මෙයට වසර 20කට පෙර ගෘහ සේවා රෑකියාවට ඉතාලියට පෑමිණ අද වනවිට සේවකයන් අසුවක් සමග ආයතන තුනක හිමිකාරිත්වය දරන ශ්‍රි ලාංකික ව්‍යාපාරික යුවලක් බ්‍රේසියා නුවර සිටිති.
නිට්ටඹුව කිරිදිවැල ආනන්ද කුමාර සමරතුංග හා නිලන්ති රේණුකා ගමගේ තමන්ට අයත් පුලි සිස්ටම්, ලුක් සිස්ටම්, නින් ෆෙයා ආයතන තුනේ සේවකයින් සදහා සුහද හමුවක් පසුගියදා පැවැත්වූහ.
‘මමත් මගේ නෝනත් 1992 ස්විස්ටර්ලන්තයට ආවා. 94දි තමයි ඉතාලියට ආවේ. 98වෙනකම් ගෙවල්වල සාමානය රැකියා කළා. ඉන් පස්සේ අපි දෙන්නා තනියම මේ ව්‍යාපාරයට අත තිබ්බා.
2000 වෙනකොට හතර දෙනෙක් අප ළග වැඩ කළා. අද හැත්තෑවකට වැඩි පිරිසක් ඉන්නවා. මේ අය ඔක්කොම අපේ රටේ අය. ඉතාලියට අලුතෙන් එන අයට භාෂාව බැහැ. ඒ වගේම රැකියාවක් කරන්න අත්දෑකිම් නැහැ.
මම ඒ වගේ අයට රැකියා දෙනවා. ණයතුරුස් ගෙවා ගන්න දරු පවුල අම්මා තාත්තා නඩත්තු කරන්න ඔවුන්ට ලොකු සහනයක් ඒක. මගේ නෝනා තමයි ආයතයේ ප්‍රධානියා. මම කරන්නේ සේවකයින්ට වෑඩ පවරන එක විතරයි. ‘ ආනන්ද සමරතුංග මහතා එසේ කියයි.
‘ ලංකාවේ අයත් එක්ක වැඩ කරන එක ලෙසි නැහැ. මම ටිකක් තදින් ඉන්නවා. මොනවා උනත් අපි යටතෙ ඉන්න සේවක මහත්තුරුන්ගේ කැප කිරිම නිසා තමයි මේ ආයතනය දිනෙන් දින ඉදිරියට යන්නේ. මේ හෑමදෙටම අපිට මග පාදලා දුන්න ජර්මනියේ ෆරයිබුක්වල ඉන්න ගිතිකා චාන්දනි සමරකොන් අපේ අක්කට අපි ස්තුතිවන්ත වෙනවා. නිලන්ති රෙණුකා මහත්මිය එසේ කියන්නීය.
‘මගේ පවුලේ ආර්ථික අපහසුකම් තියෙන අයට පිටවෙලා ඉන්න ඔනේ අනික් අය දිහා බලන්න ඉස්සර. ඉන් පස්සේ මම සමාජයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා.
ආයතන සේවකයෙක් වන පුෂ්ප රෝහණ රත්නායක මෙසේ කියයි. මම මෙතෙන්ට ඈවිත් අවුරුදු එක හමාරයි. සේවක හාම්පුතුන් අතර හොද බැදීමක් තියෙනවා. මාසයකට සෑරයක් රෑස්විමක් තියෙලා කියන්නේ මේක තමුන්ගේ ආයතනය කියලා හිතන්න කියලයි. ගෙවිම් හුගක් හොදයි.
සමහර ඉතාලි ආයතන වල පවා නොගෙවන 13 වැනි 14 වැනි වැටුප් පවා අපිට ගෙවනවා. ඊට අමතරව සේවකයින්ට මරණාධාර සමිතියක් පවා මෙ ආයතනයේ තියෙනවා. නුවන් හරින්ද ආනන්ද සමරතුන්ග මහතා යටතේ සේවය කරන්නෙකි.
ඈතෑම් ඉතාලි ආයතන වල නොමෑති තරම් පහසුකම් හා ගෙවිම් අපිට තියෙනවා. ඒ වගෙම මෙහෙ තියෙන ආගමික හා පොදු වෑඩවලදි අපේ ආයතන කණ්ඩායම් වශයෙන් ගිහින් උදව් කරනවා. එල්ලෙ ක්‍රිඩාව ඉතාලියෙ ව්‍යාප්ත කරන්නටත් ආනන්ද මහත්තයා ලොකු කෑපකිරිමක් කරනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාර්මිකව ඉන්නවානම් ලොවේ කෝ හිටියත් සතුටින් ඉන්න පුළුවන්. (ධම්මේ හවේ රක්කති ධම්ම චාරී) (අ)
ඔබ ආයතනය දිනෙන් දින දියුණුවට පත් වේවා කියා පාර්ථනා කරමි.(ත)
නියමයි. ඔබ නම් දිරිය යුවලකි. අපට ආඩම්බරයකි.(ත)
කොහේ කෙනෙක් ද (අ)
ලංකාවට සත පහක වෙඩක් නැහැ (අ)
දිරිය ලක් දරුවන්!!! ලක්මව බබලවන්න තවතතවත් ශක්තිය ලැබේවා!!! මමත් එකඟයි ඒඅය කියන කතාවට, අපේ සමහර අය උදව් පදව් කරනවිට හිතන්නෙ ඒක ඒ අයගේ අයිතිවසිකම් විදියට. හැමෝම නෙවෙයි. (ත)
මට මේ කෙනාගෙන් රස්සාවක් ඉල්ලගන්න බැරිද දන්නේ නෑ. මමත් ආසයි ඉතාලියට යන්න (අ)
ආනන්ද කුමාර සමරතුංග මහත්මයා ඔබ හරි.ලංකාවේ කට්ටියත් එක්ක වැඩ කරන එක ලේසි නෑ තමා (අ)
දරු පවුල් 70 සුරක්ෂිත කරන මේ උත්තමය මුළු ලංකාවටම ලොකු ආඩම්බරයක් . ඔබට තව තවත් සෞභාග්‍ය උද වේවා...(අ)
ඔබ දෙපලටම ගොඩක් පින් , (අ)
ආදරණීය මල්ලි, නංගි ඔබ දෙපළ මෙතෙක් ආපු ජීවිත ගමන තව තවත් සාර්ථක වීමටත් ඔබ දෙපළගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වීමටත් හදවතින්ම සුබ පතන්නේ ඔබලාඟේ ආදරණීය අක්කා වන ගීතිකා චාන්දනි සමරතුංග - ෆ්‍රයිබූග්, ඡර්මනිය.(නදී)
සුභ පැතුම් ! (නදී)
පින්වත, ඔබ මේ දෙස මුදිතාවෙන් බලන්න. එය ඔබේද දියුණුවට හේතුවේ. මේ සැමට තෙරුවන් සරණ හා දෙව් පිහිට වේවා (අ)
මෙලෝ වැඩක් නැති කෙනෙක් (අ)
සන්තෝසයි ඇත්තමයි (දී)
සුභ පැතුම් (දිල්)