දුර බැහැර සිට විවිද කාරණා සම්බන්ධයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට පැමිණෙන ශ්‍රී ලාංකිකයනට මෑතක සිට ඒ මොහොතේම සේවාවාන් සපයන බව ඉතාලි ලාංකිකයෝ කියති.
උදේ නමයට පෝරමයක් බාර දුන් විට ඊට පිළිතුරු බලාපොරොත්තුවෙන් සවස 3 දක්වා රැඳීසිටීමට කළින් සිදු වුවත් රාණි බුලත්වෙල මහත්මිය පැමිණීමෙන් පසු එය වෙනස් වී ඇති බව ද, තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශයෙන් සිදුවන සේවයේ ගුණාත්මක වර්ධනයක් ඇති බව ද ඔවුහු කියති.
රාණි බුලත්වෙල මහත්මිය ‘එසැණ‘ට පැවසුවේ තානාපති කාර්යාලයයේ සියලු දෙනා එක්ව එරට සිටින ලාංකිකයන්ට උපරිම සේවාවක් ලබා දෙන බවයි.
වැසිදිනවලට එළියේ තෙමීගෙන සිටින ශ්‍රී ලාංකිකයනට මින් පසු එලෙස සිටීමට සිදු නොවනු ඇති බව ද බුලත්වෙල මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරකින් අහන්න ලැබෙන හොද දෙයක් (නි)
ඔන්න ඕක තමයි කියන්නේ මොළයක් තියෙන අයව පත් කරන්න කියලා.(නදී)
ඔබ තුමී හොද සේවයක් කරයි කියල හිතනවා. නමුත් අපේ තානපති කාර්යාලය වෙන ඉඩකඩ තියන පහසු තැනකට අරන් යන්ඩ පුලුවන්නම් ලොකු දෙයක්. මොකද මමත් කිපවාරයක්ම ඇවිත් තියනවා ඔතනට. ලාංකිකයෝ ඉන්නවා දවසට 100 ක් 200 විතර වැස්සට තෙමි තෙමි. අව්වට කරවී කරවී. මට නම් ගොඩක් ලැජ්ජා හිතුනා අපේ තානාපති කාර්යාල ඉස්සරහින් තියන කැනඩා තානාපති කාර්යාලය දකිනකොට.(නදී)
ඇති යන්තම්, ජනතාවට සේවය කරන්න කැමති කෙනෙක් සහ කැමති තානාපති කෙනෙක් ඉතාලියේ අපට ලැබුනා.බොහොම සන්තෝෂයි (නි)
ගොඩාක් කාලෙකින් ඉතාලි තානාපති කාර්යාලයෙන් අහන්න ලැබුන හොද පුවතක් (නි)
දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුයි.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. හොද සේවයක් කියන්නේ කොහොමද වැඩ බාර අරන් දවස් දෙකකින්? ඔහොම යමුකෝ. කොහාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොට කියනවනේ... (නි)
අනේ හොදයි. තානාපතිතුමියට මගේ ප්‍රණාමය! (නි)
කොන්සියුලර් කාර්යාලයක්වත් නොමැතිව අන්ත අසරණ වූ ග්‍රීසියේ ඉන්න අපි ගැනත් හිතන්න කව්රුවත් නැද්දෝ? (නි)
හොඳ වැඩක් වෙනවා නම් කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ලංකාවේ අපි හරි කුහක ජාතියක්. (නි)
අන්න ඒකටත් එක්ක අපේ ලන්ඩන් වල එක? (නි)
හොදම තානාපති සේවය කොරියාවයි.(නදී)
හොඳම තානාපති සේවය කොරියාව නම් ඇයි හැමදාම පත්තර වල වෙන වෙන දේවල් තියෙන්නේ? (නි)
"කොන්සියුලර් කාර්යාලයක්වත් නොමැතිව අන්ත අසරණ වූ ග්‍රීසියේ ඉන්න අපි ..." ආ.. ග්‍රීසිය මොකටද? අපි දැන් උගන්ඩාවේ කම්පාලා වල එකක් දැම්මනේ. ග්‍රීසිය වගේද කම්පාලා? (නි)
ඔහොම යන් ඔහොම යන්.. (ස)
නියම සේවයක් වෙන්න ඕනෑ මේ වගේ සියලු තැන් වලින්ම. ඉන්දුනිසියාවේත් මේ වගේ සේවයක් බලාපොරොත්තු වෙනවා ලගදීම අලුත් තානාපතිවරයෙක් යටතේ. (නි)
එම කර්තව්‍ය තවදුරටත් සාර්ථකව ඉටු කිරීමට සියල්ලන්ගේ සහයෝගය මෙතුමියට ලැබේවා! (නි)
කොරියාවට ගිහින් ඉන්න අයගේ නරක කාළේ තමයි.(නදී)
පිටරටවල ඉන්න බොහෝ දෙනෙකුට ඉංග්‍රීසිත් බැහැ. ඒ රටේ භාෂාවත් බැහැ. තානාපති කාර්යාලයේ වැඩ ගොඩක් තියෙන්නේ කොන්සියුලර් අංශයට. ගමන් බලපත්‍රයක් ගැනීමට,අලුත් කිරීමට,ඒ රටේ කාන්තාවක් විවාහ කරගැනීමට,දරු උපතක් ලියා පදිංචි කර ගරනීමට , ආදී කරුණු ඉටු කර ගැනීමේ අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා සිංහලෙන්, ඉංග්‍රීසියෙන් වෙබ් අඩවි මගින් දැනුවත් කිරීම, ප්‍රශ්න අඩු කර ගැනීමට මාර්ගයක් වෙනවා ඇත. (නි)
කෝකටත් අපි තව ටික දවසක් ඉවසලා බලමුකෝ. (නි)
ඇයි අසිත පෙරේරා දැන් කොරියාවෙද? (නදී)
චරිත සහතික දෙන්න තාම කල් මදි. මොකෝ අපිට ඒ තරම්ම හොද අතීත අත්දැකීම් තියෙන්නේ.බලමු ඉස්සරහට වෙන දේ. (නි)
හොඳ කල ආදා පයට මිනි මුතු පෑගෙනවලු. හොඳ තානාපතිවරයෙක් ඇවිත් ඇති. (නි)
අර තානාපති කාර්යාලය පිටුපස තියෙන බාර් එකේ සවස හයෙන් පසු සිදුවෙන ගනුදෙනු මේ මහත්මියවත් වෙනස් කෙරුවොත් හොදයි (නි)
එතකොට අසිත පෙරේරා මොකද කළේ? (නි)
ජයවේ ශ්‍රී ලංකා! (නි)
කවී මට ටිකට් එක බුක් කරන්න එන්නම්. ගින්දර නම් සීතලත් නැතිව ඇති මගේ හිතේ.(නදී)
අනේ ඔයාලා එන්නකෝ ඇන්ටාක්ටිකාවේ තියෙන එම්බසි එකට. ගින්දර වගේ වැඩ. (නි)