ව්‍යාජ ලෙස සකස් කළ ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙකු  අබුඩාබි ගුවන් තොටුපොළෙන්  පිටුවහල් කොට ආපසු  මෙරටට එවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තු නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගනු ලැබීය.

මොහු යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා පසුගිය 19 වෙනිදා  මෙරට සිට  අබුඩාබි බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ඔහු අත තිබු ගුවන්ගමන් බලපත්‍රය ව්‍යාජ ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍රයක් බව අනාවරණය වීමෙන් පසු  මෙලෙස ආපසු ශ්‍රී ලංකාවට එවා ඇත.