මගින්ගේ පහසුව තකා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි ගුවන් ගමන් නව ආකාරයකට ආරම්බ කර ඈතෑයි ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි කලමනාකරු ලලිත් පිරිස් මහතා පවසයි. සතියට ගමන්වාර තුනක් ඉතාලියේ සිට ශ්‍රි ලංකාවටත් ශ්‍රි ලංකාවේ සිට ඉතාලියටත් පැමිණේ. එම ගුවන් ගමන් සදහා ඉතාලියේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 15ක සිට අලිතාලියා ගුවන් යානා රෝමයේ ෆියුමින්චිනෝ ගුවන් තොටුපලට සම්බන්ධ කර ඇත. ‘‘යම් මගියෙකුට ශ්‍රි ලංකන් ගුවන් ටිකට් පතක් මිලදී ගෙන තමා පදිංචි නිවස ආසන්නයේ ඈති ගුවන් තොටුපලින් අලිතාලියා ගුවන් යානයෙන් රොමයට එන්න පුලුවන්. එම ගුවන් තොටුපලට බාරදෙන තමන්ගේ කිලෝ 40ක ගමන් මල්ල නෑවත ගන්නේ කොළඹින්. අමතර ගුවන් ටිකට් පතක් මිලදී ගන්න අවශය නෑහෑ. ලංකාවේ ඉදලා එන කොටත් එසේමයි. නොදන්නා භාෂාවක් කතා කරන නන්නාදුනන රටක දුරකථන සම්බංධතාවයක් පවා නොමෑතිව ගුවන් යානා මාරුවක් සදහා පැය ගානක් ලතවෙනවට වඩාතමන් දන්නා කියන භාෂාවක් කතාකරන තමන් සේවය කරන රටේ දුරකථන සම්බංධතා ද ඇතිව කෙලින්ම අපේ රටට යන එක කොච්චර හොදද? අනික අපේ කම හිතලා අපේ යානයෙන් ගමන් කලොත් රටේ ආර්ථිකයටත් එකෙන් වාසියක් වෙනවා. කලමනාකරු ලලිත් පිරිස් එසේ කියයි. දෙමාපියන් නොමෑතිව දරුවන් ඉතාලියට ගෙන්වා ගැනිමේදි හා නැවත පිටත් කර හෑරිමේදී වගකීමක් හා අරාක්ෂාවක් ඈතිව කටයුතු කිරිමට ශ්‍රි ලංකන් ගුවන් සේවය බෑදි සිටිනවා. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක් ...නමුත් ගාන වැඩිද? (නි)
කෝටි ගනන් පාඩු ලබන අපේ ගුවන් සේවය ගැන අපේ නායකයෝ මිට වඩා හිතන්න ඕනේ. (නදී)
දැන්වත් ක්‍රියාත්මක වුණ එක හොදයි. ස්තුතියි (නි)
මේ ගොල්ලෝ නිකන් නෙමෙයි, අපි ටිකට් එක ගන්නකොට ඒවා සේරම අල්ලලා තමා ගාන තිරණය කරන්නේ. අපේ රටේ කියලා මම 4 පාරක් ගියා. ඒ වුනාට සර්විස් එක ගැන නම් මම සෑහීමකට පත්වෙන්නෙ නැහැ.. අපි ප්‍රාර්ථනා කරනවා දැන්වත් හොඳ වෙන්න කියලා (නි)
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන්ගේ භාෂාව සම්බන්ධව ගොඩ දෙනෙක් කතා කරලා තියෙනවා. ශ්‍රී ලන්කන් කියන්නේ ජාතික ගුවන් සේවය වගේම ජාත්‍යන්තරව පිළිගන්න ගුවන් සේවයක්. ඒක නිසා සේවකයන්ට දෙන පුහුණුවේදී ඉංග්‍රීසියෙන්ම කටයුතු කරන්න පුරුදු කරනවා නමුත් තමන් ශ්‍රී ලාංකිකයෙක් නම් එයාට සිංහලෙන් කතා කරලා තමාගේ අවස්‍යතාවය ඉස්ට කර ගන්න පුළුවන් දකුණු ආසියා කරයේ රටවල් වල බොහෝ මිනිසුන්ගේ හැඩ රුව එකවගේ නිසා එයාල සිංහලෙන් කතා කරන්නේ නැතුව ඇති. අනිත් කාරණය තමයි සමහර ලාංකිකයන් එක්ක හොඳින් කතා කරනකොට එයාල වැරදි විදියට තේරුම් අරගෙන එයාලට කරදර වෙන විදියට හැසිරෙනවා (බහුතරයක් නොවෙයි ) ඒක මම අත්දැකීමෙන් දැකල තියෙනවා. අනෙක් කාරණය තමයි තමන් යන මුල් දවසේ වෙන සිදුවීම් දිනපතා වෙන දේවල් හැටියට කියාපාන එකෙන් පේනවා තමන් ශ්‍රී ලන්කන් සමග ගුවන් ගමන් කියක් ගිහින් තියෙන වද කියල. (දී)
අශ්ප ගණන්නේ ටිකට් (නි)
ඉස්සර අපි හැම කෙනෙක්ම ගියේ ශ්‍රී ලන්කන් එකේ. ලංකාවේ කෙනෙකුට අඩු ගානකට අපේ රටට යන්න ටිකට් දුන්නා. දැන් හැම කෙනෙකුටම දෙන්නේ එකම ගණනකට. ඉස්සර වගේ ලංකාවේ අයට සාධාරන මුදලට දෙන්න පුලුවන් නම් ශ්‍රී ලන්කන් එකේ අපි යනවා.නමුත් වැඩි මුදලක් දීලා යන්නේ කව්ද? (නි)
ඔය පඩි ගෙවන ගණන් වල හැටියට අපි හැමදාම ලංකාවට ගියත් ගොඩ ඒමක් නැහැ.අලිතාලිය එකේ ගෙනියන්නේ නොමිලේද? (නි)
සුනෙත්, කියන කතාව නම් ඇත්ත. (නි)
ආපසු ඉතාලි එන්න හදනකොට පුදුම දුකක් අපි විදින්න ඕනෑ කටුනායකදී. මේ ප්‍රශ්නය තියෙන්නේ ශ්‍රි ලංකන් ගුවන් සේවයට විතරයි (නි)
ලලිත් මහත්තයට හැකිනනම් , අනිත් ගුවන් යානාවලට සාපේක්ෂකව මිල ගණන් අඩු කරන්න ,සිංහලයෝ හැටියට අපිත් ඉතාලියේ සිට ඔය ගොල්ලන්ට උදවු කරන්නම් . මම ඇන්ටන් (දී)
ලලිත් පීරිස් මහතාට අපගේ ප්‍රණාමය පුද කරනවා.නමුත් ලංකාවේ සිට රෝමයට එන යානයේ සර්විස් එක ගැන නම් අපි ඉතාම කණගාටුවට පත්වෙමු...! (නි)
ෆ්ලොරන්ස් ගුවන් තොටුපළේ ඉදලා රොම් වලට ෆ්‍රී එන්න පුලුවන්ද රොමේ ඉදලා යන්න ගත්තු ටිකට් එකෙන්? ලලිත් පිරිස් මහතාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද? (නි)
ඉතාලියේ ඉන්න යට හොද පහසුකම (දී)
ඉතාලිය ගැන කියන විට ශ්‍රී ලංකා ගුවන් සේවයේ නම කැත කරන අපේම නියෝජිතයන් ගැන තියෙන්නෙ පිලිකුලක්.පසුගිය 20 වනදා ඔන් ලයින් හරහා ආසන අංකද ලබා,රෝම ගුවන්තොටුපලට ගිය අපට ආපසු හැරී නැවත ඒමට සිදුවුයේ මෙම කුට සිංහල ඒජන්තවරුන් අප ඔවුන්ට මාස කීපයකට කලින් ගෙවු මුදල් ඔවුන් ගුවන් සේවයට ගෙවා නොමැති වීම නිසායි.මොවුන් ගැන නිසි පියවරක් වහා ගත යුතුයි. (නි)
සහනයක් දෙන්නේ කොහොමද? කිලෝ 40 පුළුවන් කිවුවම අපේ අය කිලෝ 50 - 60 වගේ බඩු මලුනේ අරන් එන්නේ. නිකන් බැනලා හරියන්නේ නැහැ (නි)
ඉස්සරවෙලා අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් පෝර්ට් එකේ ඉන්න නෝනලට තමාගේකම ගැන හොඳ පාඩමක් දීලා හිටියොත් හොඳයි. මොකද ලංකාවේ මිනිසුන්ට එයාලගේ තියන සැළකිලි හරිම පහත්. ඉංග්‍රීසි කාරයෙක් දැක්කම මුහුණේ තියන පෙම්පාට හිනාව ඇයි තමන්ගේ මිනිසුන්ට නැත්තේ. අපිට පෙම් පාටනම් කීයටවත් එපා. නමුත් හිනාවවත් දෙන්න බැරි අය එයාර් ලංකා එකේ වැඩ කරන්නේ. (නි)
මාලදිවයිනට ගමන් ගාස්තු අඩු කරලද. (නි)
අපේකමට සළකලා විතරක්ම නොවෙයි අතරමග නොනවත්වා යන එකම ගුවන් සේවය ශ්‍රී ලංකන් නිසා වැඩි දෙනෙක් යන්නේ. එමිරේට්ස් සේවය තරමට මෙහි සේවාව වැඩිවේ නම් (ගමන් වාර ) අපේ රටට තවත් ආර්ථික ලාභ ලැබෙයි. ටිකට් පතේ ගාස්තුව අනිකුත් සේවාවලට සාපේක්ෂව වැඩිනිසා බොහෝදෙනා ගමන් කරන්නේ නැහැ. එනිසා තරඟකාරීත්වය අනුව ටිකට් පතෙහි මිල අඩුවේ නම් දැනට වඩා දියුණුවක් ලබන්න පුළුවනි. (නි)
වෙලාවට පිටත් වෙනවා නම්,හොද සේවයක් සලසනවා නම් කට්ටිය ඉබේම ඇදිලා එනවා. දැන්වීම් අවශ්‍ය නැහැ.අපේම රටේ අය වුනත් වැඩියෙන් සළකන්නේ විදේශිකයින්ට.යද්දී ප්‍රශ්නයක් නැහැ.එද්දී වෙලාවට එන්න පුලුවන්ද කියලා හැමෝම බලනවා.ඔය කියන භාෂා ප්‍රශ්නය නම් එතරම් බලපාන්නේ නැහැ.අපි රැකියාව කරන්නේ අපේ මවු භාෂාවෙන් නෙමෙයිනේ. (නි)
යන මගීනට රට ගැන කිවට මේකේ අය පඩි ගනිද්දී .එහෙම නෑලු. ඔය ලලිත් මහත්තයාත්එහෙමයි .අනික ඔකේ යන අහිංසක අයගේ බැග් බොරුවට චෙක් කරන මුවාවෙන් අහිංසක මිනිසුන්ගේ බැග් ඇදල එයාලට ඕන අයට සීට් දෙනවා .මිනිස්සු රස්තියාදු කරවනවා කියලත් කියනවා (අ)
මොනවා කියුවත් අපේ ගුවන් සේවය අපිට හොදයි (දී)
පැය විසි හතරේම වයසක අම්ම තාත්තලත් එකතු කරගෙන වැඩ කරලා කෝටි ගණන් හම්බ කරලා දැන් කියනවා ගුවන් ගාස්තු වැඩියි කියලා.(නදී)
අයුබෝවන් ලලිත් මහත්යා කුවෙට් වලට ආප්පහු එන්නේ නැත්ද ඔබගේ සේවය ඉතා අගය කරනවා (අ)
අපිත් කැමතියි අපේ රටේ ගුවන් සේවය බාවිතා කරන්න .නමුත් පසුගිය කාල වකවානුවේදී මිලානෝ සිට ශ්‍රී ලන්කන් එකේ යන අයට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ප්‍රමාදවීම් අවලංගු වීම් ටිකට් මිල වැඩිවීම් යනාදිය. මම දැනට එක දිගට 11 වතාවක් ගමන් කලේ කටාර් ගුවන් සේවය .කිසිම අවුලකුත් නැහැ .ටිකටුත් ගණන් අඩුයි .සේවාවත් අනර්ගයි .ශ්‍රී ලන්කනුත් ඒ තත්වෙට පත්වුනොත් නැවතත් ඒ මගින් සියල්ලෝම ශ්‍රී ලන්කන් වෙතට ඒවි .(නදී)
ඉතාමත් සතුටු ආරංචියක්....2008/08/19 දින ලංකාවේ සිට රෝමයට පැමිනි ගුවන් යානයේ කාර්යය මණ්ඩලයට තුති මල් මිටක්.... කවුරු කෙසේ කීවත් එදින සැපයු සේවය ඉතා අනර්ගයි... මා සිතන විදියට ඔවුන් ලබා දෙන සේවය සැමදා එසේ විය යුතුයි.(නදී)
අපේ ගුවන් සේවය හොඳයි .ඒත් එක වෙලාවකට හිතෙනවා හොඳ මදි කියලත් ඒත් මම දන්නේ නැහැ කවදද ඉතින් මේ අය නෙදර්ලන්තයට පැමිණෙන්නේ කියලා.(නදී)
ඕකේ වැඩකරන නෝනලා මාර අහංකාර අය එයාලට සිංහල කතාකරන්න බැහැ.තවද එයාල හිතන් ඉන්නේ මේයන අය මෝඩයෝ කියල.ඔය ගුවන් සේවය අසාර්තකයි (අ).
පොඩි පොඩි අඩුපාඩුකම් අමතක කරලා අපේ රටේ අපේම සේවාවක් බව හිතල වෙන රටකට තමන් මහන්සියෙන් හොයාගත් මුදල් නොදී අපේ ශ්‍රීලන්කන් අපි රැකගමු තමන්ගේ රටේ යානයක යනකොට දැනෙන අපේකම වෙන තැනක දැනෙනවද (අ)
මේ අදහස් බැලුවම මටත් ලියන්න හිතුනා අපේ සිංහල ..,ගුවන් සේවක සේවිකාවන් මොන ගුවන් සමාගමක වැඩ කරත් සිංහල අය දැක්කම හරිම ආඩම්බරයි තමයි. එයාලගෙන් මොනවත් නොදන්නා දෙයක් දැනගන්නත් බැහැ දවසක් මගේ බෑග් එක උඩට දාගන්න බැරි නිසා කීවට උදව් කලේ නැහැ. පිට රටක සේවිකාවක් මට උදව් කරේ මන් මිටි නිසා මට විහිළු කරලා හිනහත් උනා (හරිම සීදේවි විදියට).(නදී)
ඔය කියන විදියට මගීන්ට හොඳ සේවයක් දෙන්න පුළුවන් නම් හොඳා මොකද අපේ කමට හැමදේම හොඳට කරනවා කියල පටන් අරන් මගීන්ව අමාරුවේ දන්න එපා ඒ වගේම මේ ඉතාලියේ ටිකෙට් කරන සියලු දෙනා ශ්‍රීලන්කන් ප්ර්මොමොට් කරන්න ඕනේ මෙහෙ ටිකෙට් කරන සියලු දෙන අපේ ගුවන් සමාගමේ ටිකෙට් වැඩිකරලා ලාබ ලබාගන්න අනෙක් ගුවන් ටිකෙට් අඩුවෙන් දෙනවා සල්ලි වලට කෑරකමට හොඳ සේවයක් කරාවී කියල බලාපොරොත්තු වනවා එතකොට ශ්‍රීලන්කන් දියුණු වේවි අපේ රටට සුබ අනාගතයක්. (අ)
දෙසැම්බර් මාසයේ මෙල්බෝර්න්, සිඩ්නි, බ්‍රිස්බන් සිට මොනතරම් සෙනග කන්දරාවක් ලංකාවට එනවද?වසර මුල වෙන් කරගත්තෙ නැත්නම් ගිහිල්ලා හමාරයි.හැම අවුරුද්දකම කී දාහකට අවස්ථාව නැති වෙනවද? මේ ගැනත් හිතුවා නම්.... (නි)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වැඩ කරන්නේ ඇත්තටම ලංකාවේ නොනලාද කියලා සැකයි. මොකද එයාලට සිංහලෙන් කතා කලොත් බලන්නේ වත් නැහැ. එක දවසක් බැංකොක් ඉඳන් කොළඹට එනකන් තුන් දෙනෙක් ගෙන් වතුර වීදුරුවක් ඉල්ලුවා. දුන්නේ නැහැ. එයාලා සුද්දෝ ළඟ බාල්දු වේවි ඩියුටි ෆ්‍රී බිස්නස් කරනවා. අන්තිමේදී මම ඇහුවා ඔයාලා සුද්දන්ට විතරද සලකන්නේ කියල. කොහොම හරි ඒ කණ්ඩායමේ හිටපු පිරිමි ස්ටුවඩ් කෙනෙක් තමය මට වතුර වීදුරුවක් ගෙනත් දුන්නේ. මොකද අපි කළු යි නේ. (අ)
කොඩක් හොද දෙයක් ඉසේල්ලම ගුවන් සේවකයන් ටිකට හොදින් වැඩ කරන්න කියල දෙන්න. හරියට කතා කරන්න එහෙම වුනොත් පමණයි ඕක දියුනු කරන්න පුළුවන් මමත් මිලානෝ වෙල දැනට 13න් වතාවක් ලංකාවට ගිහිල්ල තියෙනවා නමුත් ඒ හැමවරයකදිම ගියේ එමෙරිට්ස් කතර් නමුත් හොද සේවයක් ම හට ලැබුන මට දුක මග්ගේ සල්ලි ගියේ පිටට එක එහෙම සිද්ද උනේ අපේ මිනුස්සු වෙලාවට වැඩ කරන්නේ නැති නිසා බලමු මේ අවුරුඋදේ අන්තිමේවත් (අ)
ඉතාලියේ ඉන්නෙත් ලංකාවේ වගේම කට්ටිය තමයි
ඇත්තටම ඉතාම හොඳ වැඩක්....... මෙච්චර කල් අපිට වෙනිස් ගුවන් තොටුපොළේ ඉඳලා යන්න තිබුනෙ එමිරේට්ස්, කටාර් විතරයි.හැබැයි මෙහෙම දේවල් තියෙනවා. 1) ශ්‍රී ලංකන් ගියපු අය කියනවා එයා හොස්ටස් ලා ටිකක් ආඩම්බරයි..ලංකාවෙ අයව එච්චර ගණන් ගන්නෙ නෑ කියලා. මෙතන තියෙන අදහස් බලපුවහම තේරෙනවා ඒක බොරුවක්ම නෙමේ කියලත්.. 2) මගෙ නැන්දා කෙනෙක් සූරිච් ගුවන් තොටුපොලේ ඉඳන් කටුනායකට යන්න ටිකට් කරගෙන තිබුනා.එයා ළමා නිවාසෙකට උදව් කරන්න , ඒ ළමයින්ට බඩු ටිකක් වැඩියෙන් අරගෙන (කිලෝ 10 ක් වැඩියෙන් ) ඒක සල්ලි දීලා හරි ගෙනියන්න විදිහක් සලසලා දෙන්න කියලා ඉල්ලලා තිබුනා ශ්‍රී ලංකන් එකෙන්. නමුත් ඒ වැඩේ වෙලා නැහැ.අන්තිමට ටිකට් එක කැන්සල් කරලා කටාර් එකේ තමා එයා ගියේ.අර කිලෝ 10 නොමිලේම ගෙනියන්න ඔවුන් අවස්ථාව දුන්නා. 3) අනිත් ප්‍රශ්ණෙ තමා ඉතාලියෙ ඉඳලා කෝටා කොලේට ගියහම , ඒ කොළේ සීල් එක ගහලා නැත්නම් , ආයෙ ලංකාවෙ ඉඳලා එද්දි ශ්‍රී ලංකන් එකේ අය එන්න දෙන්නෙ නැහැ. මගෙ නංගි කෙනෙක්ට එහෙම වුණා. හැබැයි මම ගියා කොළේ සීල් නොකර. කටාර් එකෙන් කිසි අවුලක් වුනේ නැහැ.මම ආවා. මේ සිදුවීම් නිසා මගෙ තිබුනු ආශාව නැතුව ගියා. කරුණා කරලා මේ අදහස් බලලා හරි කමක් නැහැ මේවට නිසි පිළියම් යොදන්න.එහෙම වුනොත් අපිත් ආසයි අපේම රටේ ගුවන් සේවයකින් ලංකාවට එන්න. (නි)
මගින්ගේ පහසුව තකා ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලි ගුවන් මග අලිතාලියා ගුවන් සේවය ශ්‍රී ලංකාව හරහා නව ආකාරයකට ආරම්භ කරතොත් ශ්‍රි ලාංකකියන්ට එය පහසුවක් වන්නේය. (නි)
පුලුවන්නම් මිලානෝ ඉදල යන්න දාන්න. ඒක අපට පහසුවක්. මම දරුවෝ දෙන්නත් එක්ක ගියේ ශ්‍රී ලන්කන් එකේ තමා.එත් දැන් මිලාන් ඉදල යන නැති නිසා වෙන ඒ වල තමා යන්නේ.අපේ දේට අපි කැමතියි.(නදී)
අපේ රටේ උනාට .වැඩ කරන අය සුද්දෝ වෙන්න යනවනේ.(නදී)
කියන්න කණගාටුයි අපේ ගුවන් සේවක සේවිකාවන් මගීන්ට සළකන අයුරු ගැන. යුරෝපයෙන් ගමන් අරඹන අපට වඩා මැද පෙරදිගින් නගින ගෘහ සේවිකාවන්ට ඔවුන්ගේ දැනුම හැටියට උත්තර දෙන්නේ නැහැ. එවැන්නකු ලගින් අසුන් ගත්තම ලලිත් ඔයාලා අපිට සල්ලි දෙන්න වටිනවා අර අහිංසකයින්ගේ ගැටළු අපි නිරවුල් කිරිම ගැන.මහජන අදහස් බලලා ඒවාට විසදුම් හොයලා ගුවන් වාර ගනන වැඩිකරන්න. එවිට පාඩු නොලබා ඉදිරියට යන්න මගින් සොයාගන්න පුලුවන්වේවි. (නි)
මගින්ගේ පහසුව තකා ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලි ගුවන් මග අලිතාලියා ගුවන් සේවය ශ්‍රී ලංකාව හරහා නව ආකාරයකට ආරම්භ කරතොත් හොදයි (නි)
සමන් රොහාන් රණසිංහ මගින්ගේ පහසුවතකා ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලි ගුවන් මග අලිතාලියා ගුවන් සේවය ශ්‍රී ලංකාව හරහා නව ආකාරයකට ආරම්බකරතොත් ශ්‍රි ලාංකිකයින්ට එය පහසුවක් වන්නේය. (දී)
මම නම් ශ්‍රී ලංකන් එකේ යන්නේ වෙන එකක් නැත්නම් විතරයි. (නි)
එතකොට මිළ ගණන් එහෙම කොහොමද? (නි)
හොඳ වැඩක්.
ඇත්තටම හොද දෙයක් කෙරුවෙ. අපි කාලයක් බලාපොරොත්තුවෙන් හිටිය කවද මේ වගේ දෙයක් කරාවිද කියලා. ඒත් දැන් තියෙන බය තමා මේ යාන සුරක්ෂිතද කියන එක. අලුත් යානාවන් දානව නම් ගොඩක් හොදයි.(නදී)
ගුවන් ටිකට් විකුණන ඉතාලියේ ඉන්න ලංකාවේ පල් හොරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. (දී)
ඔව් ඒක ඇත්ත. ශ්‍රී ලංකා ගුවන් සේවය ඉතා හොඳ ගුවන් සේවයක් . හැබැයි ගාන තමා සැර.ඒ වගේම බැගේජ් බර සම්බන්ධව ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගෙන් කිසිම සමාවක් නොමැත (නි)
ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු පිට පාඩු ලබද්දී මෙහෙම සහන දෙන්නේ ලංකාවේ බදු ගෙවන දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් වෙන්න ඇති නේද?(නදී)
ඇත්තටම හොද වැඩක්. මේ කියන ව්දියටම වෙනවානම් අපිත් කැමතියි (නි)
අපේකම හිතලා අපේ යානයෙන් ගමන් කලොත් රටේ ආර්ථිකයටත් ඒකෙන් වාසියක් වෙනවා කියලා හිතලා අපි යන්න ගියාම අපිව සතේකටවත් ගණන් ගන්නේ නැහැනේ. අන්න ඒකට විසඳුමක් දුන්නොත් හොඳයි. (නි)
පෙරේරලා දෙන්නෙක්ගේ අදහස් වලට යමක් කියන්න හිතුණා. එක්කෙනෙක් කියලා තිබුණා වෙන එකක් නැත්නම් යනවා කියලා. මම දන්නේ නැහැ පෙරේරා මහත්තයෝ පුද්ගලික බස් වගේ කොළඹට ගුවන්යානා තියෙන ගමනත්තයක් ගැන. අනෙක් පෙරේරා මහත්තය කියලා තිබුණා යානයේ සුරක්ෂිත බව ගැන. කියන්න තියෙන්නේ ගුවන් යානය පරණද අලුත්ද ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංන්කන් ඉංජිනේරු අංශය ඒ කටයුතු හොඳින් කරනවා. අද ශ්‍රී ලංන්කන් ඉංජිනේරු සේවක පිරිස් ලෝකය පුරා ගුවන් සේවාවල සේවය කරනවා. ශ්‍රී ලංන්කන් එකේ හොඳ පුහුණු පාසලක් තියෙනවා. ඒ පිළිබඳව සුදුසු සහතික ලත් පිරිස් ඉන්නවා. මමත් ගුවන් සේවයේ කලක් වැඩ කරපු නිසා ආයතනයේ ප්‍රතිරූපයට හානි වෙනවට කැමති නැති නිසයි කියන්නේ. (ස)
ලංකාවේ ඉඳල එනකොට හැමදාම ශ්‍රීලන්කන් පරක්කුවෙනවා එතකොට ඉතාලි වෙනත් නගරවලට යන්න තියන ගුවන්යානා වෙලාවට පිටත් වෙලා ඊට පස්සේ මිනිස්සුන්ට වෙන්නේ දවසම රස්තියදුවෙන්න තමා මේක මගේ අත්දැකීමක්
ඔක්කොම ප්‍රතිචාර හොදයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව එමිරේට් අතර වෙනස ආදර්ශයට ගත්තොත් හොදයි.(නදී) .
මෙම ලිපිය පල කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මගේ හොඳ මිතුරෙක් තමයි අපවත් වී වදාල සෝම හාමුදුරුවෝ. දිනක් මට සෝම හාමුදුරුවෝ කියපු දෙයක් තමයි මම බණ කිව්වහම සමහරු මට බැණ බැණ යනවා ඒ කියන්නේ මම කියපු බණ හිතට හොදට වැදිලා කියලා. (නි)
ශ්‍රී ලංකන් ගුවන් සේවේ නෝනලා සිංහල දන්නවද? බොහෝවිට අප ඉංග්‍රීසියෙන් කතාකළොත් විතරයි නිසි ප්‍රතිචාර ලැබෙන්නේ. (නි)
කොච්චර හොඳද? අන්න එහෙම තමයි දේශීය ව්‍යාපාර හැඩ ගැහෙන්න ඕනෑ. කොරියාවටත් එවැනි සේවාවක් තිබෙනවා නම් හොඳයි (නි)
බොහොම හොදයි. මේ වගේම සේවයක් හැම රටකටම කරන්න පුලුවන් නම් වඩාත් හොදයි. ගුවන් යානයෙහි ගමන් කරනකොට අනුන්ට කරදයක් නොවන්න හැසිරෙනවා නම් තමන්ගේ දෙයක් කියලා හිතලා ප්‍රවේශමෙන් පරිහරණය කරනවා නම් , ගුවන් සේවකයන්ගේ උපරිම කරුණාව මෛත්‍රිය සහිත සේවයක් අපට ලබාගන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි (නි)
අපිට ටිකට් මිල කියන්න පුලුවන්ද? වැඩිහිටි සහ ළමා ටිකට්ටු සඳහා සැප්තැම්බර් 15 දක්වා මිලාන් නගරයේ සිට ලංකාවට කීයද කියන්න (නි)
මත්තලටම එන්න පුළුවන්ද? (නි)
ශ්‍රි ලංකන් ගුවන් සේවයට ගොඩක් ස්තූතියි. (නි)