නවගත්තේගම පසල් ගුරුවරියක් දණ ගස්සවා තම දේශපාලන නුගත්කම ප්‍රදර්ශනය කළ පළාත් සභා මන්ත්‍රිවරයාගේ ක්‍රියා කලාපය ඉතාලියේ වෙසෙන ආගමික නායකයෝ දැඩි පිළිකුළෙන් හෙළා දකිති.
පාසල් ගුරුවරුන් දණ ගස්වන රාජ්‍ය සේවකයින් ගස් බදින, නිතීය රකින අවංක පොලිස් නිළධාරින්ට හා මාධ්‍යවේදීන්ට තර්ජනය කරන මෙවැනි දේශපාලන චරිතවලට නාමයෝජනා දෙමින් කරලියට ගෙනෙන පක්ෂ නායකයින් මීට වගකිව යුතු බවත් ඡන්ද දායකයින් මීට වඩා බුද්ධිමත්ව තම ඡන්දය පාවිච්චි නොකළහොත් දේශපාලන මැරයින්ගෙන් පිරුණු ලෝකයේ එකම රට ශ්‍රි ලංකාව වන දිනය වෑඩි ඈතක නොවේයැයි රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම, සිසිලි බෞද්ධ විහාරාධිපති වගේගොඩ සීලානන්ද වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥානානන්ද, මිලානෝ ලංකාරාම විහාරවාසි කොටිකාවත්තේ ධම්මකුසල හිමිවරු ද පාදෝවා කිතුනු සංඝයා භාර නෙවිල් සෙබස්තියන් හා වෙරෝනා නුවර ඇන්ටනි රංජිත් පියතුමන්ලා ද එසෑණට පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද දායකයෝ කියන්නේ මේ වගේ පත්තර වාර්තා වලින් දැණුම ගන්න අයනේ . ඉතිං එයාලා තෝරගන්නේ මෙහෙම දේශපාලුවෝ තමා .(අ)
කොහොමටත් ඔය හලාවත ඉදන් පුත්තලමට යනකන් ඉන්නේ ඔය වගේ අය තමා (අ)
පොඩි කකුළුවෝ යන්නේ ලොකු කකුළුවෝ යන විදියටම තමා.පළාත් සබා දේශ පාලුවෝ කියන්නේ දෙකේ පන්තියේ ඉදගෙන තුන්වෙනි පන්තියේ වැඩ කරන අය.(අ)
ඉතාලියේ ඉන්න මිනිස්සු තමා ලංකාව වෙනුවෙන්, ලංකාවේ වෙන අසාදාරනකන් ගැන වැඩියෙන්ම කතා කරන්නේ. ඔබලාට ගොඩක් පින්. පුලුවන්නම් මේ ගැන ජාත්‍යන්තරයටත් දැනුම් දෙන්න. මේක බටහිරට කඩේ යෑමක් නොවේ. අපේ රට බේරා ගැනීමක්. (නි)
පුජ්‍ය පුජක යනු කොටස් දෙකකි. (අ)
පළාත් සබා අපේ රටට ඕනෑද? ඒ සල්ලි රට දියුණුවට යෙදුවොත් ප්‍රශ්න ඉවරයි නේද? (නි)
හාමුදුරුවනේ මේ පළාත් ඡන්දෙදි කරුණාකර ඡන්දෙ දිය යුත්තේ කාටද කියන එක අපේ අයට කියල දෙන්ඩ. මේ ඉල්ලීම බොදු බල සේනාවට, සිංහල රාවයට, ජාතික හෙළ උරුමයට සහ රවන බල කාය ඇතුළු අපේ නායක ස්වාමින් වහ්න්සේලා සහ අනෙකුත් පුජක තුමන්ලටයි.(අ)
ඉතාලියේ ඉන්නේ පුජකයෝ නෙමේ ජුජකයෝ (අ)
මම දන්නේ නැති නිසා අහන්නේ මෙහි සදහන්කර ඇති පරිදි කව්ද? "කිතුනු සංඝයා" කියල කියන්නේ!(අ)
සාදු, සාදු.(නදී)
කව්ද මේ "කිතුනු සංඝයා"?(අ)
මේවා බලද්දී පලා බබා රටට බලෙන් පටවාපු අයගේ, මව් පියන් තමා බැනුම් අහන්නේ ,.(අ)....
රන්ජිත් ඉතාලි හා සරත්, ඔබ දෙපල හරි. පුජ්‍ය කියන්නේ හාමුදුරුවන්ට, පුජක කියන්නේ කතෝලික පියතුමන්ට. පාදුවා වල තියෙන්නේ කිතුනු සංගයක්.(අ)
ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු.(නදී)
මොන උනත් ඉතාලි යෙනුත් හර්තාල් මන්ත්‍රී තුමාට. මන්ත්‍රීව නිරුවත් කර ලෝකයට පෙන්නලා දෙන්න.(නදී)
18 June 2013 මේ ගැන සොයා බලා ක්‍රියා කීරීම උසස් පොලිස් බලධාරීන්ගේ වැඩකි.(අ)
18 June 2013 මේ ගැන සොයා බලා ක්‍රියා කීරීම උසස් පොලිස් බලධාරීන්ගේ රාජකාරියකි. (අ)
ඕවා ඔබවහන්සේට අපිට තේරුනාට දේශපාලකයන් හිතන්නේ ඒවා හරිම කෙරුම්කාරකම් කියලා. මහජන සේවයට ජය වේවා! (නි)