මව සමග ඉතාලියේ ජිවත් වු එක් දරු මවක වන කිරිමැටියානේ සුසීමා සඳමාලි ප්‍රනාන්දු (23) මිනුවන්ගොඩ පීල්ලවත්ත බෝඩිමකදී මරා දමන්නට ඇතැයි සැක පිට ඇගේ සැමියා වන නුවන් ජයතිලක රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටී.
දරුවා සමීප නෑදෑයෙකුට දී පසුගිය පහලොස්වෙනිදා සැමියා ඇය බලෙන් රැගෙන යන්නට ඇතැයිද පොලීසිය සැකකරයි.
ඝාතනයෙන් පසු ගංජා සුරුට්ටුවක් විකිණී යැයි ඇගේ සැමියාව මාදම්පේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට ඇත.
සිරුර සොයාගන්නා විට එය බෙහෙවින්ම නරක් වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ධර්මදීපය නේද?කාලකන්නි පාලකයෝ නීතිය බල්ලට දාල රට කනවා. (ස)
අපේ රටේ නීති පද්ධතිය හරි නැති නිසාද මෙහෙම වෙන්නේ? (නදී)
නිරෝශ් මේවා පාලකයන්ගෙ වැරදි වලට වඩා මිනිස්සුන්ගෙ නැහැදිච්චිකම්. (නදී)
මේක පුදුම වෙන්න දෙයක් කැහැ. හෙමදාම මිනි මැරුම්. වෙනසකට තියෙන්නේ රට ඉඳන් ආපු නෝනව මරල කියන එක. අනේ මම නම් ලංකාවට එන්නේ නැහැ මෙහෙම ඉන්නවා. (නදී)
අපේ දේශපාලන නායකයින්, ආගමික නායකයින් මොනවද කරන්නේ. මේ රට අගාදයෙන් බේරා ගනිල්ලා. අනේ දෙවියනේ අපිව බෙරා දෙන්න.(නදී)
කියලා කට ගන්න වුනේ නැහැ තව එකක්. "ඉතාලි ලාංකිකයා බීලා පිස්සු කෙළියි" කියන ප්‍රවෘර්තියට මම දාපු අදහස මේකටත් නියමෙට ගැලපෙනවා.(නදී)
නිරෝෂ් කියන්නේ අපේ ගමේ තේගිරිස් වගේ කෙනෙකුට කියල මට හිතුනා. වැස්ස ඇතත් නැතත් වැරදි ආණ්ඩුව. එහෙම නැත්නම් පාලකයෝ. අපේ ගමේ රස්සාවට පොල් කඩන තේගිරිස් කියල මනුස්සයෙක් හිටියා. ඒ මනුස්සයාගෙන් "හොඳ දෙයක්" අහගන්න හිතුනම තරුණ කොල්ලෝ " තේගිරිස් මාමේ. මේ පොල් ගස් උස වැඩියි නේද.? " කියල කිවුව ගමන්ම " ඒකට උඹල අපි වැරදි නැහැ. ආණ්ඩුව තමයි වග කියන්න ඕන." කියල කියනවා. මොන දේ කිවුවත් උත්තරේ ඒකමයි. ආණ්ඩු මාරු උනත් තෙගිරිස් ගේ උත්තරේ ඒකමයි. මේකට නිරෝෂ් තරහ ගන්න එපා. මම ඔයාව තත්වයෙන් ඉහලට උස්සලා තිබ්බා පමණයි. (නදී)
ඒකත් බරපතල එක හේතුවක් තමයි කලිල්. මැරුණු කෙනා අවුරුදු 23 යිලු. අපරාදේ නොතේරුම් කමට තමයි අනිවාර්යයෙන් බදින්න ඇත්තේ. අපි දන්නේ නැහැ වරද සැමියගෙද බිරුඳගෙද කියලා. ඒත් දිනේෂ් කියපු කතාවත් හරියටම හරි මට හිතෙන විධියටත්.(නදී)
නිරෝෂ් මෙවැනි පෞද්ගලික ආරවුලකදී ඇතිවුන සිද්ධියකදී පාලකයන්ට දොස් කීමේ අරමුණ මොකක්ද? සියලු දෙයටම පාලකයන්ටම ඇඟිල්ල දිගුකිරීම නවතා සිදුවී ඇතිදේ පිළිබඳව පළමුව සොයාබලා කොමෙන්ට් දානවනම් හොඳයි. (නදී)
මේ දේවල් හරි කියල කියන්ට උත්සාහ කරනවා නොවෙයි. මේ වගේ දේවල් ලංකාවේ සිදුවෙනවා. ලෝකයේ බොහෝ රටවල මේවා නිතර සිදුවෙනවා. නමුත් අපේ රටේ කට්ටිය එවුවා දන්නවා අඩුයි. ඒ රටවල කවුරුත් එ්ක ආණ්ඩුවේ වරදක් කියලා කියන්ට උත්සාහ කරන්නේ නැහැ. වරදකාරයා හඳුනාගත් පසු ඔහුට දඬුවම් දීමට තමයි ආණ්ඩුවට බල කරවන්නේ. ඒ නිසා මෙවන් මිනි මැරුම් සහ අපරාධ වලට වග කිව යුත්තන්ට බරපතල දඬුවම් දීමට ඉක්මන් ක්‍රම වේදයක් හැදිය යුතුයි. මෙවන් අපරාධ තැන තැන ඇතිවීම පොලිසිය සහ නිතිය පරදා යාමක් ලෙසින් පෙනෙන නිසා බලය තුලින් මේවා මැඩ පැවැත්විය යුතුයි.(නදී)
මෙය රට පාලනය කරන අයගෙ වැරැදි නෙමෙයි, අද මිනිසුන්ගෙ සාරධර්ම ගුණධර්ම පිරිහීමට ලක්වෙමින් තියෙන යුගයකයි අපි ඉන්නෙ. මිනිසුන්ගෙ මොළය වියවුල් කරන කාලවකවානුවක්. අපි සියල්ලෝම පසුකරමින් ඉන්නෙ. මෙයට ප්‍රධානම දෙය රූපවාහිනී නාලිකා. දන් ඒ මදිවට ඉන්ටර්නෙට්.හැමවිටෙකම බලුවොත් ටෙලිෆොන් එකේනේ එහෙම නැත්නම් වීඩියෝ ගේම්? දරුවකු බාලවියේම නිසිමඟ යොමුකල යුතුයි. අපි බාල වයසේ අපෙ දහම් පාසල්ගුරුවරු දෙමව්පියන් අපව නිසි මග යොමුකලා.(ස)
දැන් දැන් සිදුවන මෙවැනි සිදුවීම් වලට රාජ්‍ය පාලකයින් සෘජුව වැරදිකරුවන් නොවුනත් වක්‍රාකාරව වැරදි කරුවන් වෙනවා. එහෙම වෙන්නේ වරදට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්වයක් තුල මිනිසුන් තුල වැරදි කිරීමට ඇති බිය නැතිවී තිබීම. එහි ප්‍රතිපලය නම් ඉතාම සුළු ප්‍රශ්නයකදී වුවත් විසදුම ලෙස විරුද්ධවාදියාව මරා දැමීමට මිනිසුන් පෙළබිමයි. මෙවැනි සිදුවීම් බොහොමයක් පසුගිය කාලය තුල වාර්ථා වූ අතර වහා පිළියම් නොයෙදුවොත් ඉදිරියේදී තත්වය භයානක වීමට බොහෝ ඉඩ ඇත. එවැනි තත්වයක් තුල සුළු සිද්ධියකදී පවා අනෙකා මරා දමන්නට මිනිසුන් පෙලබිමට ඉඩ තිබෙනවා. ඉතින් මෙහි වගකීමෙන් රාජ්‍ය පාලකයින් නිදහස් වන්නේ කෙසේද? (නදී)
පාඨලී. ඔබ මහා මෝඩ කතාවක්නේ කියන්නේ. ඉතාලියේ මව සමග ජීවත්වූ ලංකාවට පැමිණිලා මරුමුවට පත්වූ කාන්තාවද වැරදි? එතකොට මේ මිය ගිය කාන්තාවටත් අපහාස කරලා නේද මේ ලියල තියෙන්නේ? ඉතාලියේ ඉන්න මිනිස්සුන්ට බැන්නට මට කමක් නැහැ. එත් මොලයේ ඇතුලේ ජරාව පුරෝගෙන මෙතන කතා කරන්න එපා.(නදී)
මේ පාඨලී කියන පුද්ගලයා මොනාද මේ ලියා තියෙන්නේ? ඉතාලි පොලිස් කාරයට ගහපු එකයි මේකයි අතර මොකක්ද සම්බන්ධය? මෙයා කියන විදිහට වැරැද්ද ඉතාලියේ ඉඳල ආපු මියගිය තරුණිය ගේ වගේනේ.(නදී)
පාඨලී, මෙතන ඉතාලියේ සිට පැමිණි කාන්තාව මරලා තියෙන්නේ ලංකාවේ ජිවත්වන ඇගේ සැමියා බවයි පෙනෙන්නේ. උඩ ලියලා තියන එක දිහා බලල නෙමේද ලියන්නේ? කාන්තාව ඇගේ මව සමග ඉතාලියේ ජීවත්වෙනවා කියලනේ ලියා තිබෙන්නේ. (නදී)
වරදට දඬුවම් නොදී අපරාධ කරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපල තමයි මේ. ඒ හේතුවෙන් මිනිස්සු අපරාධ වලට පෙළඹිලා. එකයි ඇත්ත.(නදී)
මා නමින් අදහස් පලකරන කෙනාටයි මේ කියන්නේ,මා කලින් දැමු අදහසින් ඔබ තුමාට හෝ තුමීට කේන්ති ගියා නම් ඒ පිලිබදව කෙලින්ම තමාගේ නම දාලා අප්‍රසාදය පල කරලා අදහසක් ඉදිරිපත් කරන්න. එහෙම නැතුව මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්න එපා. (නදී)
මේ පාඨලී වගේ මිනිස්සු කීපදෙනෙකුට මොකක්ද මේ හැදිලා තියන ලෙඩේ? ඉතාලියේ ඉඳල ආවානම් මැරුන කෙනත් වැරදියි. ඉතාලියට පනින්න හිතුවට බෝට්ටුවකටවත් ගත්තේ නැද්ද? (නදී)
ලංකාව පත්වෙලා තියන අභාග්‍ය සම්පන්න තත්වය තමයි මේ. ධර්මයත් කණපිට හරවල තියල ඇතිවන ප්‍රතිඵලය තමයි මේ. ඔය මිනි මරුමත් මුදල් සම්බන්ධව වෙන්න ඇති. අපේ රටේ දැන් වැඩි හරියක් ඉන්නේ නිකන් ඉදන් කන අය. සමහර මෝඩයෝ මිනීමැරුමක් උනාම කතා කරන්නේ මිනීමරුවෝ ගැන නෙවේ. මැරුණු කෙනා හෝ අාපු රට ගැන. එහෙම බැලුව ම මේ වගේ මිනිස්සුන්ට මැරුණු කෙනත් වැරදියටයි පෙනෙන්නේ. අමනයෝ රැලක් එකතුවෙලා සියලුම විදේශගත ජනතාවට අපහාස කරනවා. මෙහෙම උන්ගේ දරුවන්ට කවදා හෝ යන්න වෙන්නේ ස්වාසිලන්තයට තමයි. (ස)
මේ සැමියාවත් අනිවාර්යයෙන්ම අවි හෝ ගංජා පෙන්නන්න එක්ක යනවා නම් හොඳා.(නදී)
ඉතාලි කියන වචනය දැක්ක ගමන් කට්ටිය තමන්ගේ ඔළුවේ තියෙන අදහස් දානවා. (ස)
මේවා පාලයකන්ගේ වැරදි. (ස)
මෙතරම් බණ කියන රටක්. බණ අහන රක් ලෝකයේ කොතනකවත් නෑ. ඒත් මිනිස්සු තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට වැටිලා. (ස)
මේ මරණය ගැන නේද අපි අදහස් පල කලේ නිදහස් වෙළඳ කලාපය සම්බන්ධව සිදු උන එකක් කියලා සැක කරලා. දැන් පැහැදිලි උනා සත්‍යය. ස්තුති වේවා ලංකාදීපයට. (ස)
මාතෘකාව නම් මිනි මැරුමක් ගැන. එත් අදහස් ගිහින් තියෙන්නේ තවත් දිශාවකට. එක මෝඩයෙක් ඇති රටක් වනසන්න. ඉතාලියේ ඉඳල ආ කවුරු හෝ මිනි මරල නම් අර කතාව ලිවට කමක් නැහැ. මෙතන තියෙන්නේ එකේ අනිත් පැත්තනේ. (ස)
කලින් ලිපියක නම් තිබුණේ යුවලක් බෝඩිමක නතරවී පසුව තරුණිය මරා දමා තිබුණ කතාවක්. කතාවේ හැටියට නම් දෙන්න දෙපැත්තට වෙලා ඉන්න ඇති. පස්සේ ඉතාලි සල්ලි දැකල නැවත මිත්‍ර වෙලා බිරිඳගේ මුදලුත් අරගෙන පරණ කෝන්තරයක් පිරිමහන්න ඇති. දැන් කාලේ කාන්තාවන්ට අත්වෙන තවත් ඉරණමක් තමයි මේ. කට්ටියම මිනියට මල් වඩම් නම් තියල තියනවා හරි අපූරුවට. (ස)
පව් අවුරුදු 23ක ලාබාල කාන්තාවකට අත්වෙලා තියන ඉරණම. දැන් මිනිස්සු තිරිසන්නු වෙලා. මේ වගේ මිනි මරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕන. (ස)
වැරද්දක් කලා නම් පිළිගන්න පුරුදුවෙන්න. අනිත් අයට බන කියන්න කලින්.(නදී)
ඇත්ත අපරාදේ තරුණ ජිවිතයක් නේද ?අර දරු පැටියට දැන් කාගේ රැකවර්නයක්ද ? සොයුරිය ඔබට නිවන් සැප ලැබේවා ! (නදී)
වෙන්නප්පුවේ අයට ලංකාවේ නැගණියන් මේ ආකාරයට විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. (නදී)
පාට කරපු ලී වලින් හොඳ නිර්මාන කරන්න පුලුවන්.ඒත් ඒ ලී කොච්චර ලස්සනට පාට කලත් ඒවට හිතන්න බැහැ, අප්‍රානිකයි. ඒවත් හරියට පාඨලී වගේ. මේ ජීවිත නසන උනුත් අප්‍රානිකයි,උන්ටත් හිතන්න බැහැ.!!!(නදී)
මිනිමරුමකින් කෙලවර වෙන පවුල් ජීවිතයක් කිසිම කාන්තාවක් ප්‍රර්ථනා කරන්නේ නැහැ. සමහරවිට මේකට අපි නොදන්නා තව හේතු ඇති. කාන්තාව පිටරටක නේ හිටියේ. අඹු සැමියන් දෙතැනක ජීවත් වීම කොහොමටත් ප්‍රශ්න රැසකට මුල.. (නදී)
මෙම ජරා කටයුතු සියල්ලම දේසපාලන ඇසින් බලන්න එපා (නදී)
මේවා පාලකයන්ගේවත් මිනිසුන්ගේවත් වැරදි නෙවෙයි. රටේ නීති පද්දතිය කාර්‍යක්ෂම කළ යුතුයි.(නදී)
ඕක තමා කියන්නේ නොගැලපෙනවනම්, ප්‍රශ්න නම් බැන්ද වගේම ඉක්මනින් ලෙහන්නත් පුළුවන් විධියට වෙන රටවල වගේ අපේ රටේ නීතියත් කාලීනව වෙනස් වියයුතුයි කියලා. නයි පොලොන්ගු වගේ පවුල් කාපල්ලා කියලා කිව්වට ප්‍රශ්න කෙලවර වෙන්නේ මිනිමැරුම් වලින් අන්තිමට.(නදී)
ඔක්කොම කුණු බේරුවල බොක්කටම තමයි ඉතින්.(නදී)