ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති ඉතාලියේ වෙනෝරා නගරයේ කොටුකළ පවුර අසල සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි ශ්‍රී ලංකිකයින් පිරිසක් හිස් කළ මත්පැන් බෝතල්,දුම්වැටි හිස් පැකට්, තැන තැන දමාගොස් ඇත.
එකොලොස් වන සහ දොලොස්වන ශත වර්ෂයට අයත් බව කියන මෙම ඉපැරණි බැම්ම නැරඹීමට දහස් ගණන් දුර ගෙවා විවිධ ජාතීන් පැමිනෙන බව කියතිි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉඳල පිටරට වලට යන සමහර අය ලංකාවේ තියන කැත පුරුදුත් අරගෙනම තමයි යන්නෙ. (ම)
පසු ගිය කාලේ අපේ අග නගරය ඉතා ක්‍රමානු කුලව පාලනය වුණා අපි පාරේ කොළ කැල්ලක් දැම්මේ නැහැ පිරිසිදුවට තිබුණ නිසා කවුරු කලත් සමාජයට හොඳ පැවැත්මක් තිබුණා (ම)
අනේ ඉතින් ලංකාවේ අය කොහේ ගියත් ලංකාවේ නම කැත කරනවා (හේ)
ආරේ ගුණ නෑරේ. (හේ)
ඉතාලි පමණක් නොව අනිත් රටවල ඉන්න අපේ අයත් ඊට දෙවෙනි නැහැ. ගිය තැන ඉවරයි (නි)
ඕක ජන්ම ගතිය. කොහේ ගියත් සටහනක් තියා එන්නේ එ්කයි. (නි)
පුරුද්ද... පේන්නෙ නැද්ද ලංකාවේ පාරවල්, කෝච්චි පාරවල් දෙපැත්ත විනාශ කරලා තියෙන හැටි (නි)
ලංකාවේ අධ්‍යාපන ක්රමයේ වැරදි. සංස්කෘතියේ වැරදි. සුද්දෝ ඇවිල්ලා අපිට උගන්නපු දේවල් ඒ රටවලට ගිහිල්ලා කරන්න ඕනෑ කියලා හිතාගෙන ඉන්නවද? (නි)
ලංකාවෙන් ගෙනිච්ච ගල් බෝතල්ද එතන දාලා ගිහින් තියෙන්නේ? (නි)
මෙවන් සිද්ධීන් ඉතා බහුලයි දැන්, වෙරෝනා ඇතුළු අනෙක් නගරවලත්. පාරක අවිධිමත් විදියට වාහනයක් නතර කරලා තිබුනොත් සියයට අනුවක්ම ඒක ලංකාවේ කෙනෙකුගේ. ලංකාවෙන් අරගෙන ආ පුරුදු ඒ විදියටම කරගන යනවා කිසිම හිරිකිතයක් නැතුව. (නි)
මෙතන මහා කුණුගොඩක් ලංකාවේ මිනිස්සු විතරක් නොවේ හැමෝම කුණු තැන තැන දමනවා මම දැකල තිබෙනවා ,(රේ)
අපේ අයියලාට ලෝක උරුම ගැන මොන වටිනාකමක්ද? බෝතලේ තමයි ලොකුම උරුමය. ඉතාලිය වගේ රටකට පයගහන්න හෝ වාසනාවක් ලැබුන එක ගැන නොසිතා ඒ රටේ පරිසරයත් වනසනවා. අනේ ඇත්තටම මෙහෙමත් මිනිස්සු? (නි)
" ආරේ ගුණ නෑරේ" කියලා කියන්නේ කට කහනවටද? (නි)
මුළු ඉතාලියේ බොහෝ තැන් කොහොම වුණත් රෝමයේ ඇතැම් වීථි වල කුණු ගොඩගැසී තිබීම නම් සුලබ දෙයක්. කුණු ප්රශ්නය අපේ රටට පමණක් පොදු ප්‍රශ්නක් නොවෙයි. ප්රශ්නය නම් ඉතාලියේ කාර්මික දියුණුව අතින් අපේ රට තියෙන්නේ සෑහෙන පසුපසින්. (නි)
අපේ අයට කොහේ ගියත් කැත පුරුදු අතහරින්න බැහැ (නි)
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඕකට තමයි (නි)
හැමෝම කුණු තැන තැන දමන නිසා, ද සිල්වා බර්ලිනුත් කුණු හැමතැනම දමා යන්න ඇති. ආදර්ශමත් වන්න! තමන් ආ රටේ නම කැතකරන්න එපා (නි)
ලංකාවේ පාරවල් දෙපැත්තේ බලන්න මොනතරම් කුණු දාලා තියනවද කියලා. ඒවා දාලා තියෙන්නේ සුද්දෝ වෙන්න ඇති (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)