වසර ගණනාවක පටන් ඉතාලියේ නාපෝලී නගරයෙන් අතුරුදන්වු වටිනා යතුරුපැදි පිළිබඳව තොරතුරු රැසක් සොයා ගැනීමට නාපොලී පොලීසිය සමත් විය.
පසුගිය දා ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු විසින් ශ්‍රී ලංකාවට යැවීමට සුදානම් කැරුණු කන්ටේනරයක් පිරීක්සීමේදී ඇන්ජින් ධාරීතාව 1200-1000-800-600 වැනි යතුරුපැදි 20 ක් සොයා ගත හැකි විය.
එම යතුරුපැදිවල කිසිදු ලියකියවිල්ලක් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සතු නෙවීය.
ඒ ඔස්සේ පරික්ෂණ පැවැත් වු නාපෝලී පොලීසිය පවසනුයේ සොරකම් කරන යතුරුපැදි ඉතා අඩුමිලට ගෙන ශ්‍රි ලංකාවට යවන බවයි.
පසුගිය කාලයේදී පොලිස් නිලධාරීන්ගේද යතුරුපැදි විශාල වශයෙන් අතුරුදන්වු බවත් එම යතුරුපැදිද මේ ආකාරයෙන් විදෙස් රටවලට රැගෙන යන්නට ඇතැයි නාපෝලී පොලීසිය පවසයි.
මෙම සොරකම් ජාලයට තිත තැබීම සඳහා කපානියා පළාත බාර පොලිස් අධිකාරීවරයා විසින් කමෝරා මාෆියාකරුවන් හඹා යෑමට පුහුණු කළ හැඩි දැඩි පොලිස් නිලධාරීන් සමන්විත හල්කි නැමැති පොලිස් විශේෂ බළකාය අනුයුක්ත කළේය.
ඒ අනුව පසුගිය දින කිහිපයේ ඉතාලියේ ශ්‍රී ලාංකික නිවෙස් කිහිපයක් පොලිස් නිලධාරීන් පරීක්ෂාවට ලක් කැර ඇති අතර එයින් ඉතා සුක්ෂම ලෙස කෑලී ගලවා ශ්‍රී ලංකාවට යැවීම සඳහා සුදානම් කැර තිබු යතුරුපැදි කිහිපයක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.
මෙලෙස සොරකම් කළ ලියකියවිලි නැති යතුරුපැදි ලංකාවට රැගෙන ගොස් අධික මිලට විකුණන බවත් හොර බඩු නිදහස් කැර ගැනීමේදී ඇතැම් විටදී රේගු නලධාරීන්ගේ සහායද ජාවාරම්කරුවන්ට ලැබෙන බවත් පොලීසීය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන හැටියට නම් ඉතාලිය, හොරුන්ගෙන් විතරක් නෙමේ මෝඩයන් ගෙනුත් පිරිල ඉතිරිලා වගේ. (ලංකාවෙන් ගිය අයගෙන්) මෙහි අදහස් දමන සමහර අයගෙන් ඒ බව හොඳින් ඔප්පු වෙනවා. සමහරවිට ඉතාලියේ ඉන්න උගත්තු නිශ්ශබ්දව ඉන්නවා ඇති. කොහොමත් ලංකාවේ උගත්,නුගත් කොයි පිරිමියගේත් අශිෂ්ඨ කම නම් හඳට ගියත් වෙනස් වෙන්නේ නැහැ. තමන් තාවකාලිකව හෝ පදිංචි වී ඉන්න ඉතාලි යේම ඉන්න තමුන්ගේ රටේම පුරවැසියන්ට අපහාස කරන පිරිමි හෝ ජාතියක් හෝ ලොව කිසිම රටක නැතිව ඇති . අපේ කරුමෙට ලෝකෙම් උතුම් රටේ නම් අඩුවක් නැතිව ඉන්නවා. වයඹ අශිෂ්ඨයා හෝ දකුණේ අශිෂ්ඨයා අතර කිසිදු වෙනසක් නැත. "අශිෂ්ඨයා ගිය තැන උරුලාව ගිය පාර වාගෙයි" කියා මා අස ඇත. හොරු නම් ලොව කොහෙත් ඇත. නමුත් අමනයන් අතර ඉපදීමට ලැබීම ගැන මට නම් ඇත්තේ බලවත් කනගාටුවකි. (නදී)
පේනවා නේද අධ්‍යාපනයේ තියෙන වටිනාකම. නිකන් අහිගුන්ටිකයෝ වගේ උඩින් -ගොඩින්-මඩින්-කැලාවල් වලින් රිංගල-කන්ටනේර් වලින් රටට ගිහින් ආපු අතක් බලාගෙන හම්බකර ගෙන ජීවත් වෙන්නේ නැතිව රටෙත් නම හම අරින මෙවන් පිරිස් නිසා එරට වැදගත් අහිංසක මිනිසුන්ටත් තැනක් නෑ.(නදී)
මාලු කාරයෝ ඉතාලියෙන් පිටුවහල් කරමු.(නදී)
ඉතාලියේ වෙරෝන නගරයේ හිටපු වෙන්නප්පුවේ "කුඩු චමින්ද" ගැන වෙරෝනා නගරයේ ඉන්න ලංකික ජනතාව හොඳින් දන්නවා ඇති. ඉතාලි පොලිසියට පින්සිදුවෙන්න අල්ලලා ලංකාවට පටවලා තිබුනා. එත්, වෙන්නප්පුවේ ජනතාව නම් නිදහස් කරන්න කියල අත්සන් එකතු කල බවත් අප අසා නැත.ඔහු ලංකාවෙත් කුඩු විකුනන්න ගිහින් ආයෙත් හිරේ ඉන්නවා. එය සමාජයටද මහත් අස්වැසිල්ලකි.(නදී)
උඩ බලාගෙන කෙල ගසාගන්න ශ්‍රී ලාංකිකයින් තමන්ගේ නිරුවත හෙළි කර තිබෙන බව දමා ඇති අදහස් වලින් මොනවට පැහැදිලියි. උගත් නුගත් කවරකු හෝ තම ජන්ම ගති ලංකාවේදී හෝ පිටරටකදිත් එසේම බවත් පැහැදිලියි. ඔවුන් සතු හීනමානය, කුහක බව, මෝඩකම, අශිෂ්ටකම මෙන්ම හොරකමට වංචාවට ලැදි බව ද ඔප්පුකර තිබෙනවා.ලංකාවේදී කරන ක්‍රියාව පිට රටකදිත් එසේම කරනවා. හැබැයි කතාවේදී නම් එයාලට වැඩිය සුදනු ලොව කොහෙත් නැහැ. යුරෝපයේ සුන්දර රටක් වන ඉතාලියත්, ආසියාවේ සංවර්ධිතම රටක් වන ජපානයත් ලාංකිකයින් විසින් කෙළසා ඇති බවත් දමා ඇති අදහස් බැලුවම රහසක් නොවේ. වර්ගීකරණය අනුව වෙන්නප්පුව පළමු තැනට පත් වී ඇත. ඉතිරි නොම්මර ටික අනෙක් අයටත් ලඟා වනු ඇත. ලාංකික ඔබලාට යාමට සුදුසු රට වල් කීපයක් ම යෝජනා කරමි. "මියන්මාරය, උගන්ඩාව, සුවාසිලන්තය.සෝමාලියාව" සළකා බලන්න, ගමන ඉතා සාර්ථක වේවි! (ස)
ඔය මංජු කියන කෙනා මට පෙනෙන්නේ වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැහැ වගේ. (නි)
චන්දි, ඔයාට දෙකේ පන්තියට වඩා ඉහළ පන්තියක් යාලුවෝ නම් ඉන්න විදියක් නැහැ. ඔබ කියලා තිබුණ විදියට අඩි උස සපත්තු දා ගෙන පොලවට අඟල් කීපයක් උඩින් යන අය නම් අපිත් දකිනවා. එත් ඉතින් අපට මොකද? බලාගෙන ගියාම කට්ටියම එකම බෝට්ටුවේ නේද? (ස)
ඕනෑම රටක හොරු ටික දෙනෙක් ඉන්නවා. මුළු සමාජයම හොරු කරන එක වැරදියි. මොවුන් ගැන ඉතාලි පොලිසිය දැනුවත් කිරීම අපේ වගකීමක්. නැත්නම් මුළු ලාංකිකයන් දිහාම වැරදි විදිහට බලයි.(නදී)
ලෝකයේ කොහේ ගියත් හොරු, හොරු... (නි)
බෙනට් කියපු දේ හරියටම හරි. ලංකාවත් සමග හරියට ව්‍යාපාර කරන්න අපහසුයි. ජපානෙන් එවන්නේ පාවිචිචි කරන ලද දේවල්. ලංකාවේ කී දෙනෙක් දැනට ජපානයේ හිරේ ගිහිල්ලා තියෙනවද? (නි)
නරක වැඩ කරන කෙනා කොහේගියත් ඒ වැඩ කරනවාමයි. එය ඔහුගේ ජන්මයේ පුරුද්ද,නැතුව ලංකාවේ වැරැද්ද නොවේ (නි)
මගේ ගොඩක් කපල තිබුනා. මේක හදලා දාන්න. ලංකාවේ කී දෙනෙක් දැනට ජපානයේ හිරේ ගිහිල්ලා තියෙනවද මෝටර් සයිකල් හොරකම් කරලා.(නදී)
ඔය තියෙන්නේ ලංකාවේ නම ශෝක් එකට කාලා (දී)
සංජීව ඉතාලි වල ඉගෙන ගත්ත අය අඩුයි.(නදී)
රටේ නම්බුව විනාශ කරන මහ මොළ කාරයින් අල්ලන්න ඕනේ.(නදී)
ලෝකයේ හොරු නැති රටක් ජාතියක් ඉන්නවා නම් කරුණාකරලා අපට දැනගන්න සලස්වනවද? ඔබ ඔය ඉන්න රටේ ජාතිය වගේම ඇමරිකන් යුරෝපා රටවල අයත් හොරකම් වංචාවන්ට හසුවී ඇති වාර අනන්තයි. කිසිවෙකු, කිසිවිටෙක, තවකෙකුගේ අධ්‍යාපන සහතික බලා නිගමනයකට එළඹීම මා නම් අසා නැත. නමුත් තමන් මහා උගතෙකු යැයි කියාගත්තත්, අදහස් අනුව ජන්මයෙන්ම මෝඩයකු බව ඔප්පු කරන මිනිසුන් නම් මා ඕනෑ තරම් දැක ඇත. (නි)
නාපොලි විතරයි හොරු ඉන්නේ.(නදී)
යාලුවනේ මමත් නපොලි ගොන්නු උනාට ඒ බව පෙන්නන්න එපා ගදගහනවා.(නදී)
රටේ නම්බුවක් තියෙනවද? තියෙන නම්බුව මොකක්ද? (ස)
මට දැන ගන්න ලැබුණු කරුණු අනුව ලංකාවෙන් ඉතාලියට ගිහින් ඉන්න අය ඒ රටේ ජිවත් වන පළාත (නාපොලි,රෝමය,මිලාන්,වෙරෝන), අනුවත් එකිනෙකාට අපහස කර ගනිමින්, කොහේදී හෝ එකට මුණ ගැසුණාම ගුටි බැටත් හුවමාරුකර ගන්නවලු. මිනිස්සු වයසට යද්දී මොලය වර්ධනය නොවෙන්නේ මන්දැයි යන්නත් ගැටළුවක්? කොහොමත් සිංහලයින් අනාගතයේදී ලොව වඳ විය හැකි ජාතියක් බවට නම් පෙර නිමිති පහල වෙමින් තියනවා. ඇත්තෙන්ම කියන්නත් කණගාටුයි. (ස)
මුහුදුකරයේ මේ දිගටම ගිය අය බොහොමයක් හොරු සහ මංකොල්ලකාරයෝ (නි)
පිටිගල අයියා කියන විදියටම වැඩ කෙරුනා නම් අද එයත් මෙහෙ නැහැ. (නි)
බයිසිකල් හොරු විතරක් නෙමෙයි, ලංකාවේ ළමා නිවාස වලට කියලා ආධාර එකතු කරගෙන ලංකාවට වෙලා සැප විඳින හොරුත් නැතුවාම නෙමෙයි. (නි)
මේවා කරන්නේ අපේ තානාපති අංශ. පළමුව ඒකට තිත තියන්න ඕනේ. පත්තරේ බැළුවොත් හැමදාම ඉතාලි වල හොරකමක්. ඒවා ලංකාවේ අය විතරයි කරන්නේ රේගුවේ අය එක්ක එකතු වෙලා.(නදී) .
ලංකාවේ නම තියන්න අති දක්ෂයෝ ලංකාවේ ඉන්නවා.(නදී)
රේගු නිලධාරීන්ගේ සහය අපි අගය කරනවා.(නදී)
මෝඩ මංජු.(නදී)
දේශපාලකයෝ රට කනවා, මේ අය රටේ නම කනවා! (නි)
සසිදු ඔයත් ගිහින් තියෙන්නේ දෙකේ පන්තියට විතරයි මට පෙන්නේ. මට මතකයි මම ඕ ලෙවල් කරද්දී ඔයා අපේ ගෙදර අවා ''දෙවරක් චක්කරේ'' අහගන්න.(නදී)
මංජු ඔයා කොහෙද කියන්න මම දන්නේ නෑ. ඒත් නොදන්නා දේවල් කියන්න එපා.(නදී)
කලබල වෙන්න දෙයක් නැහැ ලංකාවට ලෝකයේ හතර අතින් ඇතුල් වෙන සියලුම රීකන්ඩිෂන් බයික් හොරකම් කරපුව තමයි. ලංකාවේ ඔය හොර බිස්නස් එක ලියා පදිංචිවෙලා තියෙන්නේ. මේකට රේගුවේ මේ වැඩේටම අරක්ගත් කණ්ඩායමක් සහ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙලෙස ගෙන්වන සහ ගෙන්වා ඇති බයික් රට තුලට ගැනීමටත් ලියාපදිංචි කිරීමටත් ඉතාම දීර්ග කාලයක සිට හවුල්. මේක ඉතාම ප්‍රසිද්ද රහසක් මෙසේ හොරකම් කර ලංකාවට එවන බයික් සඳහා මිලදී ගැනීමේ වියදමක් නොයන නිසා හොරුන් කරන්නේ රේගුවට සහ ලියාපදිංචියට අත දිග හැර වියදම් කිරීමයි. මේ නිසා නිත්‍යානුකුලව පිටරටවලින් බයික් මිලදීගෙන ලංකාවට ඒවා රේගුවට බදු ගෙවා නිදහස් කරගැනීමෙන් ලංකාවේ වෙළදපලේ ඇති හොර බයික් මිලට විකිණීම සිහිනයක්. ඒ නිසා හොරු ඇර වෙනත් කිසිවෙක් මේ බිස්නස් එකට අත ගහන්නේ නැහැ. ඉඳලා හිටලා මේ වගේ අහු උනාට තව තව අති විශාල පිරිසක් ඉන්නවා මේ හොරකම කරන. ඒ නිසා තමයි ලංකාවේ මේ තරම් රීකන්ඩිෂන් බයික් විකුනන්න තියෙන්නේ. රේගුව බයික් හොරුන්ට දෙන මේ සහාය නිසා රජයට හිමි වියයුතු අති විශාල බදු මුදලක් අහිමි වී එම මුදල් සියල්ල රේගුවේ මෙම කණ්ඩායම අතට පත්වෙන බව දැන් ඔබ සියලු දෙනාටම හිතාගන්න පුළුවන්.(නදී)
කපානියා ?(නදී)
පේනවා නේද ඉතාලිවල ඉන්නේ අපේ වැදගත්, උගත්, බුද්දිමත්, හොද අධ්‍යාපනයක් තියෙන අය කරන වැඩ. (අ)
නියමයි (දී)
මංජු එස්කොල ගිහිල්ල නැහැ කියල ප්‍රදර්ශනය කරන්න එපා .තානාපති අංශ ලංකාවෙන් ඉතාලියට එවල තියෙන්නේ හොරකම් කරන්න නෙමේ තේරුනාද .(අ)
අර ඉතාලියේ හිටපු කොස්ගොඩ නදුන් කියන පුද්ගලයට දැන් මොකද වෙලා තිබෙන්නේ ?(නදී)
මේ අයව නැවත එන්න බැරි වෙන විධියට රටින් පිටුවහල් කරන්න තියෙන්නේ.(අ)
වෙන්නප්පුව පැත්තේ ගියොත් මේ බයික් හොයා ගන්න පුළුවන්.
මහින්ද කැලිෆෝනියා,-ලොස් ඇන්ජලිස්, නිව් යෝක් තත්ත්වෙත් මේකම නේද ලංකාවට එන්න බැරුව රංචු පිටින් ඉන්නවා හරියට රැකියාවක් වත් වෛද්‍ය පහසුකම් වත් නැතුව. නැද්ද...? (දී)
ඉතාලියේ සිටින ශ්‍රීලාන්කිකයින්ගේ ගෞරවය ආරක්ශා කර ගැනීමට නම් අපිම එකතු වෙලා මේ හොරුන්ව ඉතාලි පොලිසිවලට කොටු කර දිය යුතුයි .අපිට කලින් 80 ගණන් වල මෙහෙ ආපු අපේ අය බහුතරයක් හොදින් වැඩ කරපු නිසා තමයි අපිට හොද තත්වයක් ඇතිවුනේ (දී) .
ඉතාලි වල මගෙත් යෙහෙලියක් ඉන්නවා. එයා මේ රටෙන් තමයි හොරට ගියේ. ඉස්කෝලේ 2 ට විතරයි ගිහින් තියෙන්නේ. මං දන්නා තරමින් ඔය කොයි රටෙත් ඉන්න නුගත් අය. කරන්නේ අපි මැදපෙරදිග කරන රැකියාවම තමයි. හැබැයි ඉතාලි වගේ රටක ඉන්න සමහර අය ඉන්නේ පොලවට වඩා අගලක් විතර උඩින්. (ස)
නන්දන පනාගොඩ-මිලානෝ,,මේ මේ නන්දන,ඉතාලියේ ඉන්නේ වෙන්නප්පුවේ අය විතරද?හොරට බයික් පන්නනේ වෙන්නප්පුවේ අය කියල ඔයාට තහුව්රු කරන්න පුලුවන්ද? (දී)
කුසුම් - උඩ බලාගෙන කෙල ගහගන්නේ මෙහි අදහස් දාන අය නෙවෙයි මෙන්න මේ පල් හොරු. ඉතාලියේ කිසිම ප්‍රමිතියකට හෝ අධ්‍යාපන සහ වෘතීය සුදුසුකමක් බලා හෝ නිත්‍ය පදිංචිය ලබා දෙනවනම් මේ පල් හොරු මෙහි එන්නේ නැහැ. ඒ මතුද නොව, ඉතාලිය ලංකාවේ අයට සරණාගත තත්වය දෙන රටකුත් නොවන නිසා ආගමන ප්‍රමිතියක් මුල සිටම තිබ්බේ නම් මේ හොරු කිසිවෙක් අද මෙහි නැහැ. (දී)
අර ඉතාලියේ කතාවටත් කියන්නේ වෙන්නප්පුවේ හිටිය හොරු ඔක්කොම දැන් ඉන්නේ ඉතාලියේ කියල. ඒ අය මේවා නොකර වෙන මොන රාජකාරිය කරන්නද?(නදී)
නාපොලි ඉන්නේ වැඩි හරියක් හලාවත , මාරවිල , වෙන්නප්පුව අයයි. වෙනත් නගරවල අය ඉන්නේ බොහොම ටික දෙනයි. කොහොමත් නාපොලි ඉන්නේ හැම ජාතියකම (ඉතාලි අය පවා) හොරු තමයි. නාපොලි කිව්වම කිසිම පිළිගැනීමක් නැත්තේ එයාල හොර වැඩ වලට දක්ෂ නිසයි. සයිකල් නෙවෙයි රත්තරන් මාලයක් වත් දාගෙන නාපොලි වල යන්න බැහැ කඩාගෙන දුවනවා.(නදී)
අපේ රටේ නම කන්න එපා. වෙන රටකට ගිහිල්ලත් සාධාරන විදියට ජිවත් වෙන්න දන්නේ නැති මිනිස්සු (නි)
පනාගොඩ වෙන්නප්පුවේ අයත් එක්ක තරහයි.මෙයා මොන පැත්තේද දන්නේ නැහැ. (නි)
උගත් වැදගත් මීගමුවේ සහ වෙන්නප්පුවේ ලාංකිකයන් නිසා පරණ මෝටර් බයිසිකල් සහ ගෙවල් වලින් උස්සන බඩු ලංකාවට ලැබෙනවා. යුරෝපයේ මැද පෙරදිග රටක් හා සමාන රැකියා කරමින් අප කරනා සේවය ඉමහත්ය (නි)
බේරුවල පැත්තේ ඇමති කෙනෙක් මෙවැනි මොටබයිසිකල් තොගයක් ගෙනත් කියල පහුගිය කලේ ආරංචි උන, අලුත්ගම කොටි පතියෙකුගේ පුතෙක් මෙම මොටබයිසිකල් රේස් පදින්න යොදාගන්නවා කියල ආරංචි (දී)