IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉතාලි ගුවන් ටිකට් මගඩියට තවත් අය අසුවේ

රෝමයේ ගුවන් ටිකට් අලෙවි ආයතනයකින් මිලදි ගත් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් වලින් ශ්‍රී ලංකාවට යෑමට ආ  තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ටිකට් ව්‍යාජ ඒවා බව  ඉතාලියේ ගුවන් බලධරයෝ කියති.

රෝමයේ කිත්සිරි පතිරගේ මහතා කියනුයේ තම බිරිදට නිකුත් කළ ගුවන් ටිකට් පත තමන් ඉතාලි නිතිඥයකුට බාරදුන් බවත් ඒ අනුව එම ආයතනයට  විරුද්ධව ඉදිරියේදි නිතිමය කටයුතු සිදුවන බවත්ය.

මෙම ගුවන් ටිකට් පත් වංචාවට හසු වු ඉතාලිය පුරා විසිරි සිටින ශ්‍රි ලාංකිකයින්ට ඔහු කියා සිටිනුයේ 3293125681 දුරකථන අංකයට කතාකොට තමන් සමග එක්වන ලෙසයි.

එක් ඒජන්සිකරුවකු එසැණට කියා සිටියේ තම ආයතනය මගින් නිකුත් කළ ටිකට් පත් කිහිපයක අඩුපාඩු සිදු වු බවත්,කොටි ගණනක් වංචා කැර රෝමයෙන් අතුරුදන් වු  බව කියන ඒජන්සිකරුවන් මෙන් තමන් මේ ප්‍රශ්නයේදි පැන නොයන බවයි.

අඩුපාඩු සිදු වු ගුවන් ටිකට් පත් සදහා නැවත මුදල් ගෙවන බවද ඔහු එසැණට පැවසීය.

 

 



අදහස් (0)

ඉතාලි ගුවන් ටිකට් මගඩියට තවත් අය අසුවේ

කුමාර Friday, 06 September 2013 11:14 AM

මෙම ඒජන්සි කරුවන්ට බලතල දෙනකොට ඩිපොසිට් එකක් ගත්තේ නැද්ද? කවුද පත්වීම දුන්නේ?(නදී)

:       0       0

නිමල් ලලිතා Friday, 06 September 2013 11:32 AM

ඇත්ත වශයෙන්ම මේ රටට ආදරය කරන ,වරද කරපු එකාට පමණක් නොව එයාට ආදාර සහ අනුබල දුන්, එමෙන්ම තමන්ගේ වගකීම පැහැර හරින අයටත් උපරිම දඬුවම් දෙන යුද සෙනෙවියෙක් යුද හමුදාව තුලින් හෝ මේ රට පාලනයට බිහි වේවා. නැතිව මේ නරුමයන් මෙල්ල කල නොහැක.(නදී)

:       0       0

සෙනරත් Friday, 06 September 2013 12:20 PM

නිමල් ලලිතා,හැබැයි ඉස්සර නම් හමුදාවට දොස් කිව්වා නේද? (නි)

:       0       0

දයාල් Friday, 06 September 2013 12:33 PM

මමත් අහුවෙලා ඉන්නේ (නි)

:       0       0

කුමුදු මේනකා Friday, 06 September 2013 12:58 PM

බලයට එන්න කලින් කවුරුත් අවංකයි. බලයට ආපසු කලින් තිබු අවංක කම ඉබේම නැතිවී බඩගෝස්තර වාදයත් රට කෑමත් ඉස්මතුවේ. යුධ සෙනවියන් පැමිණියත් වෙන්නේ මෙම දේමය. අපිට ගොඩක් පාඩම් දැකිය හැක. ලෝකයේ යුධ රජයන් පැමිණි අද ලෝකය ගමන් කරන්නේ මෙසේය. විශේෂයෙන් 3 වන ලෝකයේ රටවල් මෙසේය. මෙය ලංකාවට පමණක් ආවේනික වු දෙයක් නොවේ. සමහරු රට හදන ගමන් තමනුත් හැදෙති. සමහරු රට නොහදා තමන් පමණක් හැදෙති . තවත් සමහරු රටත් නැති කර තමනුත් නැතිවේ . දුෂණය නැති රටක් නොමැතිය. බටහිර රටවල ඇමෙරිකාව තුලද රජයේ මැති ඇමති වරු මෙන්ම නිලදාරීන් ද දුෂණය කරති .(නදී) මේවා අපේ රටට පමණක් අවේනික දෙයක් නොවේ . අපි නිදහස ලබා ගත දවසේ සිට අප එක එක රජයන් බලයට පත් කරන්නේ සිටපු රජයන් නරකය කියා . එහෙත් ආපු සේම රජයක්ම එකහා සමානය . අද එළියේ කේ ගසන අය හෙට බලයට ආවොත් සිදුවන්නේ මෙයමය . අනිවාර්ය මෙයය් . අනික් අයගේ දුෂණ ගෙන කියන අපිද දුෂණය ට සම්බන්දය .

:       0       0

රෝයා Friday, 06 September 2013 01:24 PM

දැන්වීම් වලට වියදම් කරන සල්ලිත් අපරාදේ බලනකොට. පාලනයේ වැරදි මේවා. (නි)

:       0       0

මේනකා Saturday, 07 September 2013 11:14 PM

යුරෝ 10 ක හෝ 20 ක ලාබයක් නිසා මෙවැනි හොර මගඩින්ට අපේ ලාංකිකයන් ඇසුවේ . ශ්‍රී ලන්කන් ගුවන් සේවයට දොස් නැගීම වැරදිය . මේ අතරමැදි ඒජන්ත කරුවන් කිසිවෙක් ලියා පදිංචි අය නොවේ . ඉතාලියේ සිටින විට බොහෝ පහසුවෙන් අන්තර ජාලය මගින් තමන්ගේ ගුවන් බලපත ඉතා ලෙහෙසියෙන් අඩුම ගණනට සහ ආරක්ෂිතව ගැනිමට පුළුවන .(අ)

:       0       0

සම්පත් Friday, 06 September 2013 10:54 PM

අපේ මිනිස්සු දැන දැනත් යන්නෙ හොර ටිකට් ඒජන්සිකාරයෝ ගාවටමයි. අද බැනලා හෙටත් කරන්නෙ ඒ ටිකම තමා (නි)

:       0       0

අරුණ ද සිල්වා Friday, 06 September 2013 03:56 PM

ටිකට් පතෙන් නොවෙයි සමහර රටවල ලංකා පාස්පෝට් ගන්න කොටත් සංතෝශම් දෙන තත්වයක් තියනවා නේද?, ඒ ඒ රටවල තානාපති නිලධාරීන් සොයා නොබලන්නේ නම් හෝ මේවාට සම්බන්ධ නම් නැවැත්වයි හැකි නොවේද? විදේශ අමාතයාංශය සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site