උතුරු මැද පළාතේ පැතිරී යන වකුගඩු රෝගය අවම කිරීමේ පියවරක් වශයෙන් දුෂ්කර ගම්මානවලට වතුර පෙරණ යන්ත්‍රී පරිත්‍යාග කිරීම සඳහා අරමුදල් රැස් කිරීමේ සුහද හමුවක් හා රාත්‍රී බෝජන සංග්‍රහයක් ඉතාලියේ මිලානෝ නගරයේ දී සෙනසුරාදා පැවැත්විණි.
ලාබාල ගායක හිමාෂ මනුප්‍රිය ද ඊට එක් විය.
මිලානෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය මෙම හමුව සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන්ගේ අරමුණ ඉතාමත් උසස්! යුරෝපය වගේ රටක ඉගෙන දේශපාලන පක්ෂ නැතිව කලානම් තවත් ආඩම්බරයි නේද? ඔය රටවල් දේශපාලනය කිව්වට කවුරු කවුරුත් දේශපාලන වේදිකා වෙදිවත් තමන්ගේ රටේ ජාතික කොඩිය මිසක් වෙනත් පාටවල් පාවිච්චි කරන්නේ නැහැ නේද? මේ රටවල තියෙන අපිට හොද දේවල් එකතු කර ගනිමු. නුබලාගේ සද්ක්රියාව සාර්ථකවේවා!.(නදී)
පිට ඉන්න අයට ඕනේ මොනවද කියලා තේරෙනවා. ඇතුලේ කට්ටිය වෙන වැඩ.(නදී)
අසෝක ...ඔයාට පෙන්නේ නැද්ද ජාතික කොඩිය තියෙනවා ... මේ වැඩේ හොදටම හොදයි. මොන දේශපාලන පක්ෂයකින් උනත් වැඩේ කෙරෙනවා නම් එච්චරයි නේ .. වැඩේ තවත් ලස්සනයි බෝජන සංග්‍රහය නැතිව ඒකට ගිය වියදමත් ඒ සත්ක්‍රියාවටම යෙදෙව්වා නම්.... කෙසේ වෙතත් එයාලට අපේ සුභ පැතුම් ..... .(නදී)
මෙහෙම සමිතියක් ගැන අපි නම් දන්නෙත් නැහැ. මේ අයගේ අරමුණු ගැන සොයා බැලිය යුතුයි. පුද්ගලික අරමුණු ඉටු කරගන්න හදන්න එපා.(නදී)
වෙන්නප්පුවේ තරුණ සමිතිය පිළිකා රෝහලට එකතු කල මුදල් ගැන විස්තරයක් මේ පිටුවට දන්වනවාද? දායකයන් මේ මුදල් වලට වූ දේ ගැන පැහැදීමක් නැහැ..(නදී)
කෙරෙන හොඳ වැඩේට උදවු දෙනවා මිස අඩුපාඩු දකින එක නොවෙයි කරන්න තියෙන්නේ..(නදී)
ගායක දරුවා මේසේ උඩ නග්ගවලා කට්ටිය පාටියක් දාල. හිඟන වැඩ තමයි කවදත් මෙයාල කලේ..(නදී)
කෝ අර සින්දු කියන්න බැරි ගායිකාව ගෙනාවේ නැද්ද? එයා හරිම ආසයි කැපී පෙනෙන්න.(නදී)
මේ අය කැපී පෙනෙන්න නොයා කණ්ඩායමේ බේද දුරලා යම් සත්කාරයක් කරනවා නම් ඒකයි සත්කාරය.(නදී)
ප්‍රගීත් කියන්නේ "අර අක්කා" ගැනද? (නි)
මෙහෙම සමිතියක් නම් අහල නැහැ. මෙම නම ගහ ගත්ත අය නම් උත්සාහ කරන්නේ ඉතාලි හිරේ ඉන්න කොස්ගොඩ පැත්තේ ශ්‍රී ලංකා පාතාලයෙක්ව ලංකාවට යවන එක නවත්වන්න දරන උත්සාහයක්..(නදී)
කවුරු හරි දන්නවා නම් කියනවද පිටරටවල් වල දේසපාලන සමිති සමාගම් පිහිටුවා ගෙන එහි නිලධාරීන් බලාපොරොත්තුවන ප්‍රතිලාබ මොනවද කියලා. සමහරවිට පිටිගල මිලානෝ නම් දන්නවා ඇති මගේ හිතේ. (ස)
වතුර පෙරණ මැෂින් ගන්න කොට ඉන්දියානු ඒවා ගන්න එපා. අපි ඒවා මිලදී අරගෙන ලොකු අමාරවක වැටිලා ඉන්නේ. වතුර පෙරණ ඒවායේ තත්වය බාලයි. වැඩි කලක් පාවිචිචි කරන්න බැහැ. වෙන වකල්පයක් සොයන්න. පදවිය පැත්තේ ලංකාවේ යන්ත්‍රයක් සවි කරපු බව පසුගිය කාලේ පුවත්පතක තිබුණා. එකතු කරන සල්ලි හොඳම විදිහට යොදවන්න. ඉන්දියානු වතුර පෙරණය නම් ගන්න එපා. අත්දැකීමෙන් කියන්නේ (ස)
කොහොම කලත් චේතනාව හොද නම් ඒක තමා හරි. වැඩක් කරන්න සංවිධාන කරන්න කවුරුත් නෑ. විවේචන කරන අයනම් ඕනා තරම් ඉන්නවා ඒක තමා ලෝකෙ හෑටි. ඔයාලට සුබපතනවා..(නදී)