ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
ඔහු ඕමාන් ගුවන්සේවයට අයත් ඩබ්ලිව්.වයි 372 දරණ ගුවන් යානයෙන් මස්කට් හරහා ඉතාලියට යාමට කටුනායකට පැමිණ ඇත. එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුන ඔත්තුවත් මත සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු ලග තිබී ඉතාලි ව්‍යාජ වීසා පතක් සොයාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ පිළිබඳව විමර්ශණ සිදු කිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි හොර පාර කටුනායකදිම අහුවේ
දුමින්ද Tuesday, 24 February 2015 10:14 AM
හරි මග තිබේනම්- යන්න දැසත් පෙනේනම්. කීම හොර මග යන්නේ. (නදී)
මංගලී ෆොන්සේකා Tuesday, 24 February 2015 11:51 AM
හරි මග කියන්නකෝ දුමින්ද අපිටත් යන්න බලන්න .එක තමයි ලක්ෂ කෝටි ගණන් දීල යන්නේ මිනිස්සු හරි මගක තියෙන නිසා වෙන්න ඇති (දිල්)