IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉතාලි යන්න තුර්කියට හොරෙන් ගිහින්

ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා ගොඩබිමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙක් තුර්කියෙන් පිටවහල් කරනු ලැබ මෙරටට එවා තිබියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අද  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

ඔහු පසුගිය 14 වෙනිදා එනම් සිංහල අළුත් අවුරුදු දින තම වලංගු  ගුවන් ගමන් බලපත භාවිතා කරමින් තුර්කියට ගොස් ඇති බව කරන ලද විමර්ශණවලින් අනාවරණය වී ඇත.
තුර්කි ගුවන්තොටුපල බලධාරීන් විසින් ඔහුගේ වීසා පරික්ෂා කරද්දී ඒවා ව්‍යාජ බව දැන ආපසු මෙරටට එවා තිබු බව පොලීසිය කියයි.

සැකකරු මෙරට සිටින ශ‍්‍රී ලාංකිකයෙකු හරහා රුපියල් ලක්ෂ තුනක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත ඉතාලියට යාම සදහා ලියකියවිලි සකස් කරගෙන ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
      
    

 



අදහස් (0)

ඉතාලි යන්න තුර්කියට හොරෙන් ගිහින්

ඇසළ Friday, 17 April 2015 08:51 AM

ලංකාව එපාවෙලා තුර්කියට ගිය එකේ එහෙම හිටියා නම් ඉවරනේ ආපහු ලංකාවට එන්නේ නැතුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 827 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site