ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදී ඔවුන්ව දීර්ඝ වේලාවක් දුරකතනයේ රදවා තබා අපහසුතාවයට පත්කිරීම පිළිබඳව විදේශ ලේකම්ට දන්වා ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් බව විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ මහත්මිය පවසයි.
එවැනි අසාධාරණයට ලක්වූ මාධ්‍යවේදීන් වෙතොත් ලිඛිතව විදේශ අමාත්‍යංශයට දන්වන ලෙස ඇය ඉල්ලා සිටී. මාස පහක් මුළුල්ලේ ඉතාලි ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩුව ඉතා ඉක්මනින් පිරවීමට විදේශ අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන හැම දෙයක්ම ඇත්තද දන්නේ නෑ. නමුත් මට කියන්න පුළුවන් මම සති දෙකකකට කලින් මිලානෝ ගිහින් ඉක්මනට වැඩේ කරගත්තා කිසිම ප්‍රමාදයක් නැතුව. අනෙත් අයගේ වැඩත් ඉක්මනින් කෙරුණා ඒ මහත්ම මහත්මින් අතින්. මම එයාලට ස්තුති කරලා ඊමේල් එකකුත් ඇරියා (බ)
එම්බසියට කතාකරන්න ටිකක් අමරුයි එ්ත් විස්තර දැනගන්න පුළුවන් ටිකක් ට්‍රයි කරන්න ඕන. ඊමේල් යවල විස්තර දැනගන්නන්ත් පුළුවන්. මම එම්බසියට කතා කරලා විස්තර දැනගෙනත් තියෙනවා. ඊමේල් වලට උත්තරත් එවල තියෙනවා.පුදුමයි ඔයාල කියන ඒවා, මොකද මටනං එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ.මන් එයාලව දන්නෙත් නෑ එයාල මාව දන්නෙත් නෑ රාජකාරිය හරියටම ඉටු කළාම එ්ක කරගන්න බැරිවුණා කෙනාට කේන්ති යනවා.එත් අපි දෙන ගන්න ඕන එයාල කරන්නේ රාජකාරියක් කියල.නීතියට අනුව වැඩකිරීමක්. (බ)
දුරකථන ඇමතුමකට පිළිතුරක් ගන්න නම් හරිම අමාරුයි (නි)
සමහර රටවල වක්‍රාකාරව උදව් බලාපොරොත්තු වෙනවා නේද වැඩ කරලා දුන්විට. විදේශ කටයුතු අමාත්‍යාංශය සියලු ඉහල පහල නිලධාරීන්ට වැටුප් ගෙවන අතර තම ගෞරවට රැකගත යුතු ආකාරය හා රජයේ මුදල් කාබාසිනියා නොකිරීමට උගන්වා එවීමට කටයුතු කල යුතුයි. (ර)
මෙය ගොඩාක් දුරට සත්‍යයක්. මම අවශ්‍යතාවයක් සඳහා වීදේශ තානාපති කාර්යාලය අමතන්න උත්සාහ කළත් එය ඉතාමත් දුෂ්කර කටයුත්තක් විය.ඉන්පසූ මා ඒ පිළිබඳව ඊ මේල් මාර්ගයෙන් දැනුවත් කළත් එයට නිසි පිළිතුරු ලැබුනෙ නැහැ (නි)
සාධාරණයක් කරන එක හොඳයි (නි)
මේක ගැන කියලා වැඩක් නැහැ (හේ)
ඉතාලියේ පමණක් නොවේ, ජපානයේ තානාපති කාර්යාලයේ උදවිය ගැනත් සොයා බලන්න. වැඩි දෙයක් නැහැ. වෙබ් අඩවියත් මාස 4ක ඉඳලා බිඳවැටිලා (නි)