ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නිලධාරින් හා මිලානෝ නුවර ශ්‍රී ලාංකික තරුණයෙකු අතර හටගත් දරුණු වචන හුවමාරුව සමතයකට පත් කිරීමට ඉතාලි පොලිසිය තානාපති කාර්යාලයට පැමිණි බව වාර්තා විය. තරුණයා මිලානෝ නුවර සිට කිලෝමීටර් 500ක් දුරගෙවා තම අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහා තානාපති කාර්යාලයට ගොස් තිබේ. රැකියා ස්ථානයෙන් නිවාඩු ගැනීමට අපහසු තම හොඳම මිතුරාගේ අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහා ලියැවිලි ඉදිරිපත් කළත් එය ඉදිරි කවුළුවේ සිටි නිලධාරිනිය ප්‍රතික්ෂේප කිරීම මෙම ආරවුලට හේතුව වී ඇත.
මේ පිළිබඳව ඉතාලියේ වැඩබලන තානාපති පෝෂිත පෙරේරාගෙන් විමසීමට කිහිප විටක් එසැණ උත්සහ කළත් ඔහු දුරකතනයට සම්බන්ධ නොවිය. අවසන් වතාවට ඇමතීමේදී දුරකථන ක්‍රියාකාරිනිය කියා සිටියේ විදේශ ලේකම්වරියගේ අවසරයක් නොමැතිව තානාපතිට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමට නොහැකි වන සේ විදේශ අමාත්‍යාංශයෙන් චක්‍රලේඛනයක් නිකුත් කොට ඇතිබව පෝෂිත පෙරේරා ප්‍රකාශ කළ බවයි.
විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ මහත්මිය මෙසේ කීවාය.
එහෙම දෙයක් අපි නිකුත් කරළා නැහැ. තානාපතිවරයකුට පුළුවන් මාධ්‍යත් එක්ක කටයුතු කරන්න. ඒක ඔහුගේ රාජකාරියේ කොටසක්. හැබැයි ඔහුට පුවත්පත් වලට ලිපි ලියන්න බැහැ. රජයේ රහස් දේවල් ආරක්ෂා කරන්නත් ඔහු බැඳී ඉන්නවා. ඒ හැරුණාම සාමාන්‍ය විදියට මාධ්‍යවේදීන් එක්ක කටයුතු කරන්න ඔහුට බාධාවක් නැහැ. ඉතාලි තානාපති කාර්යාලයයේ ගැටළු ඇති බව මෙයට පෙරත් අපි පුවත්පත් වලින් දැක්කා. නිලධාරිනුත් ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයොත් හොඳ අවබෝධයකින් කටයුතු කලොත් මේ වගේ අවාසනාවන්ත දේ නොවෙයි කියලයි මගේ පුද්ගලික අදහස. විදේශ කටයුතු අමාත්‍යංශයට ඕනෑම දෙයක් ලියන්න පුළුවන්. හැබැයි නිර්නාමිකව ලියන්න එපා. පුද්ගලිකව හරි සංවිධානයක් හරහා හරි ලියන්න. ඇමතිතුමත් නියෝජ්‍ය ඇමති තුමත් ඒ ගැන කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ තානාපතිවරුන් ගතකරන්නේ නිවාඩු ඔවුන්ගෙන් ඉටුවන සේවාවක් නැති තරම් මොන ආණ්ඩු ආවත් එයාලාගේ හිතවත්තු නෑදෑයෝ තමා මේවට යන්නේ ඉතින් පිටරටවලට යන අපිට අබ සරණයි. (ර)
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙවැනි දේ සිදුවන බව අප දනී. එහි සැලකිම අතින් බැලුහම වැදගත් මහත්වරුනම් එහි හමුවී නැත. (ම)
කොහොම වෙතත් ආසියාතික මිනිස්සු සූක්ෂම හොර වැඩ කරන නිසා සාධාරන මිනිසුන්ටත් යමක් කරගැනීමට ඇති අවස්තාව වැලකෙනවා. (නදී)
පොසිත කියන්නේ බොරුවට වැඩකරන සෝබන සහ අලස නිලදාරියෙක්. එයාගේ නෝනත් ඔතන වැඩ. වැඩ නොදනී.ඔක්කොම අවුල් කරනවලු ජෝඩුව එකතුවෙලා. (ස)
මමත් දුර ඉඳන් යන්නේ,හැබැයි කලින් කෝල් කරල අවශ්‍ය ලිපිලේඛන හදාගෙන.එතකොට ගැටලුවක් නැහැ. (ස)
ඉතාලියේ රෝම තනාපති සේවයේ වැඩ කිසි පිළිවෙලක් නැහැ. මිනිස්සුන්ව රස්තියාදු කරනවා. ජංගම සේවය කියල මිනිසුන්ගේ සල්ලි කඩා ගන්නේවා. වැඩේ කරලා දෙන්නේ නැහැ. (නදී)
යහපාලන විදේශ සේවය... (ස)
විදේශ දූත මණ්ඩලයකින් තම අවශ්‍යතාවන් ඉටු කරගන්නට යාමට පෙර ඒ හා සම්බන්ධ වෙබ් අඩවි මගින් හෝ විද්‍යුත් තැපෑල හෝ දුරකතන ඇමතුමක් මගින් තම කටයුත්ත ගැන නිවැරදි තොරතුරක් ලබා ගත යුතුයි. සමහර අවස්ථාවන්වල රජය විසින් පනවන නීතිරීති අනුව විවිධ වෙනස්කම් සිදුවී තිබිය හැකියි. තමන් විසින් කලින් කරගත්තේ මෙහෙමයි කියා හෝ තම මිතුරා කරගත්තේ මෙහෙමයි කියා නිලධාරීන්ට බැන වදින අය අප දැක තිබෙනවා. නමුත් ඔවුන් කිසි වග විභාගයකින් තොරව කටයුතු කරන්නන්. සමහරු විදේශයක තමන්ගේ තත්වය වටිනාකම සබදකම් පෙන්වමින් තම අවශ්‍යතාවන් සපුරාගන්නට උත්සාහ කරනවා. නිලධාරීන්ගේ පැත්තෙන් නිවැරදි තොරතුරු ලබා දීම හැකි ඉක්මනින් ඔවුන්ගේ කටයුතු ඉටුකරදීමත් සේවා ලාභීන්ට අවශ්‍ය මගපෙන්වීමත් කල යුුතුයි. දේශපාලන බලය හිසේ තබාගෙන විදේශ දූත මණ්ඩල කාබාසිනියා කල තත්වයක් තිබූ රටේ මේ තත්වය නැති වන්නට කාලයක් අවශ්‍ය වේවි. (නදී)
විදේශ සේවයේ ඉන්නේ පිස්සන් සහ පිස්සියන් වහාම අංගොඩ යවල බෙහෙත් අරන් දිය යුතුයි. සේවකයන්ට දැඩි ලෙස හිංසා කරන්නේ හිතාමතාම. දැනට අමාත්‍යංශයට ඇවිල්ල බලන්න විදේශ සේවයේ නෝනලගේ හැසිරීම. (නදී)
මම ඉතාලියේ අවුරුදු 25ක් වෙනවා. මේ වගේ එම්බසියක් මගේ ජීවිතේට දැකලා නැහැ (නි)
සමහර නිලධාරීන් දේශපාලනය බලයෙන් මත් වෙලා ඉන්නවා (මේ ඉතාලියට අදාලවම නොවේ). තමන් රැකෙන්න දේශපාලනය උපයෝගී කරගන්න බලනවා. තමන් දේශපාලකයන්ගේ ලගම ඥාතීන් හෝ මිතුරන් වාගේ තමා හැසිරෙන්නේ. ලංකාවට සේවය සලසන්න හොර පාරෙන් ආ බවවත් මතකයේ නැහැ. මහජනයාට සේවය නොකලත් රැකගන්න කවුරු හරි එයි කියන සිහිනයේ සිට නැති බලයක් පෙන්වනවා. නිලධාරීන්ට තමන් කල යුුතු රාජකාරී ගැන සහ මහජන සම්බන්ධතාවය ගැන නිසි පුහුණුවක් ලබැ දිය යුතුයි. කථා කිරීමට ඉගැන්විය යුතුයි. (නදී)
කිමී ගණනක් දුර ගෙවා ආ පළියට එම කාර්යය කෙසේ හෝ එදිනම නිමකළ යුතුයැයි කියා නියමයක් නැත. (නි)
මම කියන්නේ ප්‍රංශයේ තිබෙන තානාපති කාර්යාලය ගැන. දුරකථන ඇමතුමට උත්තර දෙන්නේ බොහොම කලාතුරකින්. මගේ වැඩකට දැන් කාලයක සිට වෙලාවක් ලබා ගැනීමට කෝල් කරනවා. නමුත් කිසි උත්තරයක් නැහැ. (නදී)
පිටිගල උඹ දන්නේ නැද්ද ඕකේ ඉන්න හැම කෙනෙක්ම යැපෙන්නේ අපේ සල්ලි වලින් කියලා. (නදී)
බලය පැවරීමේ සහතිකයක් ලබා ගැනීමට මිලානෝ සිට ගිය මා හට නම් එදින පෙරවරුවේම ඉතාමත් පහසුවෙන් එය ලබාගැනීමට හැකිවුණා. (නි)
මෙය සත්‍ය වෙන්න ගොඩක් දුරට පුළුවන්, මොකද මගේ දරුවන්ගේ ලිකියවිලි නිසි පරිදි සකස් කර වෙන කෙනෙකු මාර්ගයෙන් අදාල සහතික ලබා ගැනීමට දෙවරක් උත්සහ කරත් ව්‍යත් විය. තානාපති කාර්යාලයට යන්නේ අවශ්‍ය කාර්ය එදිනම ඉටු කරගැනීමේ බලාපොරොත්තුවෙන් , දින දෙක තුන යාමට ඕනෑම පුද්ගලයකුට තම රාජකාරි තත්වයන් අනුව නොහැකිය.එමනිසා තානාපති කාර්යාලයේ සේවය කරන සියලුම දෙනා මීට වැඩ සැලකිලිමත් වී වඩා කාර්යක්ෂම සේවයක් ඉටු කරන්න. (අ)
ජනතාව තානාපති කාර්යාල වලින් සේවයක් බලා පොරොත්තු වීම වැරදියි. ඒගොල්ල අනුකම්පා කරලා අපිට යමක් කරලා දුන්නු පලියට තානාපති කාර්යාල වලින් ජනතා සේවය ඉල්ලා හිටීම වැරදියි..(නදී)
අපි ටි .වී . එකේ දැක්කා රටවල් 30 කට තානාපති සේවය සදහා නිලධාරීන් ජනාධිපති අතින් පත්වීම් ලබා ගන්නවා. ඒ අයට හොද දේශනයකින් සංග්‍රහ කන්නත් ජනාධිපතීතුමා අමතක කලේ නැහැ. එතුමා එම නිලධාරීන්ට කිවේ තානාපතී සේවය කියන්නේ තමාට විවේක සුවයෙන් ඉන්න දෙන තනතුරක් නොව රටට වැදගත් සේවයක් කරන තනතුරක් බව ? ඉතාලියට එන තානාධිපතිවරයා විශේෂයෙන් අවබෝද කරගත යුතුයි මේ රටේ සේවය කරන ශ්‍රී ලාංකික යන්ගේ ප්‍රශ්න හොදින් තේරුම් ගෙන ඒ අයට උපරිම සේවයක් ලබාදෙන්ට? අපේ බලා පොරොත්තුවත් ඒකයි. නැතුව ආපු අලුත වැඩ පෙන්නලා පස්සේ මිනිස්සුන්ට එපා වෙන විදියට වැඩකරන්න යන්න හොද නැහැ ?එහෙම දේවල් මිට කලින් සිද්ධ උනා. (නදී)
ඔය තානාපති කාර්යාලයේ උන් පාර්ට් ටයිම් කරන්න යනවා (බ)
බොහෝ තානාපතිවරු ආපසු කැඳවීම හේතුකොටගෙන එම කාර්යාල අවුල් විඇත. අප්‍රිකාවේ දකුණු දිග පැත්තේ කාර්යාලයක ඉහල නිලධාරීන් රජයේ වාහන වලින් ජිම් වලටත් හැමදාම සාප්පු සවාරි යන්නෙත් හිතේ හැටියටලු. (නදී)
ඔය කොලු ගැටය හිතන විදියට බැලුවොත් ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙක්ගේ ලියවිලි අරන් ගිහින් ඕනෑම වැඩක් කරගන්න පුළුවන් නේ. ඔය කොල්ලට කියන්න ඕන එයාගේ යාළුවගේ බැංකු ලියකියවිලි අරන් ගිහින් ඉතාලි බැංකුවකින් ණයක් අරගන්න ඔයවගේ උත්සහ කරලත් බලන්න කියලා. සුනකයෙක් වගේ හැරිලා එන්න වෙන විදිය බලාගන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් යාළුවගේ පාස්පෝර්ට් එක අරන් ඉතාලි ගුවන් තොටුපොළට ගිහින් ලංකාවට එන්න බලන්න කියලා. මෙතන කොල්ල වැරදි වැඩක් කල බව ඔහු හිතන්නේ නෑ. හැබැයි ඒ වගේම ඔය ගොඩක් රටවල ඉන්න තානාපති නිලදාරිනුත් වැඩ කරන්නේ, කතා කරන්නේ මුඩුක්කු භාෂාවෙන් (නදී)
ඉතාලියේ විතරක් නෙවෙයි හැම තැනම තානාපති කාර්යාලවලට බහුතරයක් සුදුසුකම් නැති දේශපාලක හිතවතුන් තමයි ජනවාරි 8 ට කලින් තිබුණ කාලයේ පත් කලේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාර්යාලය මිට දෙවැනි නැහැ. කවුන්ටරයේ ඉන්නවා මෙලෝ රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් නැති පණ්ඩිතයෙක් . (ම)
රැකියා ස්ථානයෙන් නිවාඩු ගැනීමට අපහසු තම හොඳම මිතුරාගේ අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහා ලියැවිලි ඉදිරිපත් කළත් එය ඉදිරි කවුළුවේ සිටි නිලධාරිනිය ප්‍රතික්ෂේප කිරීම මෙම ආරවුලට හේතුව වී ඇත. අාපු එකාට ගාන ගන්න බැරි වෙන එකනේ ප්‍රශ්නේ.(නදී)
ලංකාවේ රජයේ වැඩ කරන ක්‍රමයට විදේශ වල වැඩ කරන්න බැහැ. ඉතාමත්ම කාර්යක්ෂම වෙන්න ඕනි.(නදී)
අපේ එම්බසියේ වැඩ මිනිස්සුන්ට බල්ලන්ට සලකනවා වගේ. ශ්‍රී ලංකික කමක් නැහැ තනිකරම පගාවට වැඩ කරන්නේ. එතන ඉන්න කට්ටිය වැඩ දන්නේ නැති හෙමින් වැඩ කරන අයයි (නදී)
ඔය ඉන්නේ යහපාලන පරපෝෂිතයෙක් .(අ)
තානාපති සේවයට එන අය පුහු මාන්නෙන් ඉදිමිලා ඔතන වැඩ කරපු පියුන් කෙනෙක් මෙහෙම කිව්වා (නදී)
මම අසා ඇති විදියට නම් පෝෂිත කියන්නේ අවංක නිලධාරියෙක් (ම)
පළමු වතාවට තානාපති කාර්යාලයකින් රටේ පුරවැසියෙක් පාවා දෙනවා (නදී)
දුරකතනයට සම්බන්ද වී තානාපති කාර්යාලයෙන් යමක් දැනගැනීම ඉතාමත් අපහසුයි (නදී)
නිකම් මාධ්‍යට බොරු කියලා ඉල්ලන් කෑවා නේද පෝසිත? හරියට තමන්ගේ වැඩේ කරන්න දැන්වත් ඉගෙන ගන්න. සෝබන නැතිව. (අ)
දුර ඉඳල ආවා කියන කාරණයට මුලිකත්වය දී කටයුතු කලයුතුයි. එහෙත් අවශ්‍ය ලියකියවිලි තිබීම අත්‍යවශ්‍යයි. ඒවායේ අඩුපාඩු තිබේනම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. නිලධාරීන්ට නීතියට පිටින් කටයුතු කල නොහැකියි. එවැනි අඩුපාඩු සහිතව ලියවිලි ගැන කටයුතු නොකලේ යැයි නිලධාරීන්ට බැනීම වැරදියි. එමෙන්ම මෙතැනදී නිලධාරිනිය අකාරුණික වීම වැරදියි. නිලධාරීන් මහජනතාව ගැන සිතා කටයුතු කලයුතුයි.(නදී)
මේ තනාපති කාර්යාලයේ ඉන්නේ කවුද කියල අපි දන්නවා. රියදුරු බලපත්‍ර මුල් වතාවේ බාර දෙනකොට අයිති කරු අනිවාර්යෙන්ම යන්න ඕනේ එහෙම යන්නේ නැතුව යුරෝ 300ක් අරන් හදලා දීපුවා තියනවා මමත් ඉන්නේ ලිපි ලේඛන සමග ලංකාදීප පත්‍රයට දෙන්න (අ)
වැඩ ගැන කුණු පිරිලා තියෙන ගෙවත්තෙන් උනත් පෙනෙනවා (නදී)
සුමනසේකර ඇයි නෝන එතන වැඩ කරපුවාම මොකද වෙන්නේ.? අපේ බොහෝමයක් ඇමැතිවරුන්ගේ නෝනලත් ඇමැති කාර්යාලයේම වැඩ කරන්නේ. රට යන විදිහට තමයි පොඩි උනුත් යන්නේ. (නදී)
අපි යහපාලනයෙන්, විදේශ තානාපති සේවයත් මෙහෙම වෙයි කියල බලාපොරොත්තු උනේ නැහැ බැලුවම ඔක්කොම තානාපති සේවයේ ඉන්නේ දේශපාලුවන්ගේ නෑදෑයෝ? එම්බසියට යන්න කලින් කෝල් එකක් දාල විස්තර දැනගන්න බැහැ අනේ විදේශ වල ඉන්න අපිට අබ සරණයි? (නදී)
ඉඟුරු මිරිස් වැනි නොමැත වෙනසක් (නදී)
මට නම් ඕක පිළිගන්න අමරුයි. මොකද මම සතියකට කලින් මිලානෝ ඉඳලා වැඩක් කරගන්න අපේ ශ්‍රී ලංකා එම්බසියට පුතාත් සමග ගියා. ඒ වැඩේ ඉක්මනට කෙරුණා. එ් විතරක් නෙවේ අනෙත් අයගේ වැඩක් ඉක්මනට කරනවා මම දැක්කා. (නදී)
ඉතාලියේ ඉඳ ගෙනත් කාර්යක්ෂම සේවයක් දෙන්න බැරි හැටි. ඇයි දෙයියනේ වැඩක් කරගන්න කාර්යාලයටම යන්න ඕනද ? (නදී)