2008 වසරේදී ‘සමාවෙන්න ගුරු පියාණෙනි’ ගීතය ගායනා කරමින් තම සංගීත ජීවිතය ඇරඹූ ඇය එම ගීතයට රූප රචනයක් එක් කිරීම තුළින් ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය දෙකින්ම එය රසවින්දනයට ප්‍රේක්ෂකයාට සැලැස්වීය. රොෂාන් ප්‍රනාන්දු සංගීතවත් කළ මෙම ගීතයට පද රචනය තුළින් සහාය දැක්වූයේ සමීර ප්‍රේමචන්ද්‍රයන්ය. මැයගේ දෙවැනි ගීතය ලෙස ‘ගෙවැට කඩුල්ලේ’ යන ගීතය නිර්මාණය විය. මෙම ගීතයේ පද රචනය සුමිත් සුසන්ත අතින් නිමවූ අතර, සංගීත නිර්මාණය නවරත්න ගමගේ අතින් නිම විය. තෙවැනි ගීතය ලෙස ‘හිත හඬන තරම්’ ගීතය තිළිණ රුහුණගේ අතින් සංගීතවත් වෙමින් සමීර ප්‍රේමචන්ද්‍රයන් අතින් පද නිර්මාණය විය. මෙලෙස ගීත රාශියක් ගායනා කරන ඇය එකිනෙකට වෙනස් ආරකින් නිර්මාණය වූ ගීත ගයනය තුළින් ශ්‍රී ලාංකේය ගීත සම්ප්‍රදායට නව අරුතක් එක් කළාය.
මැයගේ නවතම ගීතය ලෙස ‘සිතින් පාරමී’ ගීතය නිර්මාණය වූ අතර, මෙයට චන්දන වල්පොළ, සමීර ප්‍රේමචන්ද්‍ර හා හරි ක්‍රියේෂන් කාර්යමණ්ඩලයද සහයෝගය දක්වා තිබේ. ඉදිරියේදී හේෂාන් ලිවේරාගේ ගීතයකට පණ පොවන ඇය එම ගීතය තුළින් සංගීතයේ නව මුහුණුවරකට මුල පිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.
දෑත් දිගු කළෝ
ප්‍රථමයෙන් මට මග පෙන්වූ මාගේ ආදරණීය දෙමාපියන් හා රෝයි ලියනගේ මහතා මතක් කළ යුතුයි. එමෙන්ම මාගේ ගීත කිහිපයකටම පද රචනයෙන් සහයෝගය දුන් සමීර ප්‍රේමචන්ද්‍ර මහතාද සිහිපත් කරන අතර, හේෂාන් ලිවේරා මහතාට විශේෂයෙන් මතක් කර සිටිනවා. එමෙන්ම මට නන් අයුරින් සහයෝගය දුන් සැමට ස්තුති කරන අතර, ඉඳුනිල් සිංදු මහතාවද මතක් කර සිටිනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉතාලියේ සිට දේශීය ගීත සම්ප්‍රදාය පෝෂණ කරන අංජලිකා