යි. දඩ කොළය ගෙවා රිසිට් පත අරන් එන්න කියලා පොලිස් රාලහාමිලා මට කිවුවා. ඒ වනවිට තැපැල් කන්තෝරු වහලා. මම එදා දවසත් කතරගම නැවතිලා ඊට පහුවදා දඩ කොලය ගෙවලා රියදුරු බලපත්‍රය අරගෙනයි කොළඹ ආවේ.
එදා රෑ ගුවන් තොටුපළට යන්න මට තිබුණේ පොඩි වෙලාවයි. මේ ක්‍රමය මහා යල් පැන ගිය ක්‍රමයක්. නවීන තාක්ෂණයත් එක්ක මෙයට වඩා හොද ක්‍රමයක් හදුන්වා දෙන්න බලධාරින්ට පුළුවන් වෙන්න ඕන. රාලහාමිගේ සාක්කුවේ දාගෙන හිටපු මගෙ ලයිසන් එක ගන්න මම දවසක් වැය කරන්න සිදු වුණා.
පගාව දෙන්න මිනිස්සු පෙළඹෙන්නේ මේ නිසා. මැති ඇමැතිවරුන් කියන්නේ ලෝකේ අලුත් දේ අපේ රටට හදුන්වා දෙනවා කියලයි. මේ ක්‍රමය ලෝකේ කොහෙවත් නැතුව ඇති. යුරෝපයේ නැහැ.
නැගෙනහිර යුරොපයේ දුප්පත් රටව්වලත් මේ වගේ ක්‍රමයක් නැහැ. මා සමග වෙළද කටයුතු කරන අප්‍රිකාවේ මගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් මම මේ පිලිබදව සොයා බැලුවා ඔවුන්ගේ රටවලත් මේ විදියේ ක්‍රමයක් නැහැ. පුලුවන්නම් ලංකාදිපෙන් බලධාරින්ගේ ඇස මේ සදහා යොමු කරන්න. ඒක ලොකු දෙයක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් අප්‍රියෙල් මාසේ ලංකාවට ආවා නිවාඩුව ගත කරන්න. මමයි මගේ නෝනයි දළදා මාලිගාවට ගියා එද්දී ටිකක් හවස් වෙලා මම ටිකක් වේගෙන් එද්දී රාලහාමි කෙනෙක් නැවැත්තුවා. මට කිව්වා ඉර කපුවා කියලා මම කිව්වා හරි වැරද්දක් උනා දැන් මොකද කරන්නේ කියලා. ඊට පස්සේ එයා කිව්වා උසාවි දාන්න ඕනා කියලා. මම කිව්වා මම පදිංචි ලංකාවේ නෙමේ මම වෙන්නප්පුවේ ඉඳලා තකහනිය උසාවි එන්න ඕනද කියලා. ඊට පස්සේ රාලහාමි මට කිව්වා අපි දෙන්නෙක් මෙතැන ඉන්නවා අපි දෙන්නට බලලා සාදාරණයක් කරන්න කියලා. මම දෙන්නට 1000 ගානේ 2000 ක් දුන්නා. මොකද මට වෙන්නප්පුවේ ඉඳන් උසාවි එනවට වඩා මේ මිනිස්සුන්ට සල්ලි දෙන එක ලාබ හින්දා. එත් ඒ සල්ලි වලින් ඒ මිනිස්සු උන්ගේ දරුවන්ට ගෑනුන්ට කන්න අදින්න දෙනවනම් උන්ට කවදාවත් හරියන්නේ නැහැ. මොකද අපි රට ඉඳන් ආවත් සල්ලි ගස්වලින් කඩාගෙන එන්නේ නැහැ. මේ දඩ ක්‍රමය වෙනස් කරන්න ඕනා.(නදී)
මම දවසක් නුවර යනකොට නෙලුම්දෙනියේදී පොලිසියෙන් ඇල්ලුවා වේගය වැඩියි කියලා. දඩය ගෙවන්න ආයෙත් එන්න බැරි නිසා 1,000ක් දුන්නා. පොලිස් රාළහාමි 1,000ත් අරන් මගෙය් ලයිසන් එකත් ගත්තා. මම එයාට ශාප කලා (නි)
මේක ක්‍රියාත්මක කරන්න නම්, 1. කොටසක් ඉන්නවා. ඔබ ඉතාලි හිටියත් ලංකාවේ කෙනෙක් කියන නිසා ගණන් නොගනී. එහෙම අයට සුද්දෙක් ලවුවා කියවන්න. 2. තව කොටසක් ඉන්නවා මේක බටහිරින් එන නිසා මේකට ඉඩනොදෙන.එහෙම අයට ඉන්දියන්කාරයෙක් හෝ චීනෙක් ලවා බාල බඩුවක් ලෙස ඇගේ ගහන්න (නි)
ඔන්න ඔහොම තමයි මහත්තයෝ අපි ආස්චර්යයට යන්න හදන්නේ. අනේ අම්මපා කයිවාරුවනම් ගහනවා සුරංගනා ලෝක මවලා. තාම ඇපයක් වත් හරියට හදාගන්න බැහැ.(නදී)
සපරමාදු මහත්තයෝ මේ අවනඩුව කතරගම දෙයියන්ටම කියලා විසඳාගන්න තිබුනනේ.(නදී)
අපේ රටේ පොලිසිය මහත්තුරුන්ට නම් ඔය ප්‍රශ්න නැ, එයාලට රියදුරු බලපත්‍ර ඕන වෙන්නේ නැහැ මොකද එයාලට පොලිස් බලපත්‍ර තියනවනේ.(නදී)
සපරමාදු මහත්මයෝ, ඔබ හදන්නේ මේ රට හදන්ටයි, අපි හදන්නේ මේ රටෙන් හැදෙන්ටයි. ඔබ මේ රටට සුදුසු නැති බව දැන් පැහැදිලියිනෙ. ඒ නිසා කරුණාකර ඔබට සුදුසු රටකට වෙලා ඉන්න. මෙහෙ ඒවා අපි බලා ගන්නම්.(නදී)
කෙනෙක් තමන් ඉපදුන රටේම ජීවත් වෙනකොට දකින්නේ පේන්නේ එකම දෙයක් විතරයි. නමුත් වෙන රටකට ගිහිල්ලා එහෙ වෙන දේවල් දැක්කම තමන්ගේ රටයි අනිත් රටේ වෙන දේවලුයි සංසන්දනය කරන එක සාමාන්‍ය දෙයක්. ඒකට වැරද්දක් කියන්න බැහැ. සපරමාදු මහතා හරි. තව ටිකෙන් සපරමාදු මහත්තයට අලුතෙන් ගුවන් ට්කට් පතක් අලුතෙන් ගන්න වෙනවා. ඒකමත් නෙවෙයි අපතේ යන කාලය. කාලය රන් හා සමානයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. කාලය අවශ්‍ය කෙනයි කාලයේ වටිනාකම දන්නේ.(නදී)
මගේ යාළුවෙකුටත් ඔයවගේ දෙයක් උනා ගාල්ලේදී, රාළහාමි කිව්වා අර ඉස්සරහ තියන බංකරයේ ගෝනිය යටින් සල්ලි තියලා යන්න කියලා. මගේ යාළුවා 5 කොලයක් තියලා ඇවිත් එතන.(නදී)
මේ ලිපිය පලකලාට ස්තුතියි. (ස)
එකනම් සහතිකයි (අ)
ඉතාලියේ කරන්නෙත් මෙහෙම තමා. හැමදේටම නීතිඥයෝ ඉදිරිපත් කරන්න ඕනෑ. එක වැඩක් කරගන්න දවස් ගානක් යන්න වෙනවා. (නි)
ප්‍රවාහන අමෙති තුමනි , ජනාධිපති තුමනි පවතින ක්‍රමය වෙනස් කරන්නන , දඩ මගින් ආණ්ඩුවට ලැබෙන අධයම 500% පමණ වැඩි වේවි , ඔබතුමාලට ලැබෙන චන්ද ප්‍රතිශතය 5-10% වැඩි වේවි , මොකද මිනිස්සු රස්තියාදු වෙනකොට , පගාව දෙන්න වෙනකොට කේන්ති ගන්නේ පොලිසිය එක්ක විතරක් නොවෙයි ආණ්ඩුවත් එක්ක ,(අ)
පොලිසියේ පරිගණක අංශයක් වෙනම ඇත. කොතලාවල ඇකඩමියෙන් ආරක්ෂක අංශ වලට පරිගණක උපාධිධාරීන් බොහෝ බිහිවේ. ස්ලිට් සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වලින් බිහිවූ පරිගණක විශේෂඥයන් බොහෝ රටවල උසස් නිල දරනවා. අපේ රටේ පමණක් තවමත් පොත්වල කුරුටු ගාමින් වැඩ කරන ටික දෙනාගේ කාලය කා දමනවා.(නදී)
පගාව ගන්නේ නැති තැනක් කියන්න. (ස)
මම ඉන්නේ ඔමානේ. මම යාපනේ ගිහින් එද්දී වව්නියාව පොලිසිය මාව බොරුවට ඇල්ලුවා. රාළහාමි කිව්වේ මම 74 ට ආවා කියලා. ඇත්තට මම ආවේ 65 ටත් අඩුවෙන්. ඒත් රාළහාමි කිව්වේ වරද පිලි අරන් 1000 ක් දීලා යන්න කියලා නැත්නම් උසාවි එන්න කියලා. මට උසාවි එන්නම හිතුනා. මගේ දරුවෝ සාක්කියට හිටියා. ඒත් මම ඊට දින දෙකකට පස්සේ ආපසු රට එන්න හිටියේ. උසාවි යන්න කාලයක් නැති නිසා 1000 ක් දීලා ආවා. (නි)
ලෝකයේ තිබෙන හොඳම වෙනස් කල නොහැකි වාහන නොම්මර තහඩු තිබෙන්නේ ලංකාවේ කියල ජර්මනියේ රූපවාහිනී වැඩ සටහනකදී කියවුනා. ජර්මනිය 1999 වෙනතුරු භාවිතා කලේ කඩදාසි වල මුද්‍රණය කල රියදුරු බලපත්‍ර. ප්ලාස්ටික් කාඩ් ආවේ 1999 පස්සේ , අපි 1990 විතර ඉදන් ප්ලාස්ටික් කාර්ඩ් රියදුරු බලපත් භාවිතා කරමු. මේ හැම දෙයක්ම තිබිලත් දඩකොල තැපල් කන්තොරු වලට ගෙවන ක්‍රමය තවම ක්‍රියාත්මක කරන්නේ පොලිස් නිලධාරීන්ට පගාව ගහන්න ඕනේ නිසයි. කරුණාකර දඩකොල ගෙදරට තැපෑලේ එවන ක්‍රමය හෝ වෙන යම් ක්‍රමයකින් රියදුරන් රස්තියාදු වන එක නවත්වන්න. එතකොට රජයට දඩ වලින් ලැබෙන අදායම වැඩි වේවී. මිනිස්සු පගාව දෙන්න පෙලබෙන්නේ දවස් ගණන රස්තියාදු වීමට අකමැති නිසයි.(නදී)
ඔක්කොම හොඳයි. එතකොට අපි ඉතාලියේ කන කට්ටවල්වලට මොකද කරන්නේ ? ලංකාවේ ප්‍රශ්න වගේම තමයි ඉතාලියේත් ප්‍රමාද වෙන එව්වා.(නදී)
අපොන්සු කියල බොරු ජාති ආලෙන් ඔද වැදිච්ච මිනිස්සු හින්ද තමයි අපි තාමත් තුන්වෙනි ලෝකේ රටක් වෙලා ඉන්නේ. (ස)
මෙකට බැන බැන ඉදලා හරියන්නේ නැහැ, අපි එසැණ අය එකතුවෙලා ක්‍රමයක් යෝජනා කරමු, අපේ රටට, දැනට තියන සම්පත් වලට ගැලපෙන්න යෝජනා කරමු මෙම තීරයට, විවේචන කරමු, සාර්ථක ක්‍රමයක් හදමු, ක්‍රමයේ නමට දාමු එසැණ ගෙවීම්, කරුනණාකර හොද අදහස් දෙන්න.(නදී)
මුලින්ම මාර්ග නිතිය හරි නැහැ කියනවා, ඊළඟට තියෙන ආණ්ඩුවත් හොඳ නැහැ කියාවි. මේවාට ඉඩ තියන්න හොඳ නැහැ. මේ තියෙන විදිය ඉතාම හොඳයි. හොඳ මදිනම් රට දාල යන්න කියන්න. මොකද අපි බලෙන් අල්ලන් ඉන්නවාද? (ස)
ඉතාලියේ නම් හුගක් අය දඩ කොලේ ගෙදරට ඇවිල්ලත් නොගෙවා ඉන්නවා.(ස)
අපේ අප්පුහාමිලා ඔය ලොකු ලොකු රටවල් කරන ඒවා ගණන් ගන්නේ නැහැ. අපි කැමති මඩේ ඉන් ශ්‍රී ලංකා ක්‍රමයට. සිය රට දේ, සිරි සැප දේ.(නදී)
තිලින, ඔබ හරි. මටත් ඔය දෙයම වෙලා තියෙනවා තුන් හතර වතාවක්. හොදම ක්‍රමය රියදුරුගේ තොරතුරු වරද, බලපත්‍රය අංකය ඇතුළු සියලු දේ ඇතුව වාහන අංකයට දඩ නියම කිරීම. එවිට වාහනය අලුත් බලපත්‍රයක් ගන්නාවිට දඩ මුදල ගෙවිය යුතුයි.(නදී)
විහිලුවක්ද
ජපානේ තියෙනවා ඉතාම සරල ක්‍රමයක් ,පැය 24 ඇරලා තියන පොඩි සුපර් මාකට් වලට ගෙවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ තැපැල් බඩුත් බාරගන්නවා.(නදී)
කතරගම විතරක් නෙවේ ලංකාවේ හැමතැනම ඔය දේ තියෙනවා. මටත් ඔය දෙයම සිදු වුනා. පගාව දුන්නා හැම අවස්ථාවේම. මොකද කාලය අපට වටිනා දෙයක් නිසා. පොලිසිය විතරක් නෙමෙයි හැම කාර්යාලයක් තුලම පගාව ගන්නවා. මතක් වෙන කොට පුදුම කේන්තියක් ඇති වෙන්නේ. (නි)
පුදුමයි ලංකාවේ පොලිසිය ඔහොම නැහැ. කතරගම නිසා වෙන්න ඇති. මොකද දෙවියන්ගේ අඩවියනේ පඩුරු නැතිව මොකුත් බැහැ. නිකමට වගේ අහුවෙලා බලන්න අනිත් ඕනෑම පොලිසියකට මිනිත්තුවෙන් ඕනෑම ප්‍රස්නයක් විසදලා දෙනවා. මතකනේ කටුගේ සිද්දිය.(නදී)
ලංකාවේ තමයි ලෝකේ හොදම පොලිසිය තියෙන්නේ (දී)
ලොකු ලොක්කෝ අපේ මිනිස්සුන්ව රවට්ටලා දේශපාලනේ කරලා අන්තිම කාලේ හොද රටවල පදිංචියට යනවා. ඡන්දෙ බලාපොරොත්තුවෙන් පේන දේවල් විතරයි හදන්නේ.(නදී)
එකනේ ලංකාවේ කරන්නෙම ලෝකේ කොහෙවත් නොකෙරෙන වැඩ තමා.(ස)
සපරමාදු මහත්මයෝ ලෝකය පුරා යන අපේ අයගෙන් මේ වගේ පොඩි පොඩි හොඳ අදහස් රටට හදුන්වා දුන්නොත් රට සංවර්ධනයට ඉමහත් රුකුලක්. මතකයි නේ ඒ කාලයේ වාහන වල නොම්බරය වෙනස් කිරීමට (දැන් තියෙන ඉංග්‍රීසි අකුරු ක්‍රමය හඳුන්වාදීමට) ජාත්‍යන්තර උපදේශකයන් ගන්න උනහැටි කොටි ගණනක් ගෙවන්න උනා.(ස)
ලංකාවේ ඔයට වඩා ප්‍රශ්න තිබෙනවා. හොද වාහන ටිකක් ඇමතිලාට අරන් දෙන්න ඒවානෙ තිබෙන ප්‍රශ්න. (ස)
ලංකාවේ තියෙන්නේ හොරා පොලිස්නේ (නි)
අපි කොහමද හවසට අඩියක් ගහන්නේ මහත්තයා ලංකාවට නම් එන්න එපා.(ස)
අපේ ඇමති හොරු රට රට වල සවාරි යනවා එක එක අලුත් දේවල් හොයන්න කියලා. නමුත් හොයාගෙන එන්නේ ගණිකා මඩම් දාන්න, සුදු පළවල් අරින්න අද්දැකීම් (නි)
ගැලපෙන අදහසක් ඉදිරිපත් කරමි. රියදුරු බලපත්‍රය ලබාගන්න අවස්ථාවේදී ප්‍රමාණවත් තැන්පත් මුදලකුත් අයකර ස්මාර්ට් කාර්ඩ් ක්‍රමය මගින් දඩ මුදල අය කර ගත හැකිය. ගෙවන ලද මුල් තැන්පත් මුදල එලෙසම පවත්වා ගෙන යාම අනිවාර්ය කල යුතුය. වැරදි නොකරන අයට තැන්පත් මුදල ට වසරක් ගත වූ පසු පොලියක් ගෙවිය යුතුය. එලෙස ට නීති සම්පාදනය කල යුතුය.(ස)
මටත් මේකම උනා, පොසොන් එකට කොලබ සිට පුත්තලම හරහා අනුරාධපුර එද්දී 4 දෙනෙකුට 4 පොළකදී 4000/= දීල තමයි රියදුරු බලපත්‍රය බේරාගෙන ආවේ. මෙයාල පෝය කියලවත් බැලුවේ නෑ (දී)
සපරමාදු මහත්තයා, ඔයා ඉපදුනේ අපේ උතුම් ශ්‍රී ලංකාවේ බව මතක තබා ගන්න.(නදී)
ඒ යෝජනා වනම් හොදයි (දී)
මගේ ලයිසන් එක නිකුත් කලේ 94දී. ඒක නැති වෙලා ගන්න ගියාම නොම්මරේ ඉල්ලුවා. නොම්මරේ නැත්නම් පොත් වලින් හොයන්න කිව්වා. ඒ දවස් වල කිව්වෙ නම් පොත වෙනුවට ඉලෙක්රොනික් කාර්ඩ් එකක් නිකුත් කරනවා කියලා. බැලින් නම් කරලා තියෙන්නේ නිකන්ම කාර්ඩ් එකක් ප්‍රින්ට් කරලා පොතේ ලියලා දීලා තියෙන්නේ. (නි)
එකම විසදුම ඊ-රජයක්.(නදී)
දුරකථන ජාලවල නියමිත දිනට බිල ගෙවීමට ඇති ආකාරයට කිසියම් කෝඩ් එකක් යටතේ දඩ මුදල ඕනෑම තැපැල් කාර්යාලයකින් නියමිත දිනයක් සඳහන් කර ගෙවීමට පහසුකම් සැලසුවා නම් කාටත් පහසුයි.දඩ මුදල් නොගෙවන්නන්ට උසාවි කැදවීමෙන් දඩුවම් කරන්න.බලන්න මොනතරම් සාර්ථකද කියලා? (නි)
මටත් ඔය වගේ වැඩක් වුනා කුරුණෑගලදී. කරන්න දෙයක් නැහැ. මගෙන් රු.2000 ඉල්ලුවා. මොනවා කරන්නද මම දුන්නා (නි)
බොහොම අගය කල යුතු ඉල්ලීමක් මේක. ලංකාවේ වාහනවල තියෙන අංක තහඩු ක්‍රමය තවම බොහෝ යුරෝපා රටවල නැහැ. ඒ වගේම තමයි රියදුරු බලපත්‍රය. 1993 නිකුත්කළ මගේ රියදුරු බලපත්‍රය (ප්ලාස්ටික් කාර්ඩ්) දැකලා මගේ යාලු සුද්දන්ට පුදුමයි, මොකද මෙහෙ කාර්ඩ් ක්‍රමය පටන් ගත්තේ බොහොම මෑතකදී. අපේ හොඳ දේවල් වලට හොඳයි කියන්න ඕනෑ. නමුත් ගොඩක් දෙනෙක් කියනවා වගේ පොලීසියේ දඩ ගෙවන ක්‍රමය නම් අන්තිමයි. පොලීසියේ රාලහමිලට කාලය වටින්නේ නැති වුනාට අපිට ගොඩක් වටිනවා. පුද්ගලිකව මට දවසේ පැය 24 මදි අපේ වැඩ කරගන්න.හැමෝම නෙවෙයි, නමුත් ගොඩක් රාළහාමිලා බලන්නේ කාගෙන් හරි කමක් නැහැ ගානක් කඩා ගන්න. යුරෝපයේ තියෙන ක්‍රමය අනුව රියදුරු බලපත්‍රය අමතකවීමකින් ගෙදර දමා ගියත්, පසු දවසක එය පොලීසියට පෙන්විය හැකි ක්‍රම තියෙනවා. ඒ නැතත් ඕනෑම කෙනෙකුගේ නම, ගම, ලිපිනය අහගෙන පොලීසියට එවෙලේම බලන්න පුළුවන් ඔවුන්ට රියදුරු බලපත්‍රයක් තියෙනවද නැද්ද කියලා. මේ හැම දෙයක්ම වෙනස්වෙන්න ඕනෑ ලංකාව ඉදිරියට යන්න නම්. අලුත් ලොවට, නවීන මාර්ගවලට, නවීන වාහන වලට කාලෙට ගැලපෙන විදියට අපි තවම වෙනස් වෙලා නැහැ. (නි)
සහතික ඇත්ත. පොලිසියේ අයට පගාව දෙන්න මිනිස්සු පෙළඹෙන්නේ මේ නිසා. (ස)
ඔවු. ඒක ඇත්ත (නි)
ලංකාවේ හැම පුරවැසියෙකුටම ෆයිනෑන්ස් කෝඩ් දෙන්න ඕනේ සියලුම පෞද්ගලික විස්තර පරිගණක ගත කරලා (දී)
අනේ මහත්තයෝ.... ඕව කියන්න එපා.... අපේ රට ලොවෙන් ඉතා උතුම් කියා හිත ඉන්න ඉනියා ජාතික වාදියෝන්ගේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා.(ස)
අස්චර්යට ඉක්මනින් යන්න පුළුවන් වැඩක් (දී)
ඕක සුළු දෙයක්. ලගම තියෙන A T M එකකින් දඩය ගෙවා රිසිට් පත පෙන්වන ක්‍රමයක් ඇති කරන්න. බැංකු සමග කතා කර ආරක්සක අමාත්‍යංශයට මෙය කල හැකි. (දී)
ලෝකේ වෙන කොහෙවත් නැහැ මේ විදියේ දේවල්.(ස)
පගාව ගන්නම තමා මේ වගේ දේවල් කරන්නේ. මිනි මරල යනවා නෙමෙයිනේ.(නදී)
ඔය ක්‍රම වෙනස් නොකරන්නේ කාට කාටත් පගාව ගහන්ඩ බැරිවෙන නිසානේ. (දී)
කොටින්ම අපේ අල්ලපු රටේවත් නැහැ මේ වගේ කාලේ කන වැඩ. (නදී)
අපිට ඔය පිටරට සුද්දන්ගේ ක්‍රම වලින් වැඩක් නැහැ. මේක සිරි ලංකාව. අපි වැඩ කරන්නේ ඇල් හාලේ බත් කාල හෙලකුල සිරිතටයි. ලංකාවේ ආශ්චර්යමත් ක්‍රමවේදයට කැමති නැතිනම් පිට රටටම වෙලා ඉන්න. (නදී)
ලෝකේ කොහේ එහෙම උනත් ලංකාවේ එහෙමෙ වෙන්නේ නෑ. පොලිසියට අතිරේක අදායම් මාර්ගයක් නෙති කරන්න එපා.(නදී)
ඒ යෝජනාව නම් ඉතා වටිනවා (නි)
ඔන්න ඔන්න ඉතින් සපරමාදු මහත්තයක් නිකන් මැරිලා උපන්න වගේ කතා කරන්න හදනවා ඉතාලි ඉඳන් ඇවිල්ලා . අපිත් මේ සියල්ල ඉවසීමෙන් දරාගෙන යන්නේ අගේට. කමක් නෑ අපි 2050 විතර ඔය යෝජනාව සලකල බලමු හැබැයි දේවාලයකින් අහල බලා තමා කරන්න වෙන්නේ සපරමාදු මහත්තයෝ.(නදී)
පොලිසිය වෙලාවකට හොදයි වෙලාවකට නරකයි (දී)
ඔක්කොම එකතුවෙලා බනින්නේ පොලිසියට. මම දන්නා තව කරුණක් තියනවා. මීට අවුරුදු හතකට ඉහත මගේත් යාලුවෙක් පොලිසියෙන් අල්ලලා රියදුරු බලපත්‍රය තියා ගත්ත. යාළුවා අනුරාධපුරේට ගිහිල්ල තව එකක් ගත්ත නමේ මුලකුරක් වෙනස්කරලා. කොහොමද වැටත් නියරත් දෙකම ගොයම් කාපු හැටි ? (දී)
ඔබ හරියට හරි.(නදී)
මම වැඩ කරන මැලේසියානු සමාගමේ මෙයට සමාන විසඳුමක් තියෙනවා. අපි එය පාවිච්චි කරන්නේ නම් වෙනයම් කටයුත්තකට. නමුත් පොඩි පොඩි වෙනස් කම් කීපයක් කිරීමෙන් පසු සපරමාදු මහතා කියපු කාරණාවට ඈඳා ගත හැකියි. ලංකාවේ අලුත් හැඳුනුම්පත නිකුත් කරන මෙට්‍රොපොලිටන් සමාගමට, ඩයලොග් ඇක්සියාටා සමාගමට මෙම කටයුත්තට සෘජුවම සහය වෙන්න පුළුවන්. ඊ ඉසෙඩ් කෑස්, එන්.එප්.සී කියන මුදල් ගෙවීමේ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කිරීම පමණයි කළ යුත්තේ. ලේසියි කියලා පෙනුනත් ටිකක් අමාරු කාර්යයක් නමුත් බැරි නැහැ.(නදී)
කරන්නනම් ගොඩක් දේවල් තියෙනවා ඉන්න හොර නිලධාරි ටික එලවන්නේ නැතුව මොකුත්ම කරන්න බැහැ. (දී)
100% එකග වෙනවා.(ස)
ලෝකේ යන්නේ ඉස්සරහට අපි යන්නේ පස්සට.(ස)
මෙයා හරි, මටත් මේ වගේ වැඩ වෙලා තියෙනවා. සිකුරාදා මාතර යන මාව 8 විතර බේරුවල පොලිසියෙන් ඇල්ලුවහම මට ලයිෂන් එක ගන්න වෙන්නේ සදුදා. නමුත් මම ඉරිදා ආපහු කොලඹ එනවා. ලයිෂන් එකේ විස්තරය අරගෙන අපිට ආපහු දෙනවා නම් , කොහේ හරි පොලිසියකට ගෙවලා දාන්න සැලසුවා නම් ඉවරයිනේ.(නදී)
මහවැලි මෝඩ කතා නොකිය හිටු..
පොලිසිය විසින් නිකුත් කරන සියලුම දඩ පත්‍රිකා පරිඝනක ගත කොට දින 30 ක ගෙවීමේ කාලයක් ලබාදී ,එම දින 30 ඇතුලත නොගෙවන ඒවා පමණක් අදාල වාහනය ලියාපදිංචි කර ඇති පළාත් පාලන ආයතනයට යොමු කොට ,වසරකට වරක් වාහන අදායම් බලපත්‍රය අලුත් කරනවිට අයකර ගත හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි මාගේ හැඟීමයි .පාවිච්චි කල වාහන විකිණීමේදී ද වාහනයට අදාල දඩ මුදල් පිළීබඳ ගැටළු ඇති නොවන ලෙස මෙම ආයතනය හරහා සිදුවිය යුතුයි .අප සැම දන්නා පරිදි රජයට අයවිය යුතු විශාල මුදලක් පොලිස් නිලධාරීන්ගේ සාක්කු වලට යන මේ යල් පැන ගිය දඩ මුදල් අයකර ගැනීමේ ක්‍රමයේ ඉක්මන් වෙනසක් සිදුකිරීමට අදාල බලධාරීන්ගේ අවධානය යොමු වේවායි අපේක්ෂා කරමු . (දී)
වරදක් කරලා අල්ලපු ගමන් දඩ කොලේ අතටම දුන්නනම් ලය්සෝන් එකත් එක්ක ඉවරනේ ගෙවුවේ නෙත්නම් නඩු ගාස්තු රජයේ ගාස්තු එක්කම දඩේ ඩබෝල් කලානම් ගහේ නේද ? (දී)
ඇත්තටම ඕකට නම් විසදුමක් දෙන්ඩ ඕනා. වරදක් කරන එක වෙනම දෙයක්, නමුත් ඒකට මිනිස්සු ඔයතරන් විදවන්ද ඕන නැහැ. දඩය ගෙවන්ඩ පහසු විදියක් හදන්ඩ ඕනා.(නදී)
ඹ්කට තමයි ආශ්චර්ය කියන්නේ. ලෝකයේ කොහේවත් නෑ. හැබැයි ශ්‍රී ලංකාවේ තවම තියනවා. (දී)
මේක මෝඩ වැඩක් තමයි. පොලිසියට පගාව දෙන එක වැඩි වෙනවා මේ වගේ යල් පැන ගිය නීති තියනකල්. ලෝකය වෙනස් වෙනස් වෙන කොට අපිත් වෙනස් වෙන්න ඕනේ කියල තමා අපේ රජතුමා කියන්නේ. ඒ උනාට අවශ්‍යම ඒවාට පිළියම් දෙන්නේ නැහැ. කාලය වැදගත් නැති අයනම් මේ ක්‍රමය අගය කරයි.(නදී)
ලංකාවේ පොලිසියෙන් ඉතාලි පොලිසියට යෝජනාවක් එවයිද දන්නේ නෑ මීට පස්සේ පගාව ගන්ඩ පුරුදු වෙන්ඩ කියල (දී)
සපරමාදු මහතා ඉතාලි ඉන්න නිසා සල්ලි ඇතිනේ. ඒ වෙලාවේ පොඩි පගාවක් දුන්නා නමි හරිනේ. ක්‍රමය වෙනස් වනවා නම් හොදයි. ඒත් කල් යයි. (නි)
එස් අයි සපරමාදු, මාසෙකට වරක් ලංකාවට යනවා කියා ප්‍රසිද්ධ පුවත් පත් මගින් 'නයි' අරිනවා වගේ නෙවෙයි හෙට ඔයාට ඉතාලි ආදායම් බදු එකෙන් එන්න කියල විස්තර අහයි. (දී)
මමත් දඩයක් ගෙවල රිසිට් එක තියාගෙන ඉන්නේ ලයිෂන් එක ගන්න යන්න වෙලාවක් නෙතුව (දී)
පිටරට කාලයක් හිටපු කෙනෙක්ට ඒ රටෙන් පොලිස් වාර්තාවක් ලංකාවටම ගෙන්වා ගන්න පුළුවන්. සති 2 ක් වගේ ඇතුලත අන්තර්ජාලේ හරහා. හැබැයි ලංකාවෙන් සල්ලි ගෙවන්න පවතින නීතියේ හැටියට අමාරුයි. මන් විදෙසිකයෙක් ලව්වා සල්ලි ගෙවලා ගෙන්න ගත්තා. ලංකාවෙනම් කොයි තරම් කාලයක් යනවද?(නදී)
නමට දඩ කොලයක් දෙන්න සල්ලි ගෙවන්න. රියදුරු බලපත්‍රය පොලිසිය ගන්නේ නැතුව. හරි දවසට ගෙව්වේ නැත්නම් නඩු. නිකම්ම වැඩේ වෙනවා (නි)