බෙදුම්වාදී කොටි ත්‍රස්තයන්ගේ මතය නියෝජනය කරන ආර්.සම්බන්දන් වැනි අයකු විපක්ෂ නායක ධූරයට පත් කිරීමත් ජාතික ලැයිස්තුවෙන් පරාජිත අපේක්ෂකයන් පත් කිරීමත් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැඩි අප්‍රසාදය පළ කරමින් සැප්තැම්බර් 5 වැනිදා ඉතාලියේ මිලානෝ නුවරදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව කටයුතු කළේය.
සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ශ්‍රී ලාංකිකයෝ මෙම උද්ඝෝෂණයට සම්බන්ධවූ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම ශක්තිමත් කිරීමට උදව් උපකාර කළ අයට ස්තූතිය පළ කිරීමද එහිදී සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ,ඉතාලියේ ඉන්න දේශපාලනය කරන අය ගැන අපි දන්නවා.අපි ඉන්නෙත් ඉතාලියේ. (නි)
අයියෝ! වැඩක් නැහැ කතා කරලා. ඡන්දෙ දෙන්නවත් ලංකාවට එන්නේ නැති මිනිස්සු.අපි තමා පරිප්පුව කන්න ඕනෑ. (නි)
25 වත් එන්න නැතුව ඇති. අපි දන්නෙ නැති ඉතාලි ශ්‍රී ලංකාකාරයො...! දැන් ඔහෙලගෙ නායකයා අවුරුදු 9ක් තිස්සෙ රට හැදුවයි කිව්වා නේද? ඇයි ඉතාලි ගිහින් ඉන්නෙ? (නි)
රටට හරි ආදරේ කට්ටිය... (නි)
තවම රකුසු සෙවණැලි යුරෝපය තුළ... (නි)
ඉතාලියට වෙලා ඇයි මේ සද්ද? (නි)
කවුද මේ කට්ටිය හැබෑටම? (නි)
සිල්වි, ඔයා හරි. (නි)
අනේ මන්දා මේවා! මෙහෙම කළා කියලා මොකක්ද වෙන වෙනස? (නි)
අහිමි වූ මොළයේ අගය ලොවට දැනේ! (නි)
නාමල් පෙරේරාගෙන්ද ඇහැව්වේ (ම)
ජනපතිවරණය වෙලාවේදී රටේ වියදමෙන් මේ කට්ටියගෙන් කොටසක් ලංකාවට ගෙන්නුවා. පැරදුනාම ආපසු යද්දී බැණ බැණ ගියේ.තාම ලැජ්ජා නැහැ (නි)
ඉතාලිය අපිට එපා. අපේ රට ගැන ඔයාලා කතා කරන්නත් එපා. (නි)
ඔච්චරම ලංකාවට ආදරේ නම් ඇයි දෙවියනේ ඉතාලිය ගොඩදාන්න ඔහෙට වෙලා වැඩකරන්නේ? එන්නකෝ ලංකාවට. ඇවිල්ලා කුඹුරක් හේනක් කොටලා රට නංවන්නකෝ (නි)
සිංහල මිනිසුන් හිතන පතන විදිහ මෙතැන ඇති අදහස් වලින් පෙනේ. (නි)
තව අවුරුදු ගානක් ඔයාලට ඉතාලියේ ඉන්න පුළුවන් කරදරයක් නැතුව. ඊටපස්සේ ඔයාලගේ යෝජනා අරගෙන එන්නකෝ (නි)
බොරුවට මුලාවිම කොපමණ දැයි මේ අදහස් වලින් පෙනේ. මේ අයට පෙන්නේ පක්ෂයත් පාටත් පමණි (ම)
ඕවා ඉතින් දවසයි දෙකයි. ඊට පස්සෙ වැඩට යන්න ඕනෙනෙ. බලාගෙන යනකොට රටට ආදරේ අය ඔක්කොම වෙන රටවල වගේ. (අ)
නුවන් ඔබ හරි (අ)
මෙතන අදහස් දාලා තිබෙන ගොඩක් අය කොළ පාට කණ්ණාඩි දාගෙනයි ඉන්නේ. (නි)