ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් ඩුබායි හිදී පිටුවහල් කර ආපසු මෙරටට එවා තිබියදී කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබී්‍ය.
මොහු යාපනයේ පුදුකුඩුඉරුප්පුහි පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
ඔහු පසුගිය එකොලොස්වෙනිදා ඩුබායි බලා මෙරටින් පිටව ගොස් ඇත. එරට ගුවන්තොටුපළ බළදාරීන් විසින් ඔහුගේ වීසා පරීක්ෂා කරද්දී එය ව්‍යාජ වීසා ස්ටිකරයක් බව අනාවරණය වීමෙන් පසු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් ඔහු ආපසු එවා තිබුණි.
මින් පෙර පසුගිය සතියේදීද ඩුබායි හා කටාර් හරහා හරහා ඉතාලි යාමට උත්සහ කළ උතුරේ තරුණයින් තිදෙනෙක් මේ අයුරින්ම පිටවුහල් කොට ආපසු එවා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි වල ආගමන විගමන ඉතාම සුක්ෂම ක්‍රම වලින් සමන්විතයි. පුත්ගලයෙක්ගේ ඇස් වල කළු ඉංගිරියාව පවා ඉස්කන් කරනවා රටට ඇතුල් වෙනකොට. ලෙහෙසියෙන් එන්න බැ. ක්‍රෙඩිට කාර්ඩ් එකක් පවා නොගෙවා රටින් පිට යන්න බැහැ. (හේ)
විකුම් සහ සෙනවිරත්න දෙන්නම කියන දේ ඇත්ත. එ්කෙන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවේ ආගමන විගමන නිලධාරින් ගේ තියෙන විශාල අඩුපාඩු නේද.? අපේ අය මුදලට යට වෙලත් ඔය වැඩ කරනවා නේද මේවා ගැන බලන්න නිලධාරින් නැද්ද ? ලංකාවේ තාක්ෂනය යල් පැනලද.? මෙවැනි තැන් ඉතාම සුරක්ෂිත විය යුතුයි. ලංකාවේ පුරවැසියෙක් හැටියට හරිම කනගාටුයි ලංකාවේ ගුවන් තොටුපොල ගැන. (නදී)
සල්ලි දුන්න නම් අපේ ගුවන් තොටුපලේ කට්ටිය ප්‍රබාකරන් වත් රටින් පිට කරනවා. (නදී)
අපේ රටේ පවතිනුයේ නීතියේ ආධිපත්ය්‍යද? නිලධාරි ආධිපත්ය්‍යද? දේශපාලන ආධිපත්ය්‍යද? මේවායේ ප්‍රතිශතය ගැන විමසිල්ලෙන් බලන්න (නදි)
මෙවැනි දේවල් වලින් අපහසුතාවයන්ට පත්වන්නේ ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ය. නීතිවිරෝධී වැඩ කරන මෙවැන්නන්ට දැඩි දඬුවම් දියයුතුයි (නි).
මම නම් හිතන්නේ ශ්‍රී ලංකා රේගුවේ ඇති තාක්ෂණයේ ( නවීන තාක්ෂණය යොදා නොගැනීම ) දෝෂයක් නිසා මොවුන් ලංකාවේදී හසු නොවුණේ. (අ)
ඕක ව්‍යාජ විසා එකක් කියල ලංකාවේ ආගමන විගමන නිලධාරීන්ට හා එමිරේට්ස් ගුවන් සේවයේ චෙකින් කවුන්ටර්ස් වල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට නොපෙනුනේ ඇයි? කටුනායක ගුවන් තොටුපොළේ බලධාරීන් නොදැනුවත්ව මේවා සිදුවන්නේ නැහැ. මුලින්ම අධාල නිලධාරීන්ව නිතිය හමුවට පමුණුවන්න.(නදී)
ඩුබායි වලදී අහු උනා නම් අනිවාර්යෙන්ම ලංකාවෙදි පගාව දිල යන්න ඇති. ඉස්සරලම කටුනායක ඉන්න හොරු අල්ලන්න (නදී)