රෝමයේ ගුවන් ටිකට් අලෙවි ආයතනයකින් මිලදි ගත් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් වලින් ශ්‍රී ලංකාවට යෑමට ආ තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ටිකට් ව්‍යාජ ඒවා බව ඉතාලියේ ගුවන් බලධරයෝ කියති.
රෝමයේ කිත්සිරි පතිරගේ මහතා කියනුයේ තම බිරිදට නිකුත් කළ ගුවන් ටිකට් පත තමන් ඉතාලි නිතිඥයකුට බාරදුන් බවත් ඒ අනුව එම ආයතනයට විරුද්ධව ඉදිරියේදි නිතිමය කටයුතු සිදුවන බවත්ය.
මෙම ගුවන් ටිකට් පත් වංචාවට හසු වු ඉතාලිය පුරා විසිරි සිටින ශ්‍රි ලාංකිකයින්ට ඔහු කියා සිටිනුයේ 3293125681 දුරකථන අංකයට කතාකොට තමන් සමග එක්වන ලෙසයි.
එක් ඒජන්සිකරුවකු එසැණට කියා සිටියේ තම ආයතනය මගින් නිකුත් කළ ටිකට් පත් කිහිපයක අඩුපාඩු සිදු වු බවත්,කොටි ගණනක් වංචා කැර රෝමයෙන් අතුරුදන් වු බව කියන ඒජන්සිකරුවන් මෙන් තමන් මේ ප්‍රශ්නයේදි පැන නොයන බවයි.
අඩුපාඩු සිදු වු ගුවන් ටිකට් පත් සදහා නැවත මුදල් ගෙවන බවද ඔහු එසැණට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඒජන්සි කරුවන්ට බලතල දෙනකොට ඩිපොසිට් එකක් ගත්තේ නැද්ද? කවුද පත්වීම දුන්නේ?(නදී)
ඇත්ත වශයෙන්ම මේ රටට ආදරය කරන ,වරද කරපු එකාට පමණක් නොව එයාට ආදාර සහ අනුබල දුන්, එමෙන්ම තමන්ගේ වගකීම පැහැර හරින අයටත් උපරිම දඬුවම් දෙන යුද සෙනෙවියෙක් යුද හමුදාව තුලින් හෝ මේ රට පාලනයට බිහි වේවා. නැතිව මේ නරුමයන් මෙල්ල කල නොහැක.(නදී)
නිමල් ලලිතා,හැබැයි ඉස්සර නම් හමුදාවට දොස් කිව්වා නේද? (නි)
මමත් අහුවෙලා ඉන්නේ (නි)
බලයට එන්න කලින් කවුරුත් අවංකයි. බලයට ආපසු කලින් තිබු අවංක කම ඉබේම නැතිවී බඩගෝස්තර වාදයත් රට කෑමත් ඉස්මතුවේ. යුධ සෙනවියන් පැමිණියත් වෙන්නේ මෙම දේමය. අපිට ගොඩක් පාඩම් දැකිය හැක. ලෝකයේ යුධ රජයන් පැමිණි අද ලෝකය ගමන් කරන්නේ මෙසේය. විශේෂයෙන් 3 වන ලෝකයේ රටවල් මෙසේය. මෙය ලංකාවට පමණක් ආවේනික වු දෙයක් නොවේ. සමහරු රට හදන ගමන් තමනුත් හැදෙති. සමහරු රට නොහදා තමන් පමණක් හැදෙති . තවත් සමහරු රටත් නැති කර තමනුත් නැතිවේ . දුෂණය නැති රටක් නොමැතිය. බටහිර රටවල ඇමෙරිකාව තුලද රජයේ මැති ඇමති වරු මෙන්ම නිලදාරීන් ද දුෂණය කරති .(නදී) මේවා අපේ රටට පමණක් අවේනික දෙයක් නොවේ . අපි නිදහස ලබා ගත දවසේ සිට අප එක එක රජයන් බලයට පත් කරන්නේ සිටපු රජයන් නරකය කියා . එහෙත් ආපු සේම රජයක්ම එකහා සමානය . අද එළියේ කේ ගසන අය හෙට බලයට ආවොත් සිදුවන්නේ මෙයමය . අනිවාර්ය මෙයය් . අනික් අයගේ දුෂණ ගෙන කියන අපිද දුෂණය ට සම්බන්දය .
දැන්වීම් වලට වියදම් කරන සල්ලිත් අපරාදේ බලනකොට. පාලනයේ වැරදි මේවා. (නි)
යුරෝ 10 ක හෝ 20 ක ලාබයක් නිසා මෙවැනි හොර මගඩින්ට අපේ ලාංකිකයන් ඇසුවේ . ශ්‍රී ලන්කන් ගුවන් සේවයට දොස් නැගීම වැරදිය . මේ අතරමැදි ඒජන්ත කරුවන් කිසිවෙක් ලියා පදිංචි අය නොවේ . ඉතාලියේ සිටින විට බොහෝ පහසුවෙන් අන්තර ජාලය මගින් තමන්ගේ ගුවන් බලපත ඉතා ලෙහෙසියෙන් අඩුම ගණනට සහ ආරක්ෂිතව ගැනිමට පුළුවන .(අ)
අපේ මිනිස්සු දැන දැනත් යන්නෙ හොර ටිකට් ඒජන්සිකාරයෝ ගාවටමයි. අද බැනලා හෙටත් කරන්නෙ ඒ ටිකම තමා (නි)
ටිකට් පතෙන් නොවෙයි සමහර රටවල ලංකා පාස්පෝට් ගන්න කොටත් සංතෝශම් දෙන තත්වයක් තියනවා නේද?, ඒ ඒ රටවල තානාපති නිලධාරීන් සොයා නොබලන්නේ නම් හෝ මේවාට සම්බන්ධ නම් නැවැත්වයි හැකි නොවේද? විදේශ අමාතයාංශය සොයා බැලිය යුතුයි.(නදී)